(අජිත්ලාල් ශාන්තඋදය)
රත්නපුර උසාවි සංකීර්ණයේ සිට බන්‍ධනාගාර බස් රථය වෙත ගෙන එමින් සිටි සැකකරුවන් අතර සිටි එක් සැකකරුවෙක් අද (29) සවස බන්‍ධනාගාර නිලධාරීන්ගේ අත්අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි පොලිසිය පවසයි.
සැකකරුට දමා තිබූ මංචු ගලවාගෙන මෙසේ පලාගොස් ඇති බවත් එසේ පලාගිය සැකකරු මෝටර් කාරයක නැගී රත්නපුර නගරය දෙසට ගිය බවට තොරතුරු සඳහන් වූ බවත් රත්නපුර පොලිසිය සඳහන් කරයි.
මෙම සැකකරුට මහාධිකරණයේ නඩු ගණනාවක් ඇතිබවත් පොලිසිය පැවසුවේය. මෙම පලායාම යම් සැලසුමක් පරිදි කරන්නට ඇති බව පෙනෙන්නට ඇති බව පැවසූ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාංචු ගලවාගෙන? බොහොම හොඳට සැලසුම් සකස් කරලා තියන හැඩයි.