IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘සාක්කිකරුවන් ආරක්‍ෂා කරගැනීමට අල්ලස් කොමිසමේ නීතීඥවරුන් කටයුතු නොකිරීම කණගාටුවට කරුණක්‘

(මනෝප‍්‍රිය ගුණසේකර)

අල්ලස් නඩු වල සාක්කිකරුවන් ආරක්‍ෂා කරගැනීම අල්ලස් කොමිසමේ වගකීමක් බව පෙන්වා දුන් කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය සාක්කිකරුවන් ආරක්‍ෂා කරගැනීමට අල්ලස් කොමිසමේ නීතීඥවරුන් කටයුතු නොකිරීම කණගාටුවට කරුණක් යැයි කීවාය.

නඩුවක සාක්කිදීම සඳහා අධිකරණයට නොපැමිණිම නිසා වරෙන්තු නිකුත් කොට සිටි අල්ලස් නඩුවක සාක්කිකරුවන් වන පොලිස් පරීක්‍ෂවරයකු හා උප පොලිස් පරීක්‍ෂවරයකු අත්අඩංගුවට ගන්නා ලෙස නියම කළ නඩුවක් කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලූ විනිසුරුවරිය එලෙස නියම කළාය.

ඒ අනුව අල්ලස් කොමිසමේ වැටලීම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂ එච්.එම්. වික‍්‍රමසිංහ මහතා සපුගස්කන්ද පොලිසියේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සුගත් රොෂාන් සංජීව මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් නිකුත් කොට තිබු වරෙන්තු ආපසු කැ`දවීමටද විනිසුරුවරිය වැඩිදුරටත් නියම කළාය.

මීනීමැරුම් නඩුවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් වැළැක්වීම ස`දහා සපුගස්කන්ද පොලිසියේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සුගත් රොෂාන් සංජීව මහතාට රුපියල් ලක්‍ෂ 15ක අල්ලසක් ලබාදීම සම්බන්ධයෙන් වත්තල-මාබෝල නගර සභාවේ හිටපු උප නගරාධිපතිවරයාට එරෙහිව අල්ලස් කොමිසම මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති අතර එහි සාක්කිකරුවන් වශ්‍යයෙන් පොලිස් පරීක්‍ෂක සුගත් රොෂාන් සංජීව මහතා සහ උප පොලිස් පරීක්‍ෂ එච්.එම්. වික‍්‍රමසිංහ මහතා නම් කොට තිබිණි.

මෙම නඩුව විභාග කිරීම සඳහා කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ලේ සාක්කිකරුවන් වන පොලිස් පරීක්‍ෂක සුගත් රොෂාන් සංජීව මහතා සහ උප පොලිස් පරීක්‍ෂ එච්.එම්. වික‍්‍රමසිංහ මහතා අධිකරණයේ පෙනී සිටියේ නැති අතර ඔවුන් නොපැමිණීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් නොවීම නිසා ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් වරෙන්තු නිකුත් විය.

එම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ශ‍්‍රවින්ද්‍ර රුද්‍රිගු මහතා කරුණු ඉදිරිපත් කරමින් අල්ලස් නඩුවන සාක්කිකරුවන් වන මෙම නිලධාරීන් වෙනුවෙන් තමන් අධිකරණයේ පෙනී සිටින බවත් ඔවුන්ට එරෙහිව නිකුත් කොට ඇති වරෙන්තු ආපසු කැඳවා ගැනීම සඳහා මෙලෙස කරුණු ඉදිරිපත් කරන බවත් දැනුම් දුන්නේය.

මෙම නඩුවේ සාක්කි දීමට නියමිතව තිබු දිනයේදී නඩුවේ සාක්කිකරුවකු වන පොලිස් පරීක්‍ෂක සුගත් රොෂාන් සංජීව මහතාගේ බිරිඳ හා දියණිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණයේ පවරා ඇති නඩුව සාක්කිදීම සඳහා ඔහු අනුරාධපුර මහාධිකරණයට ගොස් ඇති බවත් අල්ලස් කොමිසමේ වැටලීම් අංශයේ ස්ථානාධිපතිවරයා වන උප පොලිස් පරීක්‍ෂ එච්.එම්. වික‍්‍රමසිංහ මහතා පශූ සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා කළ වැටලීමට සහභාගී වී ඇති බවත් නීතීඥ ශ‍්‍රවින්ද්‍ර රුද්‍රිගු මහතා දැනුම් දුන්නේය.

ඔවුන් ඒ බව අල්ලස් කොමිසමට දැනුම් දී ඇති බවත් නමුත් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ඒ බව අධිකරණයට දැනුම් දීමට ක‍්‍රියා කොට නොමැති බවත් ඒ හේතුව මත තම සේවාදායකයින්ට වරෙන්තු නිකුත් වී ඇති බවත් දැනුම් දුන් නීතීඥ ශ‍්‍රවින්ද්‍ර රුද්‍රිගු මහතා තම සේවාදායකයින් අධිකරණය මඟහැරීමට කටයුතු කොට නැතැයිද මේ තත්වය මත ඔවුන්ට එරෙහිව නිකුත් කොට ඇති වරෙන්තු ආපසු කැඳවන්නැයි ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරියඅල්ලස් නඩු වල සාක්කිකරුවන් ආරක්‍ෂා කරගැනීම අල්ලස් කොමිසමේ වගකීමක් බවත් අධිකරණයට පැමිණීමට ඇති අපහසුතාවය සාක්කිකරුවන් දැනුම් දී තිබියදීත් සාක්කිකරුවන් ආරක්‍ෂා කරගැනීමට අල්ලස් කොමිසමේ නීතීඥවරුන් කටයුතු නොකිරීම කණගාටුවට කරුණක් බවත් පැවසු විනිසුරුවරිය එම නඩුවේ සාක්කිකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් නිකුත් කොට තිබු වරෙන්තු ආපසු කැඳවුවාය.

මෙම නඩුව ලබන දෙසැම්බර් 03 වැනිදා යළි කැඳවීමටද විනිසුරුවරිය නියම කළාය.
 
 
 
 
 
 
 
 
 
 
 

 



අදහස් (0)

‘සාක්කිකරුවන් ආරක්‍ෂා කරගැනීමට අල්ලස් කොමිසමේ නීතීඥවරුන් කටයුතු නොකිරීම කණගාටුවට කරුණක්‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site