(රත්න චන්ද්‍රසේන ගමගේ)
‘පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය තමන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටුකර තිබෙනවා. ඇය අතින් කිසිදු වරදක් සිදු වී නැහැ. මේ දරුවා මියගිහින් තිබෙන්නේ, මව්පියන් ඒ දරුවා පිළිබඳව දැක්වූ අඩු සැලකිල්ල නිසා’ යැයි හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දීපිකා පටබැඳිගේ මහත්මිය පැවසුවාය.
ඇය එසේ පැවසුවේ මන්දපෝෂණයෙන් මිය ගිය තිස්සමහාරාම විජේපුර මලිත් මිහිරංග දේශප්‍රිය රාජපක්ෂ දරුවාගේ මරණය පිළිබඳව ලංකාදීපය කළ විමසීමකදීය. වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ තම නිලධාරීන් අතින් කිසිදු අතපසුවීමක් සිදු වී නැති බවයි.
“පවුල් සෞඛ්‍ය සේවිකාව එම දරුවා සිටි නිවසට ගොස් නිරන්තරයෙන් සොයා බලා තිබෙනවා. දරුවාගේ බර කිරා තිබෙනවා. ත්‍රිපෝෂ ලබාදීමට නිර්දේශ කර තිබෙනවා. එම මව්පියන් එක්වරක් පමණයි සායනයකට පැමිණ තිබෙන්නේ.
හම්බන්තොට දිස්ත්‍රික්කය ලංකාවේ ළදරු පෝෂණ මට්ටම අතින් දෙවැනි ස්ථානය ගන්නවා. දිස්ත්‍රික්කයේ මන්දපෝෂණයෙන් ළමයෙක් මැරෙන්න තරම් තත්ත්වයක් නැහැ. අනෙක දුප්පත් වූ නිසාම දරුවෙක් මන්ද පෝෂණයෙන් මියයන්න හේතුවක් නැහැ. මේ සමාජයේ දරුවෙකුට බත් ටිකක් කන්න දෙන්න බැරි තත්ත්වයක් තවම නැහැ.
මේ දරුවාගේ මරණයෙන් පසුවත් අපි ඒ පවුල පිළිබඳව විමසිල්ලෙන් ඉන්නේ. අනෙකුත් ළමයින් පිළිබඳව සැලකිලිමත් වියයුතු බවට දිස්ත්‍රික් ලේකම් දැනුවත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන් දිස්ත්‍රික් ලේකම්ගෙන් වෙලාවක් ඉල්ලා තිබෙනවා” යැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරිය වැඩිදුරටත් පැවසුවාය.
වැලිගම පැලෑණ හෝටලයකදී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය සොයමින් සිටි අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් දැඩි ආරක්ෂාවක්
තිස්සමහාරාම ,පන්නෙගමුව රාජකීය විදුහලේ අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිවරයා ලෙස කටයුතු කළ විදුහල්පතිවරයෙකු අද(19)වන දා සවස 6.30 ට පමණ වෑන්
ග්‍රෑන්ඩ්පාස්, නාගලන්වීදිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් ත්‍රිරෝද රථ රියැදුරකු කොස්ගස්
කොළඹ කොටුව සිට නානුඔය බලා ධාවනය වූ ටිකිරි මැණිකේ සීඝ්‍රගාමී දුම්රියේ පසු පස දුම්රිය එන්ජිම පිළිමතලාව පේරාදෙණිය හංදිය දුම්රිය ස්ථාන අතර අද සවස ගැලවී
ලංකාවේ එක දවසකට ප්‍රමාණවත් වී ප්‍රමාණයවත් ආණ්ඩුව විසින් මෙවර මිලදීගෙන නැතැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේද
තත්වයෙන් බාල සහල් කිලෝ 11500ක් සතොස අලෙවි සල් හරහා පසුගිය දිනවල අලෙවි කරමින් ලොකු දූෂණයක් කර ඇතැයි සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මූජිබර් රහ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
‘සෞඛ්‍ය සේවිකාවගෙන් වරදක් වී නැහැ’
shan Wednesday, 19 June 2019 11:50 AM
කාගෙන් හරි ගානක් කපාගන වැඩේ යට ගහනවා වගේ දීකිරට බල්ලුත් සාක්කී කියනවනේ... අපි නොදන්නා සෞඛ්‍ය සේවය... විමසිල්ලෙන් ඉන්නේ තමන්ගේ වරදාන ගැන වෙන්න ඇති...
tarzan Wednesday, 19 June 2019 12:10 PM
ඕක මිනිසුන්ගේ අයගේ හැටි. අල්ලපු ගෙදර එකාට සත පහක් දෙන්නේ නැහැ, නමුත් ලෝකයට පෙන්න මහා ලොකුවට දන්සල් දෙනවා
rohana kumara mendis Wednesday, 19 June 2019 12:17 PM
ඔය දැන් මහ ලොකුවට ත්‍රිපෝෂ දෙනවලු... අරවා මේවා... අසරණ පවුල් වලට. දරුවෝ 4-5 හදන අය පන්සල් වලින්, එකඑක ආයතන වලින් ආධාර දෙනවා කියනවා... කෝ ඒවා...? සේරම බොරු බයිලා තමයි. දෙමව්පියනේ අඩු සැලකිල්ල කියන්නේ නැත්නම් මොකද කරන්නේ? සල්ලි තියෙනවා නම් දරුවන්ට කන්න බොන්න නොදී ඉන්නේ කොයි දෙමාපියන්ද?
සංජීව Wednesday, 19 June 2019 12:22 PM
එතකොට වැරදි මාස 11 දරුවද? දෙමව්පියන්ගේ අඩුපාඩු වලින් දරුවෙක්ට හානියක් වෙනවා නම් ඒ දරුවා අධිකරණය මගින් ළමා නිවාසයකට යැවීමට නිලධාරීන්ට වගකීමක් නැත්ද? දරුවන්ගේ ඉහළම භාරකාරත්වය දිසා අධිකරණයට පවරා ඇත්තේ ඒ නිසා නේද?
ශ්‍රීWednesday, 19 June 2019 05:01 PM
මම දන්න තරමින් වයස අවුරුදු 16 ට අඩු ළමයි සියලුම දරුවෝ අයිති රජයට එහෙමනම් මේ වගකීම රජය භාර ගත යුතුයි
දිමුත් Wednesday, 19 June 2019 12:46 PM
ලැජ්ජා නැද්ද මේක යට ගහන්න? ත්‍රිපෝෂ ලබාදීමට නිර්දේශ කරන්න දෙයක් නැහැ. කෙලින්ම ලබාදෙන්නනේ තියෙන්නේ...
සේන Wednesday, 19 June 2019 12:47 PM
මේ පවුල ගැන රජයේ නිලධාරීන් වැඩි අවධානයක් යොමු කොට ඔවුන්ට සෙතක් කරාවි යැයි විශ්වාස කරමු. මාධ්‍ය රට පුරා ගොස් මේ වැනි පවුල් ගැන හෙලි කරන්න. අපේ රටේ කන්න නැතිව මිනිසුන් මැරෙන්නේ නෑ.. සිංහලයන් ඉන්නතුරු. විස්තර තමයි අවශ්‍ය...
Hafeel Wednesday, 19 June 2019 01:59 PM
නිදහස ලැබී අවුරුදු 71යි. බලයට පත්වූ ආණ්ඩු සමෘධි, ජනසවි, පෝෂණ මල්ල, දිවි නැගුම එහෙම නොයෙකුත් දේවල් දුන්නත්, ජනතාව තාම ගත කරන්නේ ඉතා අමාරු ජීවිතය. නමුත් දේශපාලකයෝ නං ගොඩ...
edison Wednesday, 19 June 2019 02:35 PM
යකෝ අනිත් ළමයි හා අම්මා දිහා බලපං... මොන තරම් දුර්වලද කියලා.. පළාතේ ආසන සංවිධායක උස මිටි බල බලා හිටියම හොඳද?
චමින්දThursday, 20 June 2019 12:28 AM
එඩිසන්ගේ කටින් බළලා එලියට පැනලා. පළාතේ ආසන සංවිධායකට දොස්කීමෙන් එය පැහැදිලිවෙනවා. එදා හෙලදිව පොතේ දැක්වෙනවා අතීතයේ දුර්වල දරුවන්ට කිරි නොදී මියයාමට දුන්නා කියල. ඒවාගේ මෙයත් රජයට මඩගැසීමට කරවපු දෙයක් කියා සිතෙනවා.
sharm warnThursday, 20 June 2019 07:02 AM
රජයට මඩ ගහන්න ? රජයත් විපක්ෂයත් ඇතුළු මුළු පාර්ලිමේන්තුවට ම අමුතුවෙන් මොනවද මඩ ගහන්න තියෙන්නේ ? එයාලම එයාලට ම ගහ ගන්නේ ඔය දවස තිස්සෙම. හෝදන්න දියවන්නාව නෙමේ රටේම තියෙන ජලාශ එකතු කලත් මදි .. ගිය සතියෙත් ඇස්තමේන්තුවක් සම්මත කර ගන්න ගිහින් නාගත්තේ ...විලි ලැජ්ජාවක් නැතුව ...
sumudu Wednesday, 19 June 2019 03:02 PM
අපේ පවුලේ දරුවෝ 08යි. අපි ඒ කාලේ හරි දුප්පත්... අපි හැදුනේ අපේ තාත්තගේ දහඩිය මහන්සියෙන්, අම්මගේ හිතේ හයියෙන් මිසක් සහනාධාර වලින් නෙමෙයි. අපේ දෙමව්පියන්ට බුදුබව ලැබේවා. එතකොට ඔය කියන දෙමව්පියන්ට ...?
himal Wednesday, 19 June 2019 03:36 PM
දරුවාගේ අම්මාට දෙන ත්‍රිපෝෂ එක වෙනයි, අඩු බර ඇති දරුවන්ට දෙන ත්‍රිපෝෂ එක වෙනයි. අඩු බර තිබ්බොත් විතරයි ළමයාට ත්‍රිපෝෂ නිර්දේශ කරන්නේ දිගටම.... මේ කියන්නේ ඒක. ඒ වගේම දරුවාට හිංසනයක් නොවේ, නොසැලකිල්ලයි වෙලා තියෙන්නේ. ඒ නිසා අධිකරණයට ගිහිල්ලා භාරකාරීත්වය පවරන්න දෙයකුත් නෑ.
යාපා Thursday, 20 June 2019 01:46 AM
මම හැමදාම කියන දෙයක් තමයි සජිත් ප්‍රේමදාස කාරන බොරුව අනිවාර්යයෙන්ම දවසක ඔප්පුවන බව හා මොහුගේ බොරුව හොදින්ම දන්නා හම්බන්තොට ජනතාව කිසිදිනක සජිත් නොදිනවන බව. සල්ලි තියෙන මිනිස්සුන්ට රජයෙ සල්ලි, ඉඩම් බෙදල දෙන මාද්‍ය සංදර්ශන සදහා කෝටි ප්‍රකෝටිගනන් වියදම කරන මොහු තනිකරම මිනිසුන් රැවැට්ටවීමට පමනයි උත්සාහ කරන්නේ. නමුත් ජනතාව දැන් බුද්ධිමත් ය.
athuraThursday, 20 June 2019 04:20 AM
ඔය අම්ම තාත්ත විවාහ වෙලා තියෙන්නෙ මේ ආණ්ඩුව අවට පස්සෙද මහත්මයෝ.අමතක කරන්න එපා හම්බන්තොට කියන්නෙ ජනාධිපති කෙනෙකු ඇතුළු පවුලක්ම රජකළ පළාතක්.
sk Thursday, 20 June 2019 03:25 AM
ළමයා මැරිලා ඉවරයි දැන් එක එක හේතු කියනවා. වැරැද්ද මේ හැමෝගේම
d.upul Thursday, 20 June 2019 04:37 AM
නාමල් බේබිගේ, සජිත් පුතාගේ ආසනය නේද?
ranjith Thursday, 20 June 2019 09:24 AM
කවුරු හරි රජයේ නිලධාරියෙක් මේකට වග කියන්න වෙනවා නේද? වරද අන්තිමට කැකිල්ලේ තීන්දුව වගේ..... රටේ හැම දේම මේ වගේ කෝටි ගණන වාහන ගේන එක මේවා දුප්පත් ළමයින්ට කන්න දෙන්න කියන්න බැරිද?