(යොහාන් භාසුර)
රටේ දැන් පවතින ‘කොවිඩ්’ රැල්ල පාලනය කිරීමෙන් පසුව නැවත රටපුරා යකා නැටීමෙන් වැලකී සෞඛ්‍ය සේවකයින්ට හුස්ම ගැනීමට ඉඩ දෙන ලෙස සියලුම වෘත්තීය සමිති නායකයන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය නලින්ද හේරත් මහතා පැවසීය.
ජාතික රෝහලේ වාට්ටු 10 කට අධික සංඛ්‍යාවක් සහ දැඩි සත්කාර ඒකක හතරක් කොවිඩ් රෝගීන් සඳහා වෙන්කර ඇති බව කී වෛද්‍ය නලින්ද හේරත් මහතා ඒ සියලුම ඒකකවල ඇදන් මේ වන විට පිරී ඔක්සිජන් මත යැපෙන රෝගීන් ඉතා විශාල සංඛ්‍යාවක් සිටින බවත් සඳහන් කළේය.
COMMENTS
ඔබට මතක නැද්ද 2015-2020 කාලයේදී GOMA කොහොමද හැසිරුණේ කියලා?
මේ යන විදිහට හුස්ම ගන්න වෙන්නේ මැෂින්වලින් තමයි. ඇඳිරී නීතියත් සංචරණ වගේ විහිළුවක් වෙලා.10 වෙනිදා ඇරියාම ඉතුරු ටික බලාගන්න පුලුවන්...
ඔව්.. පහුගිය ආණ්ඩුව කාලෙ සමහර වෛද්‍ය සංගම් යකා නැටුවා වගේ.. මේ කියන මහත්තයා තමා 1990 සුවසැරිය ඇම්බියුලන්ස් පටන් ගන්නකොට සමච්චල් කලේ.. මම මේ කතා කරන්නෙ බහුතරයක් වන යහපත් වෛද්‍යවරු ගැන නෙමේ, පුද්ගලික දේශපාලන වුවමනාවන්වලට වෘත්තීය සමිති පාවිච්චි කරන සුලුතරයක් වන දොස්තරල ගැනයි.. ආණ්ඩුව මාරු වුණාට පස්සෙ ඉස්ට්‍රයික් අමතකම වෙලා ගිහිල්ලා
බටහිර වෙදකමේ කොරෝනා වලට බෙහෙතුත් නැති එකේ ඔක්කොම එනත් ඇතුළු උපකරණ පිටරටින් ගෙන්නල්ලා මොකද හුස්ම හිරවෙලා? හුස්ම ගන්න බැරි වෙන්නේ ජනතාවට ඔහොම රට වැහුවොත්
GMOA දැන් බොරුවට සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් පෙනී ඉන්න දඟලනවා. මේ ගොල්ලන්ට අතීතයේ වර්ජන කළ හැටි මතක නෑ. ලැජ්ජාවකුත් නැහැ. වෙළෙඳ සංගම් හොඳයි මේ ගොල්ලන්ට වැඩිය.
ගහෙන් වැටිලා මැරෙනවද? කරන්ට් වැදිලා මැරෙනවද? කියල අහපු එක්කෙනා මෙයා...
ගොමා මාෆියා කල්ලිය ගැන අපි නොදන්නවයි කියලා හිතාගෙනද මේ උපදෙස් දෙන්නේ? සුවසැරියට විරුද්ධ වූ මේ මාෆියා කල්ලියගේ උපදෙස් අපිට අවශ්‍ය නැහැ. එතකොට, කොතලාවල පනතට එරෙහිව විශ්ව විද්‍යාල සිසුන් උසිගන්වා මහපාරට බැස්සවීම හරිද? දොස්තර නලාවයි, කර පටියයි බැඳගෙන මයික් ඉදිරියට ඇවිත් දේශපාලනය කරන දොස්තරලා, රජයේ රෝහල්වල කැපවීමෙන් අවංකවම සේවය කරන සැබෑ වෛද්‍යවරුන්ට නින්දාවක්. ඒ සැබෑ වෛද්‍යවරු මේ මාෆියාකාරයින් වගේ ලෙඩවලට බයේ දුවන්නේ නම් නැහැ...
ඔබට මතක නැද්ද 2015-2020 කාලයේදී ගිලන් රථ ගෙන ඔයාම මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා.. ඒවා නැත්නම් මෙලහට ලංකාව කොහෙද කියලා හිතාගන්න බෑ.. දැන්වත් කුහකනොවී ඒ ගෙනාපු එක්කෙනෙට ස්තුතියි කියන්න...
රජයේ මාධ්‍ය ප්‍රකාශක වැඩේ මෙයාලා කරන්නේ එයාලාට පක්ෂපාතී දොස්තරලාට පමණයි.. අනෙක් අයට කැපිල්ල දානවා.
ඇයි සෞඛ්‍ය සේවය විතරද සේවය..? ඕක ජොබ් එක...ඒක තමයි ඔච්චර ලොකු පඩි ගෙවන්නේ. පුද්ගලික පුහුණුවීම් කරන්න දීලා තියෙන්නේ. ගාමන්ට්වල, ෆැක්ටරිවල කීදාහක් මිනිස්සු රට වෙනුවෙන් වැඩ කරනවද? නිකන් ඔයාලා විතරයි ඔක්කොම කරන්නේ.. වගේ කතා කරන්නේ නැතිව ඔයාලගේ ජොබ් එක කරන්න. හමුදාවත් ඔයාලාගේ වැඩ කරනවා. අන්න එහෙම හිතන්න...
අනේ මේ ඔයාලා ලෙඩ්ඩු ඇපයට අරගෙන වර්ජනය කරන කට්ටියනේ... ඔයාලා ඔය සුදු ඇඳගෙන නටන්න හැදුවට රටේ මිනිස්සු ඔයාලා ගැන හොඳට දන්නවා.
ඔයාලා නටපු නැටුම් අපි දැකලා නෑනේ... අනික ඔයගොල්ලෝ හිතන් ඉන්නේ මේ රටේ ඔක්කොම ඉන්නේ මෝඩයෝ... ඔයගොල්ලෝ විතරයි බුද්ධිමත්, මොලේ තියෙන අයට ඉන්නේ කියලද?
සෞඛ්‍ය සේවකයින් සියලු දෙනාම විශාල කාර්ය භාර්යයක් ඉටු කරන එක අපි කවුරුත් දන්නවා. නමුත් මේ හෙද,PHI,MLT,ගුරු සියලුම වෘත්තීන් පාරට බැස්සෙ මේ මුදල් නැතිව සිටින අවස්ථාවක GMOA හොර නඩය කාටත් හොරෙන් තමන්ගෙ දීමනාව රු.40000 සිට 78000 දක්වා වැඩි කර ගත්ත එකෙන්. ඒක තනිකරම කල දුටු කල වල ඉහ ගැනීමක්. මොකද දීමනා වැඩි කර ගන්නත් කලින් සීමාවාසික නොවන වෛද්‍යවරයෙක්ගෙ වැටුප රු.197000. ගුරුවරයෙක්ගෙ වැටුප 30000. මේ තියෙන උද්දමනය එක්ක ඇත්තටම වෙනත් වෘත්තිකයන්ට ජීවත් වීමටවත් අසීරු මොහොතක වෛද්‍යවරුන්ගෙ වැටුප පමනක් රු.197000 40000 සිට 78000 දක්වා වැඩි කලා. එතකොට වැටුප රු.237000 සිට ලක්ශ 4 -5 වගෙ ප්‍රමාණයකට ආවා.
වඳින්න වටින විදියට පඩිය නොතකා වෛද්‍යවරු ඉන්න බව ඇත්ත. එ්ත් බණ කිය කියා ඉන්නවා මිසක් ලෙඩ්ඩු දිහා නොබලන වෛද්‍යවරුත් ඉන්නවා. මෙයත් එහෙම වෙන්න ඕනෑ. කොවිඩ් නිසා ලෙඩ්ඩු දිහාවත් නොබලා කලින් දීපු බෙහෙතම ලියන වෛද්‍යවරු කීයක් ඉන්නවද? හෘද සාක්ෂියට අනුව, ආපසු හැරිලා බලන්න ජනතාවගේ මුදලින් ඉගෙනගෙන..., ගන්න ඉහළ පඩියට තරම් ජනතාවට සේවය කරනවද කියලා.. පහුගිය ආණ්ඩුවට විරුද්ධව කොතරම් ජනතා විරෝධී වැඩ කළාද? කොතරම් වර්ජනය කළාද? සුවසැරිය දියත් කරන වෙලාවේදී එයට විරුද්ධව කතාකළා. බෙහෙත් මිල අඩුකරන විට, එම බෙහෙත් බාල බෙහෙත් කියා ජනමතයක් ගොඩ නගන්න හැදුවා. දැන් ලැබෙන බෙහෙත් වල තත්ත්වය උසස්ද? මිලත් වැඩියි නේද? දේශපාලන අතකොලු වූ නිසා ආණ්ඩුවත් කලගුණ සලකනවා. බදු අඩු කිරීම, විශාල වශයෙන් පඩි වැඩි කිරීම සමහරක්.. ඉතින් කයිවාරු නවත්වා හොඳින් වැඩ කරන්න.