(නිමල් ජයරත්න)
පොළොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයට අයත් වෑන් රථයකින් මත්පැන් බෝතලයක් තොගයක් ප‍්‍රවාහනය කරමින් සිටි රියදුරු හිගුරක්ගොඩ කාලිංගඇල ප‍්‍රදේශයේදී අද (14) වැනිදා අත්අඩංගුවට ගත්බව පොළොන්නරුව පොලිසිය පැවසීය.
මෙම වෑන් රථයේ තිබි මිලි ලීටර් 180 ප‍්‍රමාණයේ බෝතල් 125 ක් සහ රියදුරුට මෙම මත්පැන් බෝතල් තොගය ප‍්‍රවාහනයට භාරදුන් පුද්ගලයාද ඒ සමඟ අත්අඩංගුවට ගත්බව පොළොන්නරුව පොලිසිය සඳහන් කළේය.
වෑන් රථයේ රියදුරු අද උදැසන සෞඛ්‍ය සේවා කාර්යාලයේ සේවකයින් පිරිසක් හිගුරක්ගොඩ රෝහලට ප‍්‍රවාහනය කර නැවත පැමිණ මෙම අරක්කු තොගය ප‍්‍රවාහනය කිරීමට ගොස් ඇති බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා , වෑන් රථය සහ අරක්කු බෝතල් 125 පොළොන්නරුව මහේස්ත‍්‍රාත් අධිකරණයට හෙට (15) වැනිදා ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිසිය සඳහන් කළේය.



COMMENTS
ඔන්න මෙයාලගේ වැඩ...
අත්‍යාවශ්‍ය සේවාවක්...
පළමුව කල යුතුව තිබුනේ " ඒ සියලුම බෝතල්වල තිබෙන ගිනිවතුර මේ දෙදෙනාට බලෙන්ම පොවා " ඉන්පසුව රාජකාරි කටයුතු කිරීම ආරම්භ කිරීමයි. එලෙසම මේ අයට දියයුතු දඬුවම් මෙහි සඳහන් කිරීමට අපහසුයි. කෙසේවෙතත් උසාවි ගිය විට මොවුන් දෙදෙනා "කළු සරන් ඇදගත් ගම් කබරයන්ගේ " අතේ පැලවෙන ගොන් තර්ක ඉදිරිපත් කිරීමෙන් පසු සාක්කි පරස්පර බැවින් සියලු වැරදිවලින් නිදොස්කොට මුදාහරින ලදී... යන්න කාලයකට පසු ඇසීමට හැකි වෙනු ඇත...
මේ හෑන්ඩ් සැනිටයිසර්නේ… වැරදි ලේබලයක් ගහලා.