IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


සාක්කිකරුවන්ට බලපෑම් කළ පුද්ගලයකු අල්ලන්න නියෝග

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
පැල්මඩුල්ල පොලිසියේ කොස්තාපල්වරයකුට එරෙහි අල්ලස් නඩුව සමාදාන කරගන්නා ලෙස එහි සාක්කිකරුවන්ට මහරගම පොලිසියේ නිලධාරියකු බව කියමින් බලපෑම් කළ පුද්ගලයා පිළිබඳව වහාම සොයා බලා වාර්තා කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අල්ලස් කොමිසමට අද (09) නියම කළේය.
 
පැමිණිල්ලේ සාක්කිකරුවන්ට බලපෑම් නොකරන ලෙස විත්තිකාර පොලිස් කොස්තාපල්වරයාට තරයේ අවවාද කළ විනිසුරුවරයා පැමිණිල්ලේ සාක්කිකරුවන්ට බලපෑම් කළ බව හෙළිවුවහොත් නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඞ් බාරයේ රඳවා තබන බව දැනුම් දුන්නේය.
 
රථවාහන වරදක් කළ තී‍්‍රරෝද රථ රියදුරෙකුගේ ජාතික හැඳුනුම්පත හා රියදුරු බලපත‍්‍රය ආපසු ලබාදීම සඳහා අල්ලසක් ඉල්ලා ලබාගැනීමට අදාළ නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ නීතීඥ අනුෂා සම්බන්දප්පෙරුම මහත්මිය ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ විනිසුරුවරයා එලෙස නියම කළේය.
 
2017 ජුලි මස 29 වැනිදාත් 2017 අගොස්තු මස පළමු වැනිදාත්  අතර කාලයේ පැල්මඩුල්ලේදී රථවාහන වරදක් කළ තිලක් ලෙස්ලි කුමාර නමැත්තාගේ ජාතික හැඳුනුම්පත හා රියදුරු බලපත‍්‍රය ආපසු ලබාදීම සඳහා ඔහුගෙන් රුපියල් 6,000 අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනා මත අල්ලස් කොමසම විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණි.
අල්ලස් කොමසම විසින් මෙලෙස නඩු පවරන ලද්දේ පැල්මඩුල්ල පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල් ජයන්ත සමරකෝන් විජේසිංහ නමැත්තාට එරෙහිවය.
 
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ නීතීඥ අනුෂා සම්බන්දප්පෙරුම මහත්මිය කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවේ සාක්කිකරුවන්ට පොලිසියේ නිලධාරියකු බව කියාගන්නා පුද්ගලයකුගෙන් බලපෑම් එල්ල වී ඇතැයි දැනුම් දුන්නාය.
 
ඒ අවස්ථාවේදී පැමිණිල්ලේ සාක්කිකරුවන් වන තිලක් ලෙස්ලි කුමාර නමැත්තා සහ තවත් පුද්ගලයකු වෙන වෙනම අධිකරණය හමුවට කැඳවනු ලැබු විනිසුරුවරයා සිදුවුයේ කුමක්දැයි වෙන වෙනම ප‍්‍රශ්න කළේය.
 
එම ප‍්‍රශ්න වලට පිළිතුරු දුන් ඔවුන් මහරගම පොලිසියේ බව කියාගත් මහත්තයෙකු පෙර දිනයක සිය නිවසට පැමිණ මෙම නඩුව සමාදාන කරගන්නා ලෙස දැනුම් දුන් බවත් ඔහුගේ නම කුමක්දැයි තමන් අසා දැනනොගත් බවත් පැවසුහ.



අදහස් (0)

සාක්කිකරුවන්ට බලපෑම් කළ පුද්ගලයකු අල්ලන්න නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 232 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2088 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1595 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site