(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
හිටපු රහස් පොලිස් අධ්‍යක්ෂ හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ෂානි අබේසේකර මහතා අද(20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයාව සිටි කාලයේ තමන් ගාල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහයකයකු ලෙස තනතුරින් පහළ හෙළීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව පවසමින්, ඊට වන්දි ලෙස රුපියල් කෝටියක් රජයෙන් අය කර දෙන ලෙස ඉල්ලා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර ඇත.
එසේම තමාගේ තනතුර පහළ දැමීමට ගත් තීරණය අවලංගු කර නැවතත් රහස් පොලිස් අධ්‍යක්ෂක තනතුරේ පිහිටුවන නියෝගයක් නිකුත් කරන්නැයි ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා ඉල්ලා සිටී.
නීතීඥ මංජුල බාලසූරිය මහතා මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පති , ජාතික පොලිස් කොමිසම සභාපති ඇතුළු සාමාජිකයන් , නීතිපති ඇතුළු 17 දෙනෙක් නම් කරනු ලැබ සිටිති.
COMMENTS
ඉස්සර මම බෙහෙවින් ගෞරව කළ පොලිස් නිලධාරියෙක්. හැබැයි, ෂාෆිගේ නඩුවේදී මොකද වුනේ කියලා හිතාගන්නත් බැරුව ගියා...
එතුමා ජීවිත ආශාව අත්හැරගෙන වගේ...
තල වපුරා මුං බලාපොරොත්තු නොවන්න. දක්ෂ නිලධාරියෙකු වූ නුඹ, දේශපාලකයින්ගේ මන දොල පුරවන්නට ගොස් කීර්තිනාමයත්, තනතුරත් දෙකම අහිමි කරගත්තා. රාජ්‍ය නිලධාරින් දේශපාලන වුවමනාකම් ඉටු කිරීමෙන් අත්වන ප්‍රතිඵලය පිළිබඳ අනාගත පූර්වාදර්ශයක් වේවි...!!!
බලමු නීතිය කොහොම ක්‍රියාත්මක වෙයිද කියලා...
ඕවා කිව්වට මහා උළු ගෙදර යකඩ කූරු ගැන ගැන ඉන්න එක වළක්වාලිය නොහැකිය.
මෙවැනි නඩු ඉදිරියේදී තවත් ඒවි. හේතුව දේවත්වයෙන් සැලකිය යුතු රාජකාරිය නීතියෙන් පරිභාහිරව ක්‍රියාත්මක කරන කවුරුත් හොඳින් සිහිතබා ගතයුතු දෙයක් තමා කවදා හෝ තමන්ට උත්තර දෙන්න වෙයි කියන එක. අනෙක රාජකාරිය කියන එක කුලියට කරන එකක්... ස්වාමියාට නොගැලපෙනවා නම් වෙනස් කිරීම හෝ ඉවත් කිරීමේ අයිතිය ස්වාමියා සතුමයි.
මෙතැනදී තමයි මහින්ද අගමැතිතුමා ගේන්න හදන පනතේ වටිනාකම පේන්නේ. එම පනත යටතේ රජයේ නිලධාරීන් වරදකරුවන් වෙන්නේ නැහැ තිබෙන ආණ්ඩුවේ නීති ක්‍රියාත්මක කළාට...
ඒ ඔයා කඩකරපු අයිතිවාසිකම් මතක් කරගන්න.