IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


සීගිරියේ කෝටි ගානක හොර ඉඩම් ගනුදෙනුවක්

(*** දඹුල්ල - කාංචන කුමාර ආරියදාස)

ප්‍රධාන පෙළේ ධනවත් ව්‍යාපාරිකයකුගේ බිරිඳක අඩු ආදායම්ලාභිනියක ලෙස පෙනී සිටිමින් ව්‍යාජ ලේඛන සකස් කර සීගිරිය ප්‍රදේශයේ රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක් පවරා ගැනීමේ සිද්ධියක් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වාර්තා වේ.

රුපියල් කෝටි ගණනක් වටිනා පර්චස් 90කට ආසන්න මෙම ඉඩම පවරා දී ඇත්තේ ව්‍යාජ හැඳුනුම්පතක් සහ මාසික ආදායම රුපියල් 7000ට අඩු ආදායම්ලාභියකු ලෙසට කූඨ ලේඛන සකස් කිරීමෙන් පසුව බවට ද තොරතුරු අනාවරණය වී ඇත.
එම ව්‍යාජ ලේඛන සකස් කළ ග්‍රාම නිලධාරියා මේ වනවිට වැඩ තහනමට ලක්ව ඇති බව දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාර්තා කරයි.

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව රාජකාරියේ යෙදී සිටි මෙම ග්‍රාම නිලධාරියාගේ වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව කරන ලද විමසීමකට අනුව ලැබුණු තොරතුරු මත මෙම ඉඩම් පවරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය වී ඇත.

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මයිලන්තෑව ප්‍රදේශයේ පදිංචි ඇතුගල් පේඩිගේ පද්මිණී යන අය විසින් අංක ජී ආර්/ 5/ 031539 දරන දීමනා පත්‍රයට අනුව මෙම ඉඩම පවරා දෙනු ලැබ ඇත්තේ පරණගම, දඹුල්ල ලිපිනයැති ව්‍යාපාරිකයාගේ බිරිය වෙත බව එම තොරතුරුවලින් හෙළිවී තිබේ.

එම ඉඩමේ පදිංචිව සිටි ඇතුගල් පේඩිගේ පද්මිණී යන අය තම ඉඩම නඩත්තු කරගත නොහැකි බැවින් එය තවත් අඩු ආදායම්ලාභී කාන්තාවක ලෙසින් හැඳින්වූ ව්‍යාපාරිකයාගේ බිරිය වෙත පවරා දෙන ලෙසට දඹුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ඉල්ලීමක් කර ඇත්තේ ඉකුත් 2020 වසරේ ඔක්තෝබර් මස 05 වැනිදාය.

ආර්ථික සංවර්ධනය නගාසිටුවීම වස් අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් රජයේ ඉඩම් පැවරීම සිදුකරනු ලබන අතර, ඒ සඳහා අදාළ ඉඩම පිහිටි ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරියා සහ ඉඩම් නිලධාරී මෙන්ම ජනපද නිලධාරියා ද අදාළ හිමිකම් පරීක්ෂාකොට සියලු තොරතුරු ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ලබාදිය යුතුව ඇත. එම ලේඛන සියල්ල පරීක්ෂා කිරීමෙන් අනතුරුව ප්‍රාදේශීය ලේකම්වරයා අදාළ ඉඩම පවරා දීමට අදාළ අනුමැති ලිපියට අත්සන් කරනු ඇත.

ඒ අනුව, ඇතුගල් පේඩිගේ පද්මිණී යන අයට අයත් අංක ජී ආර්/ 5/ 031539 දරන රූඩ් 02 පර්චස් 15.1 ක මෙම ඉඩම් කොටස ව්‍යාපාරිකයාගේ බිරියට බැහැර කිරීමට දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතා අත්සන් කර ඇත්තේ ඉකුත් 2020 දෙසැම්බර් මස 14 වැනිදාය.

පැවරුම්කාරියගේ ස්වාමිපුරුෂයා ගොවිතැන් කරන බවත්, ඔවුන්ගේ මාසික ආදායම රුපියල් 7000/-ට අඩු බවත් සඳහන් කරමින් ග්‍රාම නිලධාරියා සහතිකයක් ලබා දී තිබුණේ ඉකුත් 2020 ඔක්තෝබර් මස 29 වැනිදාය. එම දෙපළට අවුරුදු 18ට වැඩි අවිවාහක දරුවන් නොමැති බවත් වෙනත් යැපෙන්නන් නොමැති බවත්, එම සහතිකයේ සඳහන්කොට ඇත.

මෙම ඉඩමේ පැවරුම්කාරිය ඉහළ ඇරැවුල, දඹුල්ලේ පදිංචි බවට සනාථ කිරීම සඳහා එම ලිපිනය සහිත ජාතික හැඳුනුම්පතක ඡායා පිටපතක් අදාළ ලිපිගොනුවට ඉදිරිපත් කර ඇති නමුත්, එම ලිපිනයෙහි අදාළ නම සහිත කාන්තාවක හෝ දරුපවුලක් පදිංචිව නොමැති බවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සතුව කිසිදු තොරතුරක් නොමැති බවත් එවන් ජාතික හැඳුනුම්පතක් එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් නිකුත් කර නොමැති බවත් එහි ප්‍රකාශකයෙක් පැවසීය.

තොරතුරු දැනගැනීමේ පනතට අනුව ලබාගත් දත්ත මත කූට ලේඛන සකස්කොට මෙම ඉඩම් පවරා ගැනීමේ සියලු තොරතුරු, තොරතුරු දැනගැනීමේ පනතට අනුව අනාවරණය කර ගැනීමට හැකි විය. මේ සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරියාගේ සේවය අත්හිටුවීම පිළිබඳව දිස්ත්‍රික් ලේකම් එස්.එම්.ජී.කේ. පෙරේරා මහතාගෙන් විමසීමක් කළෙමු.

ව්‍යාජ ලිපිලේඛන සකස් කර රජයේ ඉඩමක් පැවරීම සම්බන්ධයෙන් සිදුකළ මූලික පරීක්ෂණයකට අනුව මෙම ග්‍රාම නිලධාරියාගේ සේවය අත්හිටු වූ බවත්, මේ සම්බන්ධයෙන් ඔහුට ආධාර අනුබල දුන් තවත් කණ්ඩායම් හෝ පුද්ගලයකු ඇත්නම් ඒ පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදුකර ඔවුන්ට ද නීතිය ක්‍රියාත්මක කරන බව දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතා සඳහන් කළේ, පහළ නිලධාරීන් ලිපි ගොනුව සකස්කොට සනාථ කර තිබීම හේතුවෙන් තමා එම ඉඩම් පැවරීමට අදාළව එම ලිපිගොනුවට අත්සන් යෙදූ බවය.

ඉඩම් හිමිකම් පැවරීමේ සිද්ධියකදී ග්‍රාම නිලධාරියා සහ ඉඩම් නිලධාරීවරයා ඇතුළු කණ්ඩායමක් විශේෂ පෝරම් කිහිපයක් පිරවිය යුතුව ඇති බවත්, අඩු ආදායම්ලාභියකු බවට සහතික කිරීම, දරුවන් ඇත්නම් ඒ අයගේ කැමැත්ත ලබාගැනීම, වෙනත් සම්බන්ධකම් ඇත්නම් එය සනාථ කිරීම, පදිංචිය සනාථ කිරීම ආදී සියල්ල පහළ නිලධාරීන් විසින් සිදුකළ යුතුව ඇති බවත් හෙතෙම පැවසී යැයි මේ සියල්ල සිදුකිරීමෙන් පසු තමන් ඉදිරියට ආ ලිපි ගොනුවට තම අත්සන යෙදූ බව ද ඔහු සඳහන් කළේය.

එහෙත් පසුව මෙම ඉඩම වෙනත් වාණිජ කටයුත්තක් සඳහා යොදා ගැනීමට අවශ්‍ය බවට තමාට ලද දුරකතන ඇමතුමකට අනුව අදාළ ලිපි ගොනුව පරීක්ෂා කළ බවත්, එහිදී වැරදි තොරතුරු ඇතුළත් කොට මෙම පැවරීම සිදුකර ඇති බවට අනාවරණය කර ගැනීමට හැකිවූ බවත් ඔහු පැවසීය.

මෙම ඉඩමේ පෙර අයිතිකාරිය වූ පේඩිගේ පද්මිණී යන අයගෙන් ඉඩමේ පැවරීම සම්බන්ධයෙන් අප විමසීමක් කළ අතර එහිදී ඇය සඳහන් කළේ, තමාත් තම සැමියාත් දැඩි ලෙස ගිලන්ව සිටින බැවින් තම ඉඩම ආසන්නයේ සිටි මහතෙකු තමන්ට මුදල්වලින් උපකාර කළ බැවින් එම ඉඩම ඔහුට පැවරූ බවය.

පරණගම දඹුල්ල ලිපිනයේ පදිංචි බව කියන අඩු ආදායම්ලාභී කාන්තාව කවුද යන්න තමන් හඳුනන්නේ නැති බව ද ඇය සඳහන් කළාය.

මෙම ඉඩම් පැවරීම සම්බන්ධයෙන් අදාළ ලිපිගොනු සඳහා සාක්ෂිකරුවන් ලෙස ඩබ්ලිව්.ජී.අයි. සංජීව අසේල මහතා සහ ඩබ්ලිව්.ජී.ඒ.එල්.ජී වර්ණසූරිය යන දෙදෙනා අත්සන් කර ඇති අතර ඔවුන්ගෙන් කරන ලද විමසීමේදී ඩබ්ලිව්.ජී.ඒ.ජී. වර්ණසූරිය මහතා සඳහන් කළේ තමන් හිතවතකු මාර්ගයෙන් මෙය අත්සන් කළ බවත් තමන් වෙනත් කිසිවක් නොදන්නා බවත්ය.

මෙහි සාක්ෂි ලෙසින් අත්සන් තැබූ ජී.අයි. සංජීව අසේල මහතා සඳහන් කළේ, පැවරුම්කාරිය වසර 10ක පමණ සිට තමන් දන්නා හඳුනන නිසාත්, අදාළ ඉඩමේ හිමිකාරියට සහ ඇගේ සැමියාට උදව් උපකාර කිරීම නිසාත් මෙම ඉඩම පැවරීමට අවශ්‍ය කටයුතු තමන් විසින් සිදුකරනු ලැබූ බවය. එසේම, එම ලිපිගොනුවල වරදක් ඇති බැවින් තමන් ඒ පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරයා ද දැනුවත් කළ බවද හෙතෙම පැවසීය.
මෙම ඉඩමේ පැවරුම්කාරිය දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට අප උත්සාහ ගත් අවස්ථාවේදී ඇය විදේශගතව සිටින බවට හෙළිවිණි.

 



අදහස් (4)

සීගිරියේ කෝටි ගානක හොර ඉඩම් ගනුදෙනුවක්

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 02 March 2021 09:30 AM

"සීගිරි පර්වතයේ ගල් මෝලක් දමමු.. ගස්ටික කපා සැම සිව්පා මස්කරමු... ඇල දොළ ගං ජලය සිඳවා හිස්කරමු... ඔක්සිජන් කන්න කී ඇමැතියා රජ කරමු...

:       1       14

Nuwan Tuesday, 02 March 2021 12:44 PM

සීගිරිය ගල්කොරියකට දුන්නේ නැතිනම් මේ ආණ්ඩුව... ඉර අනික් පැත්තෙන් පායනවා... ඕන් කිව්වා.!!! 

:       1       7

WCA Tuesday, 02 March 2021 03:07 PM

ප්‍රධාන පෙළේ ධනවත් ව්‍යාපාරිකයෙකුගේ බිරිඳක්... ඔය ග්‍රාමසේවකට වුණා වගේ ඕකට දඬුවමක් හම්බවුනොත් අපිටත් කියන්න හොඳේ...

:       0       5

දිමුත් Wednesday, 03 March 2021 05:37 AM

ඔය වගේ ඒවා තව කීයක් රටපුරා වෙලා තියෙනවද දන්නැහැ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ගින්නට හසු වූ තිදරු පියා මරුට
2025 මැයි මස 11 366 0

කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.


‘තුවාල වූ අය බේරගන්න උපරිමය කරන්න‘
2025 මැයි මස 11 1168 0

කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත


රැඳවියන්ට වෙසක් තෑග්ගක්
2025 මැයි මස 11 314 0

වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ


සිද්ධස්ථාන දෙකක් පූජා භූමි කරයි
2025 මැයි මස 11 1155 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.


වෙසක් සඳ ඔක්කොම එක් කරයි
2025 මැයි මස 11 452 0

රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.


අහසට වෙඩි තබා අසල්වැසියා බය කරලා
2025 මැයි මස 11 671 0

ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1015 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1441 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 371 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site