(නිමල කොඩිතුවක්කු)
ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් වීම සම්බන්ධයෙන් වන නඩු විභාගයට හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරිමට ඉඩ නොදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පැවසීය.
ජාතික පුස්තකාල ප‍්‍රලේඛන සේවා මණ්ඩලයේ අද (31) පැවති මාධ්‍ය හමුවක ඇය මෙසේ කීවාය.
ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් වීම සම්බන්ධයෙන් වන නඩු විභාගයේ සත්‍ය දැනගැනීමේ අයිතිය තමන්ට මෙන්ම රටේ ජනතාවට ඇති බැවින් ඒ සඳහා අවස්ථාව ලබාදීම රජයේ වගකීම බවත් එක්නැලිගොඩ මහත්මිය සඳහන් කළාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය මෙසේ ද කීවාය.
‘2009 අගෝස්තු මාසයේදි ප‍්‍රගීත්ව පළවෙනි වතාවට පැහැරගෙන යනවා. පැහැරගෙන ගිහින් ඊට පහුවෙනිදා උදේ ප‍්‍රගීත්ව මුදා හැරියා. 2010 ජනවාරි 24 වැනිදා ප‍්‍රගීත්ව නැවත පැහැරගෙන ගිහින් අතුරුදන් කළා. 2015 වෙනකම් මේ දේවල් කළේ කවුද කියලා අපි දැනගෙන හිටියේ නැහැ. ප‍්‍රගීත්ට පෞද්ගලික හතුරො හිටියේ නැහැ.
ඒ වෙනකොට තිබුණ දේශපාලන තත්වය සහ රටේ තිබුණ හොරකම් දූෂණ ගැන සහ රාජපක්ෂලා ගැන ඔහු ලියාලා තිබුණා. මෙයට අමතරව ඔහු රසායනික අවි පිළිබඳ ලිපියක් පළ කළා සහ ඒ පිළිබඳ විවිධ කණ්ඩායම් දැනුවත් කළා. ප‍්‍රගිත් ඒ ලිපිය ලිව්වෙත් ඔහුට ලැබුණු දත්ත මතයි.
ඒ හැරෙන්න ප‍්‍රගීත් කාටවත් මඩ ගැහුවේ නැහැ. ප‍්‍රගීත් පළමු වථාවට පැහැර ගැනීම සම්බන්ධයෙන් බොහෝ විට ඒක පාදක වෙන්න ඇති කියා මා විශ්වාස කරනවා. පළමු වතාවේ ප‍්‍රගීත් මුදාහැරිය එම කණ්ඩායම 2010 ජනවාරි 24 වැනිදා ප‍්‍රගීත්ව පැහැරගෙන අතුරුදන් කළා කියලා විමර්ශන මගින් හෙළි වෙලා තියෙනවා.
දැනට මේ කණ්ඩාමට එරෙහිව හෝමාගම සහ කොළඹ ස්ථිර ත‍්‍රිපුද්ගල අධිකරණයේ නඩු ගොනු කරලා තියෙනවා. මටත් ප‍්‍රගීත්ටත් මඩ ගහන එකත් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමටත් එම කණ්ඩායම යළි ආරම්භ කර තිබෙනවා. මේ වනවිට තියෙන සාක්ෂි විනාශ කරලා සාක්ෂිකරුවන් බිය ගන්වලා ඒ මත මේ නඩුව අවුල් කිරීමේ උත්සාහයක් තියෙනවා.
මෙම අපරාධය හා සම්බන්ධ දැනට හඳුනාගෙන සිටින මෙම හමුදා බුද්ධි අංශ නිලධාරින් නිදොස් කොට නිදහස් කරන්නවත්, මේ අපරාධය වසන් කරන්නවත් එපා කියලා මම මේ රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ අධිකරණ ක‍්‍රියාදාමයට ඇඟිලි ගහන්න එපා කියන ඉල්ලිමත් සත්‍ය සහ යුක්තිය ඉෂ්ඨ කරන්න කරන්න කියන ඉල්ලීමත් මම මේ රජයෙන් ඉල්ලා සිටිනවා.
මොකද මේ අධිකරණ ක‍්‍රියාදාමය 2015 සිට 2019 කාළය වගේ ස්වාධීනව ක‍්‍රියාත්මක වුණොත් පමණයි මට සහ දරුවන්ට යුක්තිය ඉෂ්ඨ වෙන්නේ. මේ සිද්ධියේ සත්‍ය ජනතාවට දැනගන්න නම් මේ අධිකරණ ක‍්‍රියාදාමයට ඇඟිලි ගැසිම නැවැත්විය යුතු වෙනවා.
මේ නඩුවට අදාළ නැති විවිධ පුද්ගලයන් මේකට දැන් බලපෑම් කරමින් සිටිනවා. මේක අපරාධයක් මේකට අනුබල දෙන අයත් අපරාධකරුවන්මයි. ඒ නිසා මම ඒ අයට කියන්න කැමතියි තමන්ගේ දේශපාලන වුවමනාවන් සඳහා ප‍්‍රගීත්ගේ අතුරුදන්වීම පාවිච්චි කරන්න එපා කියලා.
ඒ අයට පාඨලී චම්පික රණවකත් එක්ක දේශපාලන ප‍්‍රශ්නයක් තියෙනවා නම් ඔහුත් එක්ක ඒ දේවල් විසඳගන්න කියලා මම ඉල්ලා සිටිනවා. ප‍්‍රගීත්ගේ අතුරුදන්වීම සහ මේ නඩුත් එක්ක පාඨලීව සම්බන්ධ කරන්න එපා මොකද ප‍්‍රගීත්ව පැහැරගැනීම මෙහෙය වූයේ කවුද කියා අද මේ රටම දන්නවා. මේ වනවිට හෙළි නොවූ සත්‍යයත් ඒකයි.’

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් මේ අම්මට දෙන දසවදේ. එක වෙලාවක උසාවියේදී කැත පරුෂ වචනයෙන් බැන වදිනවා පුජ්‍යය පක්ෂේ. මේ නඩුව අහලා ඉවරකරනකම් ඉන්න බැරි ඇයි මේ නොමිනිසුනේ. අම්මා කෙනෙකුගේ දුක මේ අය දන්නේ නැද්ද? අම්මේ ඔබේ අදහස අලුත් රජයෙන් ඉටු කරාවී. ඉවසන්න අම්මේ..........
මේ වාර්තාව කියෙව්වම අපට එක්නැලිගොඩ නෝනා ගෙන් අහන්න තියෙන්නේ ප්‍රශ්න දෙකයි. ඔහෙට ඕන ඇත්තටම ප්‍රගීත් හොයා ගන්නද ? නැත්තන් වෙන කෙනෙක් බේර ගන්නද? එහෙමත් නැත්නම් ජනතාවට වහ කදුරු උණු පහුගිය ආණ්ඩුව රත්තරන් කියන්නද?
රජයෙන් ඉල්ලන්න එපා. ගිහින් ඔය නාඩගමේ නිෂ්පාදකයන් වන නොර්වේ රජයෙන් හරි දෙමළ කොටි ඩයස්පොරාවෙන් ඉල්ලගන්න.
ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකන් තානාපති කාර්යාලයේ රැකියාව අහිමි වීමෙන් පසු ඇය සැබවින්ම කලබල විය යුතුය. එහි රැකියාවක් ලබා ගැනීම සඳහා ඇය කුමන ආකාරයේ සුදුසුකම් ලබා ඇත්දැයි කල්පනා කරන්න.
අසරණ වුන කාන්තාවකට ගරහන එක සිංහල කමටත් එක්ක නිගාවකි.මේ දුපතේ ඉන්නේ මහා කාලකන්නි මිනිස්සු.
සන්ද්‍යා එක්නැලිගොඩ මහත්මියගේ දේශපාලන පසුබිම නොවේ සොයන්නට අවශ්‍ය වන්නේ ඇයගේ දේශපාලනය කුමක් වුවද කිසිවෙකුටත් ඇයගේ ස්වාමිපුරුෂයා, ඇයගේ දරුවන්ගේ පියා ඔවුනට අහිමි කරන්නට කිසිවෙකුටත් අයිතියක් නැහැ. ඇය මහත්සේ අසරණ වූ කාන්තාවක්. තම සැමියා, තම දරුවන්ගේ පියා සොයමින් දුක් විඳින කාන්තාවක්. ඇයට නොව මේ අසාධාරණය සිදුවුනේ තමන්ටනම් තමන්ට ඒ සම්බන්ධයෙන් කුමක් සිතෙවිද දැනේවිද කියා කල්පනා කර බලන්න. බුදුරජානන් වහන්සේ, තම දුක කියාගෙන තමන් වහන්සේගේ පාමුලට පැමිණි පටාචාරාට සරණ වුනේ කෙසේද කියා සොයා බලන්න. උන්වහන්සේ ඇයට අපහාස කළේ නැහැ.
හරි හරි ඒවා අපි බලාගන්නම්... ඔහේ පිටරට ඉන්න සැමියාට සුබ අලුත් වුරුද්දක් වේවා කියන්න...
මෙයා තමයි ජිනීවා ගිහින් ලංකාවට එරෙහිව ලංකා හමුදාව රසායනික අවි භාවිතා කළා කියල සාක්කි දුන්නු කෙනා. හරි නම් අත්අඩංගුවට ගන්න ඕනේ.
ප්‍රගීත්ගේ සටන (රසායනික බෝම්බ චෝදනා) ජයගත්තා නම් අපේ රට එක්සත් ජාතීන්ගේ ආරක්ෂාව යටතේ තිබෙන රටක් වෙනවා.
ඔන්න ආයෙත් පටන් ගත්තා. අත්තිකාරම් හම්බෙලා වගේ.
වහලුන්ගේ වහල් කම හොඳට පේනවා සමහර අදහස් දැක්කම.
මේ ඉල්ලීම සාධාරණයි. මේ ඉල්ලීම පමණක් නොව තමන්ගේ පවුල් වල අතුරුදහන් වුන කෙනෙක් ඉන්නවා නම් එම අතුරුදහන් වුන කෙනාට උනේ මොකද්ද එම තුරුදහන් කිරීම කලේ කවුද කියල දැන ගැනීමට එවැනි ඉල්ලීම් කරන සියලු දෙනාටම අයිතියක් තිබෙනවා. ඇයි මේක තේරුම් ගන්න බැරි?
මේ නඩුව ඉවර කරන්න මෙයාට කවදාවත්ම ඕනෑකමක් නැහැ . මොකද එහෙම වුනොත් එන් ජී ඕ ආධාර නැතිවෙනවා- ජීවත්වෙන්න මගක් නැතුව යනවා . එක් නැලිගොඩ උන්නැහේට උනෙත් ඕකමයි . එන ජී ඕ කාරයෝ මිනිහව චූන් කරා අන්තිමට " ලිමිට් එක පැන්න" නැත්නම් රජයත් , රාජපක්ෂවරුනුත් සාධාරන විදියට විවේචනය කරපු සබැ මාධ්‍යෙව්දියො ( මාද්‍යවේදීන් කියල ස්වයං ලේබල් අලවාගෙන ඉල්ලන් කාපු අය නෙමේ ) ඕනෑතරම් හිටිය . දැනුත් ඉන්නවා