
(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් පාසැල්වලට බඳවා ගැනීමේ කඩයිම් ලකුණු වහාම අඩුකර දරුවන්ට සාධාරණයක් ඉටූකරන ලෙස රජයට බලකර සිටීමේ උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද (01) පැවැත්විණි.
පාසැල් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සහ 05 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් එහෙත් ප්‍රධාන පෙළේ පාසලක් හිමි වූ නැති දරුවන්ගේ දෙමාපියවරු රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
ළමා මනස ව්‍යාකූල නොකර ඔවුන් මහත් බලාපොරොත්තුවෙන් සිටි අගනුවර ඇතුළු ප්‍රධාන නගරයන්හි පිහිටි පාසැල් සඳහා සුදුසු කඩයිම් ලකුණු සැලකිල්ලට ගෙන වහාම දරුවනට පාසැල් ලබා දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.



COMMENTS
කඩයිම් ලකුණු අඩු කළාම තවත් විශාල පිරිසකට පාසලට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබෙනවා. නමුත් ජනප්‍රිය පාසල්වලට උපරිම ධාරිතාව අරගෙන අවසන්. එම නිසා මෙම උද්ඝෝෂණය ප්‍රායෝගික නැහැ...
කොහොමද දැන් සැපද? එදා මහපාරෙ ඉඳන් ඡන්දෙ දෙනකොට, කිරිබත් කනකොට තියෙන සැප දැන් තියෙනවද? තව ඉදිරියට ලක්ෂ 69ට හැමදාම පිකටින් තමයි කරන්න වෙන්නේ..