(එෆ්.අස්ලම්)
යුද අපරාධ හා මානව හිමිකම් කඩකළ බවට චෝදනා එල්ල වන මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධූරයට පත් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් ජනාධිපතිවරයා කඩිනමින් ඔහුව එම ධූරයෙන් ඉවත් කළ යුතු බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා පැවසීය.
මහේෂ් සේනනායක මහතාගේ විශ්‍රාම යාමෙන් පසුව නව යුද හමුදාපතිවරයා වශයෙන් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරීම පිළිබද අද(23) විශේෂ ප්‍රකාශයක් ලබාදෙමින් සම්බන්ධන් මහතා මේ අදහස් පළකර සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සම්බන්ධන් මහතා මෙසේද කීය.
යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සිදුකළ බවට චෝදනා එල්ල වූවන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරල ඔවුන් වරදකරුවන් ද නිවැරදිකරුවන් ද කියල සනාථ කරගත යුතුයි. එසේම වරදකරුවන්ට නීතිය ඉදිරියේ දඬුවම් පැනවිය යුතුයි. එසේ සිදුකළ යුතුව තිබියදී යුද අපරාධ හා මානව හිමිකම් කඩකිරීම් සිදුකළ බවට චෝදනා එල්ල වු අයෙකුට යුද හමුදාවේ ඉහළම පදවිය පිරිනැමීම කිසිසේත් අනුමත කළ නොහැකියි.
එවන් චෝදනා එල්ල වන මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැනි කෙනෙකුට ලබාදීල තියෙන යුද හමුදාපතිධූරය අත්හිටුවා රජය ඔහුව ධූරයෙන් ඉවත් කරන්න ඕනෑ. අවසන් යුද්ධයේ දී 58 වන සේනාංකයට අණ දුන් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ 23 වන යුද හමුදාපතිවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා පත්කරනු ලැබිණි.
මොහුට එරෙහිව ජාත්‍යන්තර වශයෙනුත් බොහෝ චෝදනාවන් එල්ල වුණා. එසේ චෝදනා එල්ල වි තිබියදී මොහුව යුද හමුදාපතිධූරය සදහා පත් කිරීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර සංවිධාන සහ ඇමෙරිකාව ඇතුළු රටවල් ගණනාවක් විරෝධය හා අප්‍රසාධය පලකරනු ලැබුවා. මේ නිසා මුලින්ම මොහුට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතුයි. ඉන් වරදකරුවකු වෙනවා නම් ඔහුට දඬුවම් කළ යුතුයි. නොවේ නම් යුද හමුදාපතිධූරය සඳහා පත්කළ හැකියැයි ද දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කවුද ත්‍රස්තවාදියා ???
මෙ බත් බැලයන් නහින දෙහින කාලෙ මරු කියවනවා රටෙ අාරක්ෂාවට නියම සුදුසම හමුදාාපති මෙතුමයි.අැමරිකාවට සහ තොපිට ඔනා විදිහට හමුදාාපති පත් කරන්න උඹලා කවුද බලාගෙන ඉදපල්ල උඹලා මොන සූස්තර දැමම්මත් අපි ගොඨාභය මහත්මයාත් ගෙනත් මහින්ද මහත්මයා අගමැති කරවලා රට නියම අතට ගන්නවා ලගදීම.උඹලටයි එන්.ජි.ඔි මැක්කන්ටයි බටහිර රටවලට කෙලවෙන්නෙ එදාට තමයි. අපි ඔනම දෙකට සුදානම් මතක තියාගනිල්ලා. මෙ සමනළ රැන කෑවා මාතෘභුමිය
බොහොම හොද යෝජනාවක් සම්බන්දන් ගොයියෝ අපි ඔහේගේ හෝ අර මෙලෙච්ච ප්‍රබාකරන්ගේ ඥාතියෙක් තෝරාගනිමු අපේ රටේ හමුදා ප්‍රධානියා හැටියට. .... 2009 ඉස්සෙල්ල කොහොමද හැංගිලා හිටියේ කියල මතක නැහැ නේද ගොයියෝ.....
අපි ඒ විදියටම කරන්නම් ............ඔයාලට ඕනේ විදියටම වැඩේ සිද්ද උනාවේ . අනේ නොදකින් රටකට ගිය කලක්.....
ලංකාවේ යුධ හමුදාපති පත් කල යුත්තේ මුන් කියන විදියට ද ?... අහෝ බල්ලට ගිය රට .....
අපට වැදී බන දෙසන ඔය සුද්දෝ නොවේද අපේ රට හුරාගෙන උන්ගේ රටවල් වලට අරගෙන ගියේ ,
නිකන් පිස්සු කෙලින්න එපා හලෝ....
එල් ටී ටී ඊයට කඩේ ගිය මෙයාගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. මුළු මහත් රටටම එපා වූ මේ ආණ්ඩුව රකින්න්නේ මෙයා නිසා ඉල්ලීම ඉටු වෙන්නත් පුළුවන්. නමුත් ජනාධිපතිතුමා ආණ්ඩුව එක්ක නොරොක් වෙලා නිසාත්, හමුදාපති පත් කිරීම එතුමා යටතේ ඇති නිසාත්, සම්බන්ධන් ගේ ඉල්ලීම ඉටු වන එක්ක නැහැ.
මේ මිනිස්සු ලාංකිකයෝද ? මොකක්ද තියෙන බය? අනේ මන්ද. මේ මිනිස්සු කුහකත්වයෙන් මනස කර කරගෙන . අහිංසක මිනිසුන්ට වැරදි ආදර්ශ දෙනවා. එක රටක් කිය කිය බොරුවට රගනවා .
මොවුන් තමයි රටේ සංහිඳියාව නැතිකරලා ජාතිවාදය අවුස්සලා පිටරට බලවේග වලට බැල මෙහෙවරකම් කරන්නේ. ඩොලර්වලට දේශපාලනය කරන මෙවන් පාදඩයින්ව දෙමළ ජනතාවට කියලම මොවුන්ව පන්නන්න ඕනෑ. අපේ හමුදාපති පත්කරන්නේ අපට ඕනෑ විදියට මිසක් කොහෙවත් ඉන්න අයට ඕනෑ විදියට නෙමේ.
මහකොටියා ඇවිස්සිලා ජුවල් ගිහින් වගේ...
ඇන්ටන් බාලසිංහම්ගේ භූමිකාව රඟදක්වන්න මොහු සුමන්දිරන් සමග තරඟයට ඇවිල්ලා..
සිංහල බෞද්ධයින්ට ඉන්නේ මුළු ලෝකෙම මර බයෙන්... මට වැටහුනේ එච්චරයි. අපේ ඉතිහාසයත් හූරන් කාලා අවසානේ ඔවුන්ටම කඩේ යන කළු සුද්දෝ බිහි කළා. තාමත් අපි පටන් ගත්තේ නැහැ වැඩ පෙන්වන්න.
මේ අය තමයි මේ ජාතිවාදය අවුස්සන්න දඟලන්නේ කාලකන්නිම තමයි.
රටේ පැවැත්මට ජාත්‍යන්තරයෙන් බලපෑමක් සිද්ධවෙන වෙන එක වැලකීම උදෙසා මේ ඉල්ලීම වරදක් ලෙස දකින්නේ නැහැ . නමුත් හිතට අවංකවම දෙයක් කිවමනාය . යුද්ධය කුරිරු ලෙස ඇදීගෙන යද්දී එය නිවා දැමීමට ජාත්‍යන්තරය පෙළඹුනේ නම් ඉතාම මන්දගාමී ස්වභාවයෙන් . මේ උණුසුමෙන් එදා ජාත්‍යන්තරය කටයුතු කලානම් කිසිවෙකුගෙන් යුධ අපරාධ සිදුවෙන්නේ නැහැ .
ඒ එක්කම ජනාධිපතිතුමාට යෝජනා කරන්න ඔයාලගෙ කොටි බැලයෙක් හමුදාපති කරන්න කියල.