(නිමන්ති රණසිංහ)
නිව්යෝර්ක් නුවර පිහිටි සිටි බැංකු මූලස්ථානයේ පරිගණක ඡාලයට අනවසරයෙන් ඇතුලූ වී ඇමරිකානු ඩොලර් මිලියන 2.104 ක (රුපියල් කෝටි 32කට ආසන්න) මුදලක් වංචා කර සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියේ සැකකාර ශලීල මුණසිංහ යන අයට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසට කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (21) ප‍්‍රතික්ෂේප කළේය.
මෙම සිද්ධියේ සැකකාර ශලීල මුණසිංහ යන අය මෙරට පුරවැසිභාවය හිමි පුද්ගලයකු නොවන බැවින් ඔහුගේ එම ඉල්ලීමට ඉඩ ලබාදිය නොහැකි බවට සදහන් කළ මහෙස්ත‍්‍රාත්වරයා පුරෝගාමී විනිසුරුතුමිය ද එවැනි ඉල්ලීමකට ඉඩ ලබා දී නැතැයි ද සදහන් කරමින් එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළේය.
මෙම සිද්ධියේ සැකකරුවන් වූයේ ෆෙයාවේල් එපාර්ට්මන්ට්, බුත්ගමුව පාර, රාජගිරිය පදිංචි ජනක චමින්ද නම්මුණී, අංක 441/12 බී, 6 වන පටුමග, ඇතුලූකෝට්ටේ ලිපිනැති ශලීල මුණසිංහ යන අයවලූන් ඇතුලූ සිව් දෙනෙකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් විමර්ශන අංශයේ ස්ථානාධිපති සුගත් අමරසිංහ මහතා වෙත පැමිණිලි කර තිබුණේ ලංකා බැංකුවේ පුද්ගලික බැංකු සේවා අංශයේ කළමණාකරු ජගත් අනුරසිරි කුරුප්පු මහතා විසින් ඉකුත් 2017 අගෝස්තු මස 06 වැනිදාය.
2025 දෙසැම්බර් මස 04
650
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
537
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
442
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශලීල මුණසිංහගේ විදෙස් ගමන් තහනම ඉවත්කිරීම ප්‍රතික්ෂේප වෙයි