
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දායකත්වයෙන් කොවිඩ් අරමුදලක් පිහිටුවීම පක්‍ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්‍ෂ මූලස්ථානයේදී අද (24) සිදුකෙරිණි.
එම පක්‍ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනා මේ වෙනුවෙන් රුපියල් ලක්‍ෂය බැගින් ලබාදීම සිදුවිය.
එහිදී පක්‍ෂ භාණ්ඩාගාරික, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා තම දායකත්වය ලෙස රුපියල් ලක්‍ෂයක චෙක්පතක් පක්‍ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදෙමින් එම අරමුදල ආරම්භ කළේය.
රට තුළ පවතින කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ රටේ මිනිසුන් හා අසරණ රෝගීන් වෙනුවෙන් අපට කළ හැකි උපරිම දේ කිරීමට තීරණය කළ බවත්, රටේ දුෂ්කර ප්‍රදේශවල ග්‍රාමීය රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල අඩුපාඩු සම්පූර්ණ කිරීමට මෙම අරමුදල යොදවන බවත් එහිදී අදහස් දක්වමින් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
පක්‍ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක ,පක්ෂ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශාන්ත බණ්ඩාර, ආචාර්ය සුරේන් රාඝවන්, ජගත් පුෂ්පකුමාර, ශාන් විජේලාල් ද සිල්වා, අංගජන් රාමනාදන් යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ



COMMENTS
සුනාමි අරමුදලට වෙච්ච දේ මතක් වුණා...
දැනට කරන්න ඕනේ දෙයක් තියෙනවා නම් ඒකට දේශීය විසඳුමක් හොයාගන්න එක... අරමුදල් වලට වෙන දේවල් ජනතාව හොඳට දන්නවා....
අනේ අපේ සිරිසේනට නිකන් හම්බ වෙච්චි ගේ දුන්නා නම් ඉවරයිනේ...!!!
කවුරු මොන විදිහකට අරමුදල් රැස් කිරීම ඇරඹුවත් මම නම්, එක රුපියලක්වත් ඔය ඔය අරමුදල් වලට දෙන්නේ නැහැ. හොර තක්කඩියන්ට අපේ තියන දේවල් දන්දෙන්න අපට පිස්සු නැහැ.