IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


සෞඛ්‍ය ඇමතිනිය රාගම රෝහලේ නිරීක්ෂණ චාරිකාවක

(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතයින් ධාරිතාව ඉක්මවායාම හේතුවෙන් ගැටලුකාරී තත්වයක් මතුවී ඇති රාගම ශික්‍ෂණ රෝහලට අද (4) පැමිණි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එම රෝහලේ කොවිඩ් ප්‍රතිකාර කටයුතු සිදුවන ආකාරය නිරීක්‍ෂණය කළාය.

රෝහලේ තවත් වාට්ටු කිහිපයක් කොවිඩ් ප්‍රතිකාර කිරිම සදහා වෙන් කළ බව ද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

රෝහල් අධ්‍යක්ෂවරයා සමග සාකච්ඡා කර මෙම පියවර ගත් බවත්, අවශ්‍ය නම් තවත් වාට්ටු ඒ සඳහා වෙන්කරන ලෙස තමන් ඔහුට උපදෙස් දුන් බවත් ඇමතිවරිය සඳහන් කළාය.

සෙසු රෝහල්වල කොවිඩ් ප්‍රතිකාර සේවා සම්බන්ධයෙන් සොයාබැලීමට ද තමන් බලාපොරොත්තු වන බව අමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.

රාගම රෝහලට ඇතුළත් කරන කොවිඩ් ආසාදිතයින් පළමුවෙන් එක් වාට්ටුවකට ඇතුළත් කර වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයෙන් පසු එම රෝගීන් යොමු කළ යුත්තේ දැඩි සත්කාර ඒකකයට ද, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට ද, සාමාන්‍ය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ද, නැතිනම් නිවෙස් තුල ප්‍රතිකාර සේවා සදහා යොමු කරනවා ද යන්න තීරණය කෙරෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව අමාත්‍යවරිය සඳහන් කළාය.

සාමාජ මාධ්‍ය ජාලයන්හි පසුගිය දිනවල ප්‍රචාරය වූයේ රෝගීන් පළමුවරට ඇතුළත් කරන වාට්ටුවේ දර්ශන බව තමන් එහි ගිය අවස්ථාවේ දැනගත් බව කී අමාත්‍යවරිය කොවිඩ් රෝගීන් සිටින වාට්ටු සියල්ල එසේ නොමැති බව ද කීවාය.

සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවාඅධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, රාගම රෝහලේ අධ්‍යක්ෂ එස්.පී.ඒ ලියනගේ රණවීර යන මහත්වරු ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියේය.



අදහස් (3)

සෞඛ්‍ය ඇමතිනිය රාගම රෝහලේ නිරීක්ෂණ චාරිකාවක

siri Wednesday, 04 August 2021 09:50 PM

රාගම රෝහලේ අස්සක් මුල්ලක් නෑර බිම පැදුරු කෑලි වල නිදාගෙන ඉන්න රෝගීන් ,කුණු කසල සහ බිම දමා ඇති මළමිනී මෙන්ම මිනිහෙකුට තියා සතෙකුටවත් යන්න බැරි ජරා වැසිකිලි හොඳට පෙන්වන අන්තර් ජාලයේ සංසරණය වෙන වීඩියෝවේ තියෙන දේත් පෙන්නුවානම් තම හොඳ.

:       0       0

කිරිපුතා Wednesday, 04 August 2021 11:27 PM

යම් යම් උදවිය තත්ත්වය වැඩියෙන් හුවා දක්වන බවකුත් පෙනී යනවා. අපේ රටට ගහල තියෙන හෙනය තමයි ඒ .

:       1       0

පප්ප Thursday, 05 August 2021 10:03 AM

අනේ මට දුකයි මේ දොස්තර නෝනල මේ පැනියයි මුට්ටියයි බදාගත්ත මොලේ අඩුවක් ඇති මේ මනුස්සය එන කොට එක පෙලට ඉන්න එක ගැන.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 345 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2150 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1630 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site