( තිළිණි ද සිල්වා)
කොරෝනා හමුවේ පීඩාවට පත් සංචාරක ක්ෂේත්‍රයේ පුද්ගලයින්ගේ ණය සහනය කාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීම රජය පියවර ගෙන ඇත.
ඒ අනුව එම ණය සහනය ලබන දෙසැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කර ඇතැයි සංචාරක අමාත්‍යාංශය කියා සිටී.
මේ වනවිට හෝටල් ක්ෂේත්‍රයේ මිලියන 300 කට වඩා ණය ප්‍රමාණයක් පවතින බවත් බහුතර පිරිසක් වාණිජ බැංකු හරහා මෙම ණය ලබා ගෙන ඇති බැවින් වාණිජ බැංකු ද දැඩි පීඩනයකට ලක්ව සිටින බව සංචාරක අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
මෙම වාණිජ බැංකුවල ණය පියවීම සඳහා ලෝක බැංකුවෙන් හෝ ආසියානු සංවර්ධන බැංකුවෙන් සහනදායි ණයක් ලබා ගන්නා ලෙස සංචාරක අමාත්‍යංශය මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇතැයිද ඒම අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
පසුව අදාළ මුලු ණය ප්‍රමාණයම නැවත අලුත් ණයක් ලෙස අදාළ වාණිජ බැංකුවල ලියාපදිංචි කරවිය හැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය.
COMMENTS