(නිමන්ති රණසිංහ)
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරි වෛද්‍ය මෙහොමඩ් ෂාෆි මහතාගේ සිද්ධියට අදාළව කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 8ක පමණ කාලයක් ප‍්‍රකාශ සටහන් කරගෙන ඇතැයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු අද (21) පැවසීය.
වෛද්‍ය මොහොමඩ් ෂාෆි මහතා සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තාවකට අදාළව මෙන්ම, එම වෛද්‍යවරයාගේ වත්කම් පිළිබද නියෝජ්‍ය පොලිස්පතිවරයා සිදුකළ පරික්ෂණ සම්බන්ධයෙන් මෙම ප‍්‍රකාශ සටහන් කර ගැනීම සිදුකර ඇතැයි ද එම උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මංකොල්ලකෑම් විමර්ශන අංශය කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් පැය අටකට අධික වේලාවක් මෙම ප‍්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර, තවදුරටත් ප‍්‍රකාශ සටහන් කර ගත යුතු වුවහොත් නැවත කැදවනු ලබන බව ද ඔහු වෙත දැනුම් දී තිබේ.
COMMENTS
අම්මපා? දවලට කන්න බුරියානි ගෙනාවේ පාර්ලිමේන්තුවේ කැන්ටිමෙන්ද?
මෙව්ව කියෙව්වම අපේ පපු කැවුතු පත්තු වෙනවා. රටේ මොන විගඩමක් වෙනවද කියලා හිතා ගන්න බෑ. දේශපාලනය මේ රට නැත්තටම නැති කරලා
ඔං ලංකාව තවත් වාර්තාවක් තිබ්බා. නියෝජ්‍ය පොලිස්පතිගෙන් ප්‍රසව හා නාරිවේදය ගැන වෙන්නැති ප්‍රශ්න කලේ? යම්කෙනෙකු අසීමිත ධනයක් කෙටි කලකදී හොයනකොට හා බුද්ධි තොරතුරු ලැබෙනකොට යම් යම් අකටයුතු දේවල් බල ප්‍රදේශය තුල සිදුවෙන බවට ඒ ගැන ක්‍රියා නොකර සිටීමයි ද බලාපොරොත්තු වෙන්නේ? එහෙම නැතිනම් අර දේශපාලුවෝ ටික කලා වගේ තමන්ගේ ඇඟ බේරාගෙන ගෙදරට වෙලා ඉන්න එකද? ඊට පස්සේ තමන් නෑර මුළු ලෝකයම වැරදියි කියන එකද?