(විනීතා එම්. ගමගේ)
මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීමේ දී සිරකරුවන්ගේ යෝග්‍යතාවය පිරික්සීම හෝ ඊට කවර හෝ ලෙසකින් දායකවීම හෝ වෛද්‍ය ආචාර ධර්මවලට පටහැනි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය එහි සාමාජික සියලු වෛද්‍යවරුන්ට දන්වා යවා ඇත.
මරණ දඬුවම නියමව සිටින සිරකරුවන් එම දඬුවම ක‍්‍රියාත්මක කිරීමට දරුණු ලබන කඩිනම් ප‍්‍රයත්නය මඟින් වෛද්‍ය වෘත්තීයට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව සංගමයේ අවධානය යොමු කළ බව ද එම සංගමය කියයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් අද (5) නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්ව ඇත. එම සංගමයේ වැඩබලන සභාපති වෛද්‍ය පණ්ඩු බණ්ඩාරනායක මහතා ඊට අස්සන් කර ඇත.
ශිෂ්ට සම්පන්න සමාජය මරණ දඬුවම සාධාරණීකරණය කිරීම වඩ වඩාත් ප‍්‍රශ්න කරමින් සිටින බව එම සංගමය ද ශිෂ්ට සම්පන්න සමාජය මරණ දඬුවම සාධාරණීකරණය කිරීම වඩ වඩාත් ප‍්‍රශ්න කරමින් සිටින බව ද එම නිවේදනයේ සඳහන් වේ.
මෙවන් තත්ත්වයක් යටතේ සිරකරුවන් සඳහා මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයෙන් හා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.
මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම තුළින් ලබාගැනීමට බලාපොරොත්තු වන යහපත් සමාජයීය පරමාර්ථ තිබේ නම් එවැනි පරමාර්ථ සපූරා ගත හැකි වෙනත් සුදුසු ක‍්‍රමවේද පිළිබඳ වූ කතිකාව අඛණ්ඩව ඉදිරියටත් පවත්වාගෙන යන්නැයි ද එම සංගමය ඉල්ලා සිටී.
මෙවන් පසුබිමක් තුළ ඉක්මන් තීරණවලට නොඑළඹෙන ලෙසත් දැනට ජනතාව අතර මේ සම්බන්ධයෙන් ඇතිවී තිබෙන සංවාදය ඉදිරියට යාමට සළසා ඒ සඳහා අර්ථාන්විත කරුණුවලින් දායක යන්නැයි එම සංගමය රජයෙන් ඉල්ලීමක් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකා වෛද්‍ය සංගමය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යනු ආයතන දෙකකි.
රජයෙන් ඉල්ලන්න කලින්, ඕක නීතියෙන් අයින් කරන්න කිව්වා නම් ඉවරනේ... ක්‍රියාත්මක කරන්න බැරි නම් නීතියක් මොකටද?
දොස්තරවරු කුඩ්ඩන්ට බයවෙලාද?
ඔව්, ඔව්, එල්ලලා මරන්න ඕනෙ නැහැ. එක දවසක් වැඩවර්ජනයක් කළා නම් දුප්පත් අහිංසක මිනිස්සු මරන්න පුළුවන්. එතකොට මානව හිමිකම් නැහැ... අනේ අපේ රටට ගිය කලක්.
හිරේට නියමවූ ප්‍රභුන් හිර ගෙදරදී, රෝගීන් බවට නිර්දේශ කරන තක්කඩි දොස්තරලවයි ඉස්සරවෙලාම එල්ලලා මරන්න ඕනා. හිරේට නියමවෙන ධනවතුන්ව රෝගීන් බවට පරිවර්තනය කරන දොස්තරලා සිටින ලෝකයේ එකම රට ලංකාවයි. අසරණ රෝගීන්ව නොමරා මරණ, රෝගීන්ගෙන් පලිගන්නා, අසත්‍ය සමාජගත කරන සිරි ලංකා මාෆියා දොස්තර සංගමය. වෛද්‍ය සභාව යටපත් කරගෙන මොවුන්ගේ ග්‍රහණයේ තබාගෙන සිටින සිටින මොවුන්, සෞඛ්‍ය ඇමතිතුමාට මරණ වරෙන්තුව දීමට තමයි ඔවුන් දිනපතාම උත්සහ දරමින් සිටින්නේ. වෛද්‍ය වෘත්තිය හැර අනෙකුත් සියලුම කුණු වෘත්තිය මොවුන් මේ රට තුල කරමින් සිටිනවා.
ළමා පරපුර විනාශ කරන මත්ද්‍රව්‍ය මුදලාලිලා ඉන්න රටක ශිෂ්ට සම්පන්න සමාජයක් තිබෙන්නේ කෙසේද? රෝහල් සේවය වර්ජනය කර ලෙඩුන් අපහසුවේ දැමීම ශිෂ්ඨ සම්පන්නද? මේ සංගම්වල ප්‍රකාශ නිකම් බොරු කයිවාරු පමණයි...
වර්ජන මගින් නැත්නම් ප්‍රතිකාර නොකිරීම මගින් මිනිසුන් මැරෙන්නට සැලැස්වීම නම් ආචාරධර්මවලට නහුතෙටම එකඟයි...
ස්තුතියි.
බොහෝ රටවල වෛද්‍යවරුන් මේ රටේ සමහර කොන්දොස්තරවරුන් වගේ දේශපාලනය කරන්නේ නැහැ. අපේ අවාසනාවට මේ රටේ සමහර දොස්තරවරුන් කිරීමට අකමැති එකම දේ හරිහැටි වෙදකම නොකිරීමයි.
වහබ් වාදය වැනි අන්ත අගම්වාද පතුරන්නෝ, වැරදි කරනවුන් මරා හෝ වදදී මිනිස් සමාජය හැදිය යුතුයි යන අදහස පතුරන්නෝද මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයින්ට වඩා භයානකයි. එවැනි ආගමික මෙන්ම විවිධ මතිමතාන්තර පවතින මේ ලෝකයේ ඉඩිඅමින් හිට්ලර් වැනි කෘෘර පාලකයෝද බිහිවෙති. එකිනෙකාගේ ඇදහීම් හා බුද්ධි මට්ටම් අනුව වැරදි මතිමතාන්තරද හරි යයි සම්මත කරගෙන පිළිපදින සමාජ මෙන්ම රටවල්ද ඇත. ඒ සියල්ලම පරමාර්ථය නොවන්නේය. මන්ද ආගම් අදහන්නෝ මෙන්ම යම්යම් පාක්ෂිකයන් හා මතධාරීන් භක්තියෙන් මිස ප්‍රඥාවෙන් එසේ නොකරන නිසාය. භක්තිය ප්‍රඥාව නැතිකර මිනිසුන් මෝහයෙන් මුලා කර පරමාර්ථය දකින්නට නොහැකි මනසක් නිර්මාණය කර නිවැරදි වූ දැකීම, කල්පනාව, සිහිය, අරමුණ, වචනය, උත්සාහය, ක්‍රියාව, ජීවනය නැත්තටම නැතිකර මෝඩයින් බිහිකරයි. මේ ස්වභාවය නිසාම නීතියෙන්ද නිවැරදි අයද වැරදිකරුවන් වන අවස්ථා මතුවිය හැකි අතර නීතියද කාලානුරූපීව වෙනස් කිරීම අදටත් සිදුවේ. එවැනි නීති හා ස්වභාවයක වසන මිනිසුන් අතර ඉන්නා ශිෂ්ඨ මිනිසුනුන්, අනිකෙකු වැරදියයි එල්ලා මැරීම හරි යයි අනුමත නොකර පවතින නීතියෙන් මරණ දඬුවම නියම කර ජීවිතාන්තය දක්වා හිරයට නියම කරන්න කියන්නේ එ් නිසාය.
හලෝ වෛද්‍ය සංගමය සුද්දගේ කාලේ සිට 1976 දක්වා එල්ලා මැරූ මිනිසුන් ගැන ක්‍රියා කලේ දොස්තරලා නොවෙයිද?