(අනීෂා මානගේ)

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් තංගල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ තසිඳු කවිෂාන් ශිෂ්‍යයා ලකුණු 200න් 200ම ලබා දිවයිනේ පළමුවැන්නා බවට පත්වී ඇත.

තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශයේ පදිංචි තසිඳු කවිෂාන් පළමු ශ්‍රේණියේ සිටම තංගල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය ලබා තිබේ.

තසිඳු කවිෂාන් දරුවන් දෙදෙනකුගෙන් යුතු පවුලෙ වැඩිමහල් දරුවා වේ.

විද්‍යාඥයකු ලෙස නාසා ආයතනයේ සේවය කිරීමට ඔහු බලාපොරොත්තු වන බව අප කල විමසීමෙදී ඔහු පැවසුවේය.