IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සීඅයිඩීය සාෆි ගැන කරන පරීක්ෂණ පක්ෂග්‍රාහී යැයි විරෝධතාවක්

(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ සහ චාන්දනී දිසානායක)

වෛද්‍ය  සාෆි සම්බන්ධව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන පරීක්ෂණ පක්ෂග්‍රාහී බවත් කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයා ඇතුළු අගතියට පත් මව්වරුන් වෙනුවෙන් පෙනීසිටින පාර්ශවවලට එල්ලවන බලපෑම් නවතන ලෙසත් ආණ්ඩුවට බල කරමින්  අද (30) උදෑසන කුරුණෑගල දී උද්ඝෝෂණයක් සහ විරෝධතා පා ගමනක් පැවැත්විණි.

මෙම විරෝධතාවය සඳහා මහා සංඝරත්නය, සිවිල් සංවිධාන නියෝජිතවරු, දේශපාලනඥයෝ, රෝහල් සේවකවරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

එහිදී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කියා සිටියේ රටේ ජනතාවගේ ආරක්ෂාවට සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශපාලන අතකොලුවක් වී අද වනවිට සාෆි වෙනුවෙන් පෙනීසිටින බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ මෙම ක්‍රියා කලාපයට පොලිසියේ බහුතරයක් විරුද්ධ බව පැවසූ රතන හිමියන් රටේ පාලකයින්ට උරුමයක්, සංස්කෘතියක් නැති වුවත් මේ රටේ ජනතාව තවම අවදියෙන් සිටින බවද පැවසූහ.



අදහස් (6)

සීඅයිඩීය සාෆි ගැන කරන පරීක්ෂණ පක්ෂග්‍රාහී යැයි විරෝධතාවක්

bitter truth Tuesday, 30 July 2019 07:43 AM

තමන්ට ඕන තීන්දුව උසාවි වලින් නොදුන් නිසා කෝප වෙලා. දුකයි

:       0       0

සේන Tuesday, 30 July 2019 07:54 AM

පක්ෂග්‍රාහී වග ඉතා පැහැදිලියි. මුදලට හෝ සුළු ඡන්දයට සියල්ල යට ගසමින් සිටින වග පෙනේ. වැටත් නියරත් ගොයම් කා නම්, රට තුළ කැරළි ඇතිවීම වැලක්විය නොහැක. කිමද තම සුඛ විහරණය උදෙසා සියල්ල කණපිට පෙරළන්නට කිසිවෙකුටත් අයිතියක් නැත.

:       0       0

Thushara Tuesday, 30 July 2019 08:17 AM

සිංහල ජාතියට, රටට, ආගමට බලපෑම් එනකොට ඉතිහාසයේ ඉඳලාම පාරට බැස්සේ සංඝරත්නය... නමුත් දැන් මේ පාට, පක්ෂවලට පිල් බෙදුණු පිරිහුණු සිංහල ජාතිය සංඝරත්නයට බනිනවා... ලෝකේ ඉන්න එකම ජාතිය සිංහල.. එකම රට මේ රට.. එ්ත් මේවා තේරුම් ගන්න බැරි මේ පිරිහිණු සිංහල ජාතියට යම් දවසක් තේරුම් ගනීවි. එ්ත් එදාට පරක්කු වැඩියි .. මේ පිරිහුණු සිංහල ජාතිය එදාට සුළු ජාතිය වෙලා.

:       0       0

Bamunuarachchi Tuesday, 30 July 2019 08:32 AM

අපේ හාමුදුරුවනේ, බදියුදීන්ට ඇමතිකම දුන්න එකත් මේකටම ඈඳාගන්න. ජනතාවගේ සිත් අවධියෙන් තියන්න.

:       0       0

Sugath Premalal Tuesday, 30 July 2019 08:35 AM

අනිවාර්යයෙන්ම මෙසේ කල යුතුයි. අහිංසක ජනතාවගේ ආරක්ෂාව, නීතිය, බල්ලට ගිහින්.. ඩොලර්, රියාල් වලට ජාතිය පාවාදෙනවා...

:       0       0

ලුම්බිණි Tuesday, 30 July 2019 09:09 AM

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන පරීක්ෂණ විතරක් නොවෙයි සියලුම පරීක්ෂණ, තමන්ට කැමති විදියේ තීරණයක් දුන්නේ නැත්නම් පක්ෂග්‍රාහී විදියට දකින ජාතියක් අපි.

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site