(සුජිත් හේවාජුලිගේ )

ජිනීවා ගිය  ශ්‍රී ලංකා නියෝජිත පිරිස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය හමුවී සාකච්ඡා  පවත්වා ඇත.

ජිනීවාහිදී ඊයේ රාත්‍රී  මෙම හමුවීම  සිදු වූ බව  රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. විවිධ අංශ සම්බන්ධයෙන් බැචලේ  මහත්මිය සමග මෙහිදී සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තා වේ .

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සහවිදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු මිෂෙල් බැචලේ මහත්මිය මෙසේ හමුවූ පිරිසට ඇතුළත් වූහ.