IMG-LOGO

2025 පෙබරවාරි මස 07 වන සිකුරාදා


‘සාගර කේන්ද්‍රස්ථානයක් වීමේදී ශක්තිමත් බාහිර සම්බන්ධතා වැදගත්’

(හර්ෂණ තුෂාර සිල්වා)

සාගර කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ ඉලක්කය සපුරාගැනීමේදී බාහිර ලෝකය සමඟ ශක්තිමත් සබඳතා ඇති කරගැනීම ඉතා වැදගත් යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය. 

මාතර හක්මන ඉදි කරන ලද ඇමෙරිකානු පියස විවෘත කිරීමේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් අමාත්‍ය මංගල සමරවීර මහතා එම කරුණු සඳහන් කළේය. 

විවිධ වැඩසටහන් සහ වැඩමුළු තුළින් ශ්‍රී ලාංකිකයන් සහ එක්සත් ජනපද ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීම ‘ඇමෙරිකානු පියස’ මඟින් සිදු කෙරේ.

රුපියල් මිලියන 18ක වියදමින් ඉදි කරන ලද මාතර ‘ඇමෙරිකානු පියස’ වයි ෆයි තාක්ෂණය, අන්තර්ජාල පහසුකම් ඇතුළු නවීන තාක්ෂණික පහසුකම් රැසකින් සහ පුස්තකාලයකින් ද සමන්විතය.

එම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේ ද කීය.

“මාතරදී ඇමෙරිකානු පියසක් ඉදි කිරීමෙන් ප්‍රදේශයේ ජනතාවට ඇමෙරිකාවේ අධ්‍යාපනය, සාහිත්‍යය, සංස්කෘතිය ආදී බොහෝ දේ ඉගෙන ගැනීමට අවස්ථාව උදා වෙනවා. මේ ඇමෙරිකානු පියස නිසා තරුණ ජනතාවට වගේම වැඩිහිටියන්ටත් ඇමෙරිකාව සමඟ සෘජු සබඳතා ඇති කරගන්න අවස්ථාව උදා වෙනවා. අද වනවිට මාතර නගරය ජාත්‍යතන්තර ක්‍රියාකාරකම් සඳහා තෝතැන්නක් වී තිබෙනවා. 

නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා කාලයක් තිසේසේ ඇමෙරිකානු පියසක් මාතරට ගෙන එන්න උත්සාහ ගත්තා. ශ්‍රී ලංකාව සාගර කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට ආණ්ඩුව විවිධ ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. එම ක්‍රියාවලියේදී බාහිර ලෝකය සමඟ සබඳතා ඇති කරගැනීම ඉතා වැදගත්. එහිදි මාතර කියන්නේ ඉතාමත් වැදගත් නගරයක්. මාතරට ව්‍යාපාර, ව්‍යවසයාකත්වය, නවෝත්පාදනය සම්බන්ධයෙන් ඉතිහාසයක් තිබෙනවා. ඉතිහාසයේ සිට මාතර වෙළෙඳ කේන්ද්‍රස්ථානයක් ලෙස පැවැතුණා. අද වනවිට මාතර නගරය ජාත්‍යන්තර කටයුතු සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබෙනවා. 


මාතරදී ඇමෙරිකානු පියසක් ස්ථාපිත කිරීමෙන් ව්‍යාපාරිකයන්ට විශේෂයෙන්ම මාතර වාණිජ හා කර්මාන්ත මණ්ඩලයට සුවිශේෂී අවස්ථාවක් හිමිව තිබෙනවා. මාතර කියන්නේ ඉතිහාසයේ සිටම ක්‍රියාකාරී වෙළෙඳ මධ්‍යස්ථානයක්. ලන්දේසි යුගයේ සිට ලෝකයට හොඳම කුරුඳු යැව්වේ මාතරින්. මේ ඇමෙරිකානු පියස විවෘත කිරීමෙන් ව්‍යාපාරිකයන්ට ඇමෙරිකාව සමඟ වෙළෙඳාම් කිරීමට, අපනයන යැවීමට සහ ආයෝජන ගෙන්වා ගැනීමට අවස්ථාව උදා වෙනවා. ඇමෙරිකාව යනු ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළෙඳපොළයි.

වත්මන් ආණ්ඩුව ව්‍යාපාර, නවෝත්පාදන සහ ව්‍යවස්ථාව නංවන්න ව්යා පෘති සහ වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාත්මක කර තිබෙනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යනු එවැනි වැඩසටහනක්. කෘෂිකර්මාන්තය, කුඩා හා මධ්ය  පරිමාණ හා තරුණ ව්‍යවසායකයන් නගා සිටුවීමට මුදල් වෙන් කර තිබෙනවා. ව්‍යාපාරික කාන්තාවන් සවිබල ගැන්වීමට ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. සේවා ක්ෂේත්‍රය නගා සිටුවීමට මුදල් වෙන් කර තිබෙනවා. මාතර දිස්ත්‍රික්කයේ සිටින ව්‍යාපාරිකයන් මේ අවස්ථාවලින් ප්‍රයෝජන ගනිමින් ජාතික ආර්ථිකයට දායකත්වය සපයනු ඇතැයි මම විශ්වාස කරනවා.

ගම්පෙරළිය වැඩසටහන තුළින් මාතර දිස්ත්‍රික්කයට පමණක් කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර නගා සිටුවීම් සහ යටිතල පහසුකම් සංවර්ධනයට රුපියල් බිලියන 2.1ක මුදලක් වෙන් කර තිබෙනවා. ගම්පෙරළිය ව්‍යාපාර තුළින් අපි ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවමින් ජන ජීවිතය ඉහළ නංවන්න වැඩ කටයුතු කරනවා.

ශ්‍රී ලංකාව සෑම විටම ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ සමීප සහ ශක්තිමත් සබඳතා පවත්වාගෙන යනවා. අවුරුදු 48 කට පසු ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා ලංකාවට පැමිණියා. ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා 2015 වසරේදී ලංකාවට පැමිණීමට සූදානමින් සිටියා. ඔහු අපට දුන් දිනය හා වෙසක් දිනය යෙදී තිබුණේ එකම දිනයක. අවාසනාවකට එය සාර්ථක වුණේ නැහැ. ඒ අවස්ථාවේදී ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙරටට පැමිණියා නම් එය සුවිශේෂී අවස්ථාවක් බවට පත්වීමට ඉඩ තිබුණා. ඇමෙරිකානු ජනාධිපතිවරයකු ඉදිරියේදී ශ්‍රී  ලංකාවට පැමිණෙනු ඇතැයි අපි විශ්වාස කරනවා.

ඇමෙරිකා එක්සත් ජනපදය ක්ෂේත්‍ර රැසකින් ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර, මූල්‍ය අනුග්‍රහ හා ප්‍රදාන ලබා දී තිබෙනවා. ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කරන බව නැවත වරක් සිහිපත් කළ යුතුයි” යැයි අමාත්‍යවරයා කීවේය. 


එහිදි අදහස් දැක්වූ මාතර වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති මෙත්තා විදානගමාච්චි මහතා මෙසේ කීය.

“මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මෙහි පැමිණීම ඉතාම සතුටට කරුණක්. මුදල් අමාත්‍යවරයා මෙවර අයවැය සැකසීමේදී කර්මාන්ත හා වාණිජ මණ්ඩල සවිබල ගැන්වීමට වැඩි අවධානයක් යොමු කරනු ඇතැයි මම විශ්වාස කරනවා. ඒ තුළින් කුඩා හා මධ්‍ය පරිමාණ ශක්තිමත් කිරීමට අපට අවස්ථාව උදා වේවි. මොකද හැමෝටම වඩා හොඳට අපි දන්නවා ඔවුන්ගේ මූල්‍ය තත්ත්වය.

ඇමෙරිකානු පියසක් මාතරට ගෙන ඒම ඉතාම හොඳ දෙයක්. ඒ තුළින් අපේ තරුණ ව්‍යාපාරිකයන්ගේ තරුණ ව්‍යවසායකයන්ගේ කුසලතා ඉහළ නංවන්න අවස්ථාව උදා වෙනවා. ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂාව, මූල්‍ය කටයුතු පිළිබඳ දැනුම වැඩිදියුණු කරන්න අපේ ව්‍යාපාරිකයන්, දරුවන් තරුණ තරුණියන්ට අවස්ථා රැසක් උදා කර දෙන බව මට හොඳටම විශ්වාසයි”.


ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය, කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා, ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිලධාරීහු, මාතර වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ නිලධාරීහු, රුහුණ විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් පැමිණි ආචාර්යවරු සහ සිසුහු, මාතර ප්‍රදේශයේ පාසල් නියෝජනය කරමින් පැමිණි සිසු සිසුවියෝ මෙම අවස්ථාවට එක්වූහ. 

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (2)

‘සාගර කේන්ද්‍රස්ථානයක් වීමේදී ශක්තිමත් බාහිර සම්බන්ධතා වැදගත්’

Bamunuarachchi Wednesday, 27 February 2019 06:46 AM

ඔව් ඔව් ලොකු උන්නැහේ බාහිර සම්බනදතා වැඩිකොරගන්න අපි යුද්ද අපරාද කළා කියලත් පිළිගන්න ඕනේ.

:       0       10

Bamunuarachchi Wednesday, 27 February 2019 10:36 PM

බෞද්ද සංස්කෘතිය ගැන දන්නා කෙනෙක් වෙන්න ඕනේ හාමුදුරුවන්ට ගැහැණු කෙනෙක් ලගින්ම ආසන පනවලා තිබෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

නව ඩිජිටල්කරන ව්‍යාපෘති තුනක් අද සිට
2025 පෙබරවාරි මස 07 8 0

රජයේ ඩිජිටල්කරණ වැඩසටහන යටතේ ඩිජිටල් ප්‍රවේශ තුනක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පැවැත්වෙන උත්සවයකදී ආරම්භ කරන බව ඩිජිටල


මෙරට හාස්‍යජනක ව්‍යාපෘතියක් ගැන ඊලෝන් මාස්ක් හෙළි කරයි
2025 පෙබරවාරි මස 07 3099 0

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට පුවත් වාර්තා කිරීමේදී, ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය සඳහා වූ පොදු වූ වචන මාලාවක් ඉගැන්වීම සඳහා ආරම්භ කළ හාස්‍යජනක ව්‍යාපෘතියකට


රජයේ රෝහල්වල බෙහෙත් හිඟයක්
2025 පෙබරවාරි මස 06 685 0

කොළඹ ජාතික රෝහල ඇතුළු රට පුරා ජාතික, දිස්ත්‍රික්, මූලික සහ ප්‍රාදේශීය යන රජයේ රෝහල්වල දැඩි ඖෂධ සහ උපකරණ හිඟයක් පවතින බව වෛදවරු සහ රෝහල් කාර්ය මණ්ඩල පවසය


‘පාස්පෝට්’ හදිසියේ ඉල්ලා දැරවන් පීඩනයට දාන්න එපා
2025 පෙබරවාරි මස 06 1124 0

හදිසියේ විදේශ ගමන් බලපත්‍ර ගැනීම සඳහා පාසල් ක්‍රීඩා සංගම් ඇතුළු පාසල් බලධාරීන් පාසල් දරුවන් යොමු කිරීමෙන් එම දරුවන් සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නි



නව ත්‍රිවිධ හමුදාපතිවරු ජනපති හමු වෙති
2025 පෙබරවාරි මස 06 558 0

නව ත්‍රිවිධ හමුදාපතිවරු ජනාධිපති කාර්යාලයේ දී අද (6) පස්වරුවේ සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 96 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 805 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 754 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site