(කාංචන කුමාර ආරියදාස)

 

සීගිරිය කලාපුරය ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක තිබී ගංජා කිලෝ හතරක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සීගිරිය පොලිසිය විසින් ඊයේ (7) රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සීගිරිය කලාපුරයේ පදිංචිකරුවෝ වෙති.

පොලීසියට ලැබුණු තොරතුරක් මත සීගිරිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශ්‍රී ලාල් හෙට්ටිආරච්චි මහතා ඇතුළු කණ්ඩායමක් මෙම සම්බාහන මධ්‍යස්ථානය වටලා තිබේ.

එහිදී ඉතා සූක්ෂම ලෙස ඇසුරුම් කර තිබූ ගංජා කිලෝ හතරකට ආසන්න ඇසුරුම්  එහි තිබී සොයා ගෙන ඇත.

මින් එක් සැකකරුවෙකු සීගිරිය ප්‍රදේශයේම සංචාරක ව්‍යාපාරවල නිරතව සිටින අයෙකු බවත් අනෙක් පුද්ගලයා ඔහුගේ අත්උදව්කරුවෙකු ලෙස සේවය කරන අයෙකු බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (8) දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.