(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සෞඛ්‍ය අමාත්‍යාංශයේ රියදුරු හා සුළු සේවක රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින් හත්දෙනෙකුගෙන් මුදල් ලබාගත් පුද්ගලයෙකු බදුරලිය ප්‍රදේශයේදී අද (13) අත්අඩංගුවට ගත්බව මතුගම පොලිසිය කියයි.
එම රැකියාවක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ දෙකක මුදලක් ඉල්ලා ඇති සැකකරු ඒ සඳහා අත්තිකාරම් මුදල් වශයෙන් රුපියල් හතලිස් දහසේ සිට හැත්තෑදහස දක්වා පුද්ගලයින් හත් දෙනෙකුගෙන් මුදල් ලබා ගෙන දිනෙන් දින මගහැර ඇතැයි පොලිසිය කියයි.
පුද්ගලයින් හත් දෙනෙක් රැකියා බලාපොරොත්තුවෙන් මෙම පුද්ගලයාට මුදල් ලබා දී ඇති බව ලද පැමිණිලි වලින් සනාථ වන බවත් එය තවත් වැඩි වනු ඇතැයි පොලිසිය කියයි.
එම පුද්ගලයින් දොඩංගොඩ,වැලිපැන්න,බදුරලිය,මතුගම ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් බව පොලිසිය කියයි.
මෙම සිද්ධියට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ තනතුරක් දරන පුද්ගලයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු සහ කොළඹ පදිංචි තවත් අයෙකු සම්බන්ධ බව පොලිසියට අනාවරණය වී තිබේ.
2025 දෙසැම්බර් මස 18
439
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැකියා දෙන බව කියා මුදල් ගත් අයෙක් අත්අඩංගුවට
siripala kulatunga Sunday, 13 October 2019 09:28 PM
අපේ රටේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සමහර සේවකයන් බොහෝ විට අල්ලස් අරගෙන අහිංසක රැකියා විරහිත පුද්ගලයනට රැකියා දෙන පවසා බොහෝ අහිංසක තරුණ තරුණියන් අමාරුවේ දමනවා. අවසානයේදී අහිංසක දරු දැරියන්ට ඉඩම් උකස් කර පවා සල්ලි දෙන්නට වී ඇති බව ප්‍රත්‍යක්ෂයෙන් මමද දනිමි.! වේවල්දෙනියේ සිරිපාල