ඉන්දිකා රාමනායක
සංචාරක අධිකාරියේ සේවය කරන සේවිකාවක් පරීක්ෂණයක් සඳහා කොල්ලූපිටිය පොලිසිය බාරයට ගනු ලැබීය.
ආරක්ෂාව සම්බන්ධයෙන් තහවුරු නොකළ තොරතුරු ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ මානව සම්පත් හා පරිශ‍්‍ර කළමනාකාර අධ්‍යක්ෂවරයා විසින් යැවූ අභ්‍යන්තර ලිපියක් සමාජ ජාලා වෙත මුදාහැරි යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාරිය පොලිස් බාරයට ගෙන ඇත.
සැකකාර කාන්තාව එම ලිපිය ඡායාරූප ගත කර මුදා හැර ඇති බව පොලිසිය පවසයි.
බදුල්ල දළදා ඇල ප‍්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව වෙනත් ආයතනයක් මගින් සංචාරක සංවර්ධන අධිකාරිය වෙත සේවයට යොදවා සිටි කාන්තාවක් බවද පොලිසිය කියයි.
මෙම කාන්තාව පොලිසියට කැඳවා ප්‍රශ්න කිරිමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම කාන්තාව කරලා තියෙන්නේ හොද වැඩක්. සරත් ෆොන්සේකා මැතිතුමා කියුවා වගේ අනතුර කෙසේවත් පහව ගොස් නොමැත. එයට සූදානම් වීම සහ දැනුවත් වීම සහ අනුන් දැනුවත් කිරීම වරදක් වුනේ කොහොමද ? මෙම කාන්තාව බොරුවක් පතුරා නොමැත. එතුමිය ප්‍රසිද්ද කර ඇත්තේ සත්‍ය ලිපියක්