(ජේ.කේ.එල්.චාමින්ද සහ ඩී.ජී.සුගතපාල)
දොඩන්දුව පාළම අසල දුම්රිය හරස් මාර්ගයේ දී අද (27) පස්වරුවේ කාර් රථයක් දුම්රියක ගැටීමෙන් එක් අයෙකු මියගොස් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව හික්කඩුව පොලිසිය පවසයි.
කොළඹ සිට ගාල්ල බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රියේ කාර් රථය ගැටීමෙන් මෙම අනතුරු සිදුවී ඇති බව පොලිසිය පවසයි. කාර් රථයේ සිව් දෙනෙකු ගමන්කර ඇති අතර තුවාලකරුවන් අතර ළමයෙකුද සිටින බව රෝහල් පොලිසිය පවසයි.
දොඩන්දූව පාලම අසල හරස් මාර්ගයේදී මෝටර් රථය දුම්රියේ ඇමිණි පාලම උඩ දක්වා තල්ලුවී පාලම මත නතරවී ඇත.මේ හේතුවෙන් කොළඹ මාතර මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd