(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවට ණය පදනම මත බොරතෙල් ලබාදීමට සිංගප්පූරුව එකඟතාව පළ කර ඇත ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසීය.
ඒ අනුව දින 180 ක කාලයක් තුළ ණය පියවීම් එකඟතාව මත සිංගප්පූරුවෙන් බොරතෙල් ලබා ගැනීමට නියමිත බව කී සුමිත් විජේසිංහ මහතා එම බොරතෙල් අදියර හයකින් ලබා ගැනීමට නියමිත බව ද සඳහන් කළේය.
සිංගප්පූරුවේ ණය පදනම මත ලබා ගැනීමට නියමිත බොරතෙල් ලබන ජනවාරි මැද භාගය වන විට ලැබෙනු ඇති බවත් ඒ අනුව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු තවදුරටත් පවත්වාගෙන යාමේ අවස්ථාව හිමිවන බවත් සභාපතිවරයා වැඩිදුරටත් කීය.
COMMENTS
ගනිල්ලා ගනිල්ලා, ගත්ත ණය අමතක නොකර ගෙවපල්ලා...
ණය කොමිස් ජරාව. මහජනතාවට බර ගෙවන්න ඔවුන් සැප හොයනවා. බොරතෙල් නැතිව පිරිපහදු කළ තෙල්ගන්න එක මීට වඩා ලාභ ඇති. කල් ඉකුත් වූ පිරිපහදුව පරණ යකඩ විතරයි...
අනික් රටවලට කොරෝනාවෙන් ආර්ථික අපහසුතා නැත. ලංකාවට විතරයි ඔක්කොම ප්‍රශ්න.... මේ කාලකණ්ණි දේශපාලකයින් නිසා...