IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සෞඛ්‍ය අමාත්‍යාංශයට කෝටි 1200 ක ණය බරක්

(යොහාන් භාසුර)

සෞඛ්‍ය අමාත්‍යාංශය සැපයුම්කරුවන්ට ගෙවිය යුතු රුපියල් බිලියන 12 ක් හෙවත් රුපියල් කෝටි 1200 ක් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් ඉදිරියේදි සෞඛ්‍ය සේවාවන් රැසක් අඩාලවීමේ අවදානමක් නිර්මාණය වී ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

මෙම කෝටි 1200 න් කෝටි 500 ක් පමණ මාස හයත් වසරත් අතර කාලයක් පැරණි ගෙවීම් පැහැරහැරීම් බවත් ඔක්සිජන් සැපයුම් සදහා පමණක් රුපියල් කෝටි 15 ක් ද, රසායනාගාර සේවා සදහා රුපියල් කෝටි 250 ක් පමණ ගෙවීමට ඇති බවත් රවී කුමුදේශ් මහතා කීය.

මෙම තත්වය හමුවේ සමාගම් ගණනාවක් ඉදිරියේදී සිය සේවාවන් අත්හිටුවීමට තීරණය කර ඇති බවත් පසුගිය සතියේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඔක්සිජන් සැපයුම අදාල සමාගම නතර කළ බවත් ඒ මහතා පැවසීය.

මෙම තත්වය සැලකිල්ලට ගෙන  ගොඩගැහෙන ණය මුදල් ගෙවා දැමීම සදහා කඩිනම් වැඩපිළිවෙලක් ලබා නොදෙන්නේනම් සහ රටේ පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන සේවාවන් අඩාල නොකරමින්, වියදම් පාලනය සදහා දක්ෂ පරිපාලකයන් පත්නොකරන්නේ සෞඛ්‍ය සේවය බරපතල කඩාවැටීමකට ලක්වීම නොවැලක්විය හැකි බව රවී කුමුදේශ් මහතා වැඩි දුරත් සඳහන් කළේය.

 

 



අදහස් (9)

සෞඛ්‍ය අමාත්‍යාංශයට කෝටි 1200 ක ණය බරක්

Always breakdown Sunday, 03 October 2021 02:48 PM

ජොගින් ට්‍රැක් වලට දැම්ම සල්ලි මේවට දානනකො

:       10       3

SLSunday, 03 October 2021 07:01 PM

සෞඛ්‍ය අමාත්‍යංශ කියන්නෙම හොර ගුහාවක්. බහුතරයක් පුළු පුළුවන් ආකාරයෙන් ගහනවා. හොර අතිකාල, හොයල බැලුවොත් ගන්න උපකරණ වල ඇත්ත මිල වගේ දෙතුන් ගුණයකට තමයි උපකරණ ගන්නේ, ඒවත් වසරින් දෙකෙන් අයින් කරලා දානවා කිසිම නඩත්තුවක් නැතිව. මේවට අමාත්‍යංශ වලට වඩා රෝහල් පාලනාධිකාරිය වගකියන්න ඕනේ. හැමෝම හිතන්නේ මේවා නිකන් ගෙනවා කියල. නමුත් එන්නේ ණය වෙලා ,බදු මුදල් වැය කරලා.

:       1       3

Malika Sunday, 03 October 2021 03:36 PM

ලබන අවුරුද්දෙ සෞඛ්‍යට වෙන් කරන ප්‍රතිපාදන ගොඩක් කපා හැරලාලු. අඩුවෙන්ලු මුදල් වෙන් කරලා තියෙන්නේ. ඉතිං මේ විදියට ගියාම ලබන අවුරුද්දේ මහජනයාට අසනීපයක් උනාම ගොඩක් අමාරු වෙයි. දැන් මේ ණය නොගෙවා හිටියාම සැපයුම් කරුවන්ගේ සැපයුම අඩු වෙයි. ලොකු අය නම් ඉතිං පුද්ගලික රෝහල් වලට හෝ සිංගප්පූරු හරි යාවි. පොඩි මිනිහාට තමා තට්ටු වෙන්නේ. වැඩියෙන් මෙයාලට ඡන්දය දුන්නෙත් පොඩි මිනිසුන්. නැතිකරන්න හදන්නෙත් ඒ අයමයි.

:       1       2

Senarath Sunday, 03 October 2021 03:37 PM

මෙයා බලාගෙන ඉන්නේ තවත් වැඩ වර්ජනයක් කරලා නැවතත් කොරෝනා ව්‍යාප්ත කරලා සැපයුම් කරුවන්ට තවත් කෝටි 1200ක් විතර ලබාගන්න ක්‍රමයක් හදන්න.

:       1       7

රජයේ රෝහලේ ලෙඩා Sunday, 03 October 2021 03:43 PM

ඒ ණය ගැන රජය බලාගනියි, මුකුත් නොකියා හිටියම අවුල් වගේ මොනවා හරි කියන්නේ නැතුව ඉන්න කොට. ටයි පොල්ලක් එල්ල ගෙන මහාචාර්යවරු වෙන්න දගලන්නේ.

:       0       5

Saku Sunday, 03 October 2021 05:01 PM

එකත් එහෙමද .. මෙතුමා ඕවට වග කියන්ඩ ඕනි නැතිව ඇති. මෙතුමා වැඩ කරන්නේ වෙන ආයතනයකනේ. තව කට්ටිය එකතු කරගෙන උද්ගෝෂණයක් කරමු..

:       1       5

Sudesh Bandara Sunday, 03 October 2021 08:53 PM

ඔක්සිජන් වලින් ඔය රෝහල් වල මහත්තුරු කොමිස් ගන්නකොට තවත් ණය බර වැඩි වෙන එක අහන්න දෙයක් ද? අම්පාර මහ රෝහලේ එක මහත්තයෙක් සිලෝන් ඔක්සිජන් සමාගමේ චෙක් එක දෙන්න ලොකු කොමිස් කුට්ටියක් ගන්නවා. ඒ වගේ අනිත් රෝහල් වලත් කරාම ඔක්කොම හරි.

:       0       6

සමන්ත Sunday, 03 October 2021 09:18 PM

මෙහෙමයි සමහරු මේ වෙලාවේ ඔය ගැන කියන්නේ රටට තියෙන ආදරේට නෙවෙයි. සමහරු ඩීල් දාලා තියෙන රසායනාගාර කොම්පැනි වලට සල්ලි හම්බවෙන්නේ නැති නිසා. මහා ලොකු ජාත්‍යාලයක් බොරුවට මවා පෙන්නනවා. එකරලා තමන්ගේ පුද්ගලික රසායනාගාරයට ප්‍රතික්‍රියක කොමිස් විදිහට ඉල්ලගන්නවා.

:       1       7

kuma Sunday, 03 October 2021 09:42 PM

තවත් එක්කෙනෙක්. බොරු මාධ්‍ය සංදර්ශන

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site