IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සැක ප්‍රදේශවල බාර් වලට සීල්

(සුජිත් හේවාජුලිගේ)

සැක සහිත ප්‍රදේශවල මත්පැන් අලෙවිසල්වලට මුද්‍රා තබන්නැයි ප්‍රාදේශීය සුරාබදු ප්‍රධානීන්ට උපදෙස් දුන් බව සුරාබදු කොමසාරිස් (නීති) කපිල කුමාරසිංහ මහතා පැවැසීය.

මේ අනුව ප්‍රදේශ රැසක මත්පැන් අලෙවිසල්වලට දැනටමත් මුද්‍රා තබා ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

කිසියම් මත්පැන් අලෙවි සලක් හොර රහසේ මත්පැන් විකුණන බවට තොරතුරු ලැබුණහොත් වහාම එම මත්පැන් අලෙවිසල්වලට මුද්‍රා තබා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පැවසූ කුමාරසිංහ මහතා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීමට ප්‍රාදේශීය සුරාබදු අධිකාරිවරුන්ට බලය ලබා දී ඇතැයිද පැවසුවේය.

හොර රහසේ මත්පැන් විකිණීම වැළැක්වීමේ පියවරක් ලෙස කොරෝනා දෙවැනි රැල්ලේදී සියලු මත්පැන් සල්වලට සුරාබදු නිලධාරීන් විසින් මුද්‍රා තබනු ලැබීය.

මේ අතර කොරෝනා වසංගතයත් සමග මෙරට මත්පැන් පාවිච්චිය ශීඝ්‍ර ලෙස අඩුවී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇතැම් පිරිස් නීතිවිරෝධී මත්පැන්වලට හා මත්ද්‍රව්‍යවලට යොමු වීමද මත්පැන් පාවිච්චියෙන් කොරෝනා මර්දන එන්නත්වලට යම් බලපෑමක් ඇතිවේයැයි යන බියද මත්පැන් පාවිච්චිය අඩු වීමට බලපා ඇතැයි සුරාබදු නිලධාරිහු පවසති.

 



අදහස් (1)

සැක ප්‍රදේශවල බාර් වලට සීල්

දාස Tuesday, 24 August 2021 06:38 AM

ජොන්සන්ගේ ඒවා ඕසෙට විකුණනවා ඇති.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site