(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

විදේශ රටකින් එවූ බවට සැක රුපියල් මිලියන 136 මුදලක සහිත  ගිණුමක් පවත්වාගෙන ගිය තරුණයෙක් රත්මලාන ධර්මාරාම පාරෙදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම මුදල් ඔහුට ලැබී ඇත්තේ විවිධ අපරාධ සිදුකර විදේශ රටකට පලා ගොස් සිටින ධර්මසිරි පෙරේරා නැමැත්තකු බවට  දැනට සිදු කළ පරීක්ෂණ වලදී හෙළි වී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

මීට මාස කීපයකට කීපයකට පෙර යම් පුද්ගලයකුගේ ගිණුමට කෝටි 49මුදලක් ධර්මසිරි පෙරේරා නැමැත්තකු එවා තිබූ අතර එම මුදලින් මිලියන 136 ක මුදලක් අත්අඩංගුවට ගත් සැකකරු ගේ ගිණුමට බැර වී ඇති බවට සැකකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.