
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජනාධිපති කොමිසන් සභාවේ සාක්කි ලබාදීම බැලීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22) කොමිසමට පැමිණියේ ය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන කොමිසමට ප්‍රකාශ ලබාදීම සඳහා ජයසුන්දර මහතා කැඳවා තිබිණි.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සයා ගවුමක්ද, සාරියක්ද ඇඳගෙන ඇවිත් තියෙන්නේ...? කවුරු හරි බලලා කියන්නකෝ...
මෙයා එදා කොමිසමට එන්න බැහැ කියමින්.., කොමිසමේ නිලධාරීන් මෙයාගේ නිවසට ගියා මෙයාගෙන් කට උත්තර ගන්න. දැන් මෙයාගේ වගකීම් පිළිබඳව සේරම පිටවෙනකොට, දරාගන්න බැරිව, දැන් කොමිසමට එනවා බලන්න.
මෙහෙම එන්න දෙනවද? ශාක්ෂි කරුවන්ව බය කරන්න තමයි එන්න ඇත්තේ...
හිටපු පොලිස්පතිතුමනි, බය නැතිව අැත්ත කියන්න.
හිටපු පොලිස්පතිතුමනි, බය නැතිව අැත්ත කියන්න. ඔබෙ නාහෙන් උඩට වතුර ගිහිල්ලා ඉවරයිනේ.
මෙයාට සාක්කි දෙන්න එන්න බැහැ කිව්වා. දැන් සාක්කි දෙන අය බය කරන්න එනවා. මේ වගේ අයනේ රටේ නායකයෝ වෙලා හිටියේ...
දැන් සාක්කි දෙන අය බය කරන්න එනවා.
මෙහෙම එන්න දෙනවද ? ශාක්ෂි කරුවන්ව බය කරන්න තමයි එන්න ඇත්තේ.
තමන්ගේ සාක්ෂි ගන්න මාලිගාවට එන්න කියපු කෙනා දැන් කොහොමද කොමිසමට ආවේ? හේමසිරි මහතාගේ සාක්ෂි බොරු කියා කියවාගන්න කොමිසමේ පෙනීසිටීම සාක්ෂිකරුට තර්ජනයක්...
අනුන් සාක්ෂි දෙනවා බලන්න කොමිසමට එන්න පුලුවන් කෙනාට තමන්ට සාක්ෂි දෙන්න වෙද්දී නිලධාරින්ව ගෙදරට ගෙන්න ගෙන සාක්ෂි දෙන්නේ ඇයි කියලා ඔය කොමිසම්වල ඉන්න අයට අහන්න බැරිද? තව අතකින් බොහොමයක් දෙනෙක් හිටපු ජනාධිපතිවරයා මෙම ප්‍රහාරයට වගකිවයුතු බව ප්‍රකාශ කර සිටියා. දැන් බලයේ සිටින බහුතරයක් ඒ අතර ඉන්නවා. එහෙම තියෙද්දි ඔහුට මේ විදියට හැසිරෙන්න ඉඩ දී තිබීමෙන් පෙනෙන්නේ ඒ සියල්ලමත් මේ ගැන දැන ඉන්නවා කියන එකමයි. පාස්කු දින ප්‍රහාරය සියල්ලම එකමුතුවෙන් කළ දෙයක්. එක්එක් පාර්ශවයන් එහි වාසි ලබා ගත්ත එක පමණයි කලේ බලය ලබා ගැනීමට... ඒ දිනවල වීරයෙකු මෙන් රඟපෑ අගරදගුරුතුමා දැන් නිහඬව සිටින්නේත් ඒ නිසාමයි.
දැන් බලයේ ඉන්න පොහොට්ටුවේ උදවිය ඒ කාලේ කිව්වේ ඔය සිරිසේන මහත්මයාලම ඕකට වගකියන්න ඕනෙ කියලා. ඊට පස්සෙ කට්ටියම එක පැත්තකට පැනගෙන ඩීල් දාලා ආණ්ඩු බලෙත් ගත්තා. විපක්ෂයේ කට්ටියත් ඔය නාටකයේම නළුවන් තමයි. හොඳම නළුවා තමයි වීරයා වගේ පෙනී හිටපු අගරදගුරුතුමා. දැන් සද්දයක්වත් නෑ. අන්තිමට කොහේහරි ඉන්න අහිංසකයෙක්ගේ පිට වැරැද්ද පටවලා මෙයාලා පැත්තකට වෙනවා.
මහජන මුදලින් යැපෙමින් කරන දෙයක් නැහැ. මේ ගොල්ලෝ පත්කරන වහල්ලුන්ට මොනවද නොකළ යුත්තේ?
පුහුල් හොරා කරෙන් දැනේ...
සිරිසේන මහත්තයා අනිවාර්යයෙන්ම වගකියන්න වෙනවා. එතුමාගේ නොසැලකිලිමත් කම නිසා සිදුවුණු අපරාධයක් මේක. ඔහු පිළිතුරු දිය යුතුයි.
පොලිස්පතිතුමනි, ඔබෙ නාහෙන් උඩට වතුර ගිහිල්ලා ඉවරයි .බයනැතිව අැත්ත කියන්න .ජනතාව ඔබෙ පැත්තේ ඉඳීවි කවදාහරි...
හිටපු ජනාධිපති වැඩකලේ කාගේ ඕඩර් එකටද කියලයි අපිට දැනගන්න ඕනෑ. හිටපු පොලිස්පතිතුමා නිවැරදියි. එතුමා සත්‍යය පවසාවි යන බිය තමයි මේ පුද්ගලයාට තියෙන්නේ... මොන කොමිෂන්වලට බලෙන් රිංගුවත් මළ මිනිසුන්ගේ ශාපයෙන් නම් මිදෙන්න බැහැ මේ සසරේදී නම්!
ආරක්ෂක ඇමැතිකම ඉටුකරන්න දෙන්නේ නැතිනම් හෝ කාලවේලා නොමැතිනම් ඒක බාරගත්තේ කුමටද? ඔබට වැඩිය දැනඋගත් දක්ෂ ජනාධිපතිවරුන් වන ජයවර්ධන, ප්‍රේමදාස, පවා ආරක්ෂ ඇමැති විදිහට කෙනෙකු පත් කළා. වගකීම් ඔහුට පැවරුවා. දැන් ඔබට ප්‍රහාරයේ වගකීම බාරගන්න වෙනවා.
ප්‍රහාරය ගැන පොලිස්පති දැනගෙන හිටියා නම් කවුරු විරුද්ධ වුණත් එය වැළැක්වීම ඔහුගේ වගකීමයි. දැන් එහෙට මෙහෙට ඇඟිලි දික්කළාට ඒ කාලේ එයත් හිටියේ අමුතු ලෝකෙක.
දැන් පේනවා නේද සිරිසේන මහත්තයා ඇත්තට ආයෙමත් පාර්ලිමේන්තුවට ආවේ ඇයි කියලා. දැන් මෙයාට පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවෙලා මේ කොමිෂන් මග හරින්ට පුළුවන්. මොහුට ඇත්තටම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකු වෙන්නට ඇති වුවමනාව මේකයි.
පොලිසිය අනිවාර්යයෙන් වගකියන්න ඕනේ... මෛත්‍රීපාල සිවිල් නායකයෙක් පමණයි. පූජිතලා පොලිසිය කෑවා.
ලොක්කා අත්දෙක තියන් යන්නේ මාංචු දාලා වගේනේ...
සිරා තමයි, මේ කාරණාවට වගකියන්න ඕනේ.
සිරා තමයි මේ කාරණාවට වගකියන්න ඕනේ..
ජනතා මුදලින් යැපෙන්නන් බලය ලබාගැනීම සඳහා කළ අපරාධවලට ළඟදීම සොබාදහම විසින් දඬුවම් දෙනු නිසැකයි. ඒ වෙනකල් වැඩ පෙන්නන්න ඉඩ දෙමු. නහයට උඩින් වතුර ගියාම කව්ද බයවෙන්නේ? මොනවා වුණත් එකයි.
ජනතාව ද්‍රෝහී වුණේ ඇයි? 62 ලක්ෂයක ඡන්ද අරන් ගුණමකු විදිහට සතුරාට එකතු වුණා වගේ වැඩක් කළේ. රට කරන්න දුන්නේ නැතිව කකුලෙන් ඇදපු එකමයි කරපු රාජකාරිය... ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් කරලා අගමැති වෙනස් කිරීමේ වැරැද්දට හිරේ යන එක නම් නවත්තන්න කෙනෙක් නැතිවෙයි. රනිල්ගේ මොලේ අතේ දුරින් තියාගත්තේ. පේනවනේ කරලා තියෙන උද්දච්ඡ වැඩ ... ඉගිල්ලෙනකොටවත් සුද පෙනෙන්නේ නැති කණ කොක්කු ඉන්නවද? දඬුවම් නොදුන්නොත් කුමට මෙරට අධිකරණය සහ සාධාරණ සමාජය..? දැන් ශාපෙ වැදීගෙන එනවා. මනමේ නාට්‍යයේ මනමේ කුමාරි මතක් වෙනවා.