IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


‘‘ශ්වසන අපහසුතා ඇත්නම් වෛද්‍ය උපදෙස් ගන්න‘‘

(රංජන් කස්තුරි)

ශ්වසන අපහසුතා තිබෙන හෝ කොරෝනා රෝග ලක්ෂණ ඇත්නම් හෝ ඉතා ඉක්මනින් රෝහල් වෙත ගොස් වෛද්‍ය ප්‍රතිකාර හා උපදෙස් ගැනීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසන්නීය.

සැක සහිත රෝග ලක්ෂණ මතු වූ වහාම කල්තියා රෝහලකට  ගොස් වෛද්‍ය සහාය පැතීමෙන් අවාසනාවන්ත ලෙස මිය යෑම් අඩුකර ගත හැකි බව ද පද්මා ගුණරත්න මහත්මිය කියන්නීය.

කොරෝනා ආසාදිතව නිවෙස්වල මිය යෑම සහ අවසන් මොහොතේ රෝහල්ගත වන අවස්ථාවේ මිය යන්නන්ගේ සංඛ්‍යාව වැඩිවෙමින් තිබෙන බව ද කල්තබා රෝහල්ගතවීමෙන් එවැනි සිදුවීම් අවම කරග තහ හැකි බව ද වෛද්‍යවරයි සඳහන්නීය.

කොරෝනා ආසාදිතයන්ගේ ජීවිතය බේරා ගැනීම සඳහා රෝහල්ගත කළ පසුව විශාල කාර්ය භාරයක් තිබෙන බව ද ඖෂධ සැපයීම,ඔක්සිජන් ලබාදීම වෛද්‍ය අධීක්ෂණයට ලක් කිරීම වැනි කටයුතු නිසි පරිදි සිදු කළ හොත් ඔවුන්ගේ ජීවිත බේරාගැනීම පහසුවන බව ද පද්මා ගුණරත්න මහත්මිය පවසන්නීය.
 



අදහස් (2)

‘‘ශ්වසන අපහසුතා ඇත්නම් වෛද්‍ය උපදෙස් ගන්න‘‘

රෝගී රට වැසියා Wednesday, 16 June 2021 02:03 PM

ශ්වසන ආබාධ විතරක් නොවේ වෙනත් බොහෝ ශාරීරක අපහසුතා තියෙනවා, ප්‍රශ්නය නම් "වෛද්‍ය උපදෙස්" ගන්නේ කොහෙන්ද කියන එක! ලඟම ස්පිරිතාලේ "වෛද්‍ය උපදෙස්" දෙන්නෙ නැ!

:       8       8

Sri Lanka Wednesday, 16 June 2021 06:17 PM

බොහෝම ස්තූතියි මතක් කළාට... අපි එහෙම දෙයක් කළින් දැනන් හිටියේ නෑ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 124 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site