(ජයන්ත සමරකෝන්)
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් වන භද්‍රානි ජයවර්ධන මහත්මිය පත්කර ඇති අතර ඇය ලබන පළමු වැනිදා වැඩ භාර ගැනීමට නියමිතය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්වීම කර ඇත.
රජයේ උසස් තනතුරු ගණනාවක්ම හොබවා ඇති ඇය අවසන් වරට ඇය කොළඹ නාගරික කොමසාරිස් ධූරය හොබවමින් සිටියදී 2015 මහමැතිවරණයෙන් පසු ඇය එම තනතුරෙන් ඉවත් කර බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයට අනියුත්ක කර වසර පහක කාලයක් කිසිඳු රාජකාරියක යොදවා තිබුණේ නැත.
ඒ අතර ඇයට එරෙහිව චෝදනා හතරක් යටතේ රාජ්‍ය සේවා කොමිසමේ පරීක්ෂණ ආරම්භ කර තිබූ අතර කිසිඳු චෝදනාවකට ඇය වරදකරු වී නැතැයිද සඳහන් වේ.
COMMENTS
මොළේ කළදක් තියෙන මනුස්සයෙකුට තේරෙනවා පහුගිය අවුරුදු 5 ඇතුළත නිවට පාලකයින් රටේ ප්‍රධාන තනතුර සඳහා පත් කර තිබෙන්නේ තනිකරම දේශපාලන හෙංචයියන් කියලා. පාස්කු බෝම්බ නෙමෙයි රට උස්සගෙන ගියත් දන්නේ නැති පාලකයෝ ටිකක් රටේ කරුමෙකට පත් වෙලා හිටියා. ටිකෙන් ටික නැවත රට ඉස්සරහට යනවා පේනකොට සතුටක් දැනෙනවා මගේ රටේ ඉදිරිය දැකලා
චෝදනා හතරක් තිබුන කෙනෙක් මොකද?
මෙතනින්ම පේනව නේද දේශපාලන පලිගැනීම් සිදු කලේ කවුද කියලා? යහ පාලන අය දැන් විකාර දොඩවනවා.
මෙතුමිය කොළොඹ නගර සභාවේ සිටින කලය තුල මහත් සේවයක් කල කෙනෙක් බව දැනිමු අවංක රාජ්‍ය සේවකයෙක් ... සුබපැතුම් එක්කරමු.
කුණු කන්දක් වෙච්ච කොළඹ ආසියාවේ අතිශයින්ම අාශ්චර්යමත් නගරයක් කරන්න ඔබතුමිය එවකට ආරක්ෂක ලේකම් වත්මන් ජනපති ගෝඨාභය මැතිතුමා එක්ක සුවිසල් වැඩකොටසක් ඉටු කරනු ලැබුවා. කාලගුණ නොදත් දේශපාලුවන් විසින් ඔබතුමියට කෙනහිලිකම් කළා. ඇත්ත කවදාහරි දිනනවා. මේ ඔබතුමිය වැනි අයගේ සේවය පෙරට වඩා රටට අවශ්‍ය කාලයයි. යලි නැගී සිටින්න, ඔබට ජය...!!!