(යොහාන් භාසුර)
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව උපකාරක පංති, දේශන සහ සම්මන්ත්‍රණ පැවැත්වීම ආදි ක්‍රියාකාරකම් රැසක් අනිද්දා (18) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් යැයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අපොස උසස් පෙළ විභාගයට අදාල උපකාරක පංති, දේශන සහ සම්මන්ත්‍රණ පෙබරවාරි මස 1 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව ද එම දෙපාර්තමේන්තුව තව දුරටත් කියයි.
ඉහත විභාග සඳහා අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම හෝ ඒවා බෙදාහැරීම, විභාග ප්‍රශ්න පත්‍ර ලබාදෙන බවට හෝ ඒවාට සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර් ඇලවීම, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යයෙන් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළග තබාගැනීම තහනම් බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එවැනි නීති විරෝධී ක්‍රියා සිදුවේ නම් 0112421111 (පොලිස් මූලස්ථානය), 119 (පොලිස් හදිසි ඇමතුම් අංකය), 1911 (විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණීක ඇමතුම් අංකය), 0112785211 හෝ 0112785212 (විභාග කොමසාරිස් ජනරාල් කාර්යාලය) සහ 0112784208 හෝ 0112784537 (පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව) යන දුරකථනවලට දැනුම් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
2025 දෙසැම්බර් මස 04
539
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
485
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශිෂ්‍යත්ව උපකාරක පන්ති අනිද්දා රැයින් අවසන්