
ශ්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ තාක්ෂණික උපදේශක කමිටුවට ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රවීණතම ක්‍රීඩකයන් සිව් දෙනකු පත්කරනු ලැබ සිටිති. හිටපු පිතිකරු අරවින්ද ද සිල්වා මහතා මෙම කමිටුවේ සභාපතිවරයා වන අතර රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.
මෙම කමිටුව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් අද (5 වැනිදා) පත් කරන ලදී.
මෙම කමිටුවේ මූලික කාර්යභාරය වනුයේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට, අමාත්‍යාංශ නිලධාරීන්ට සහ ජාතික ක්‍රීඩා සභාවට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියලු කරුණු සම්බන්ධයෙන් උපදෙස් දීමයි.
දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය නංවාලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සමීපව කටයුතු කර එමඟින් ශ්‍රී ලංකාව තුළ ඉහළ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවක් ගොඩනැගීමට හා පුහුණු කිරීමට අවශ්‍ය මග පෙන්වීම මෙම කමිටුවන් බලාපොරොත්තු වන කටයුත්තකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ ක්‍රියාත්මක වන තාක්ෂණික උපදේශක කමිටුවට මෙම කමිටු සාමාජිකයින්ගේ නම් ඇතුළත්කර ගන්නා ලෙස ක්‍රීඩා ඇමතිවරයා විසින් යෝජනා කරනු ලැබ තිබේ.
COMMENTS
අප තරයේ විශ්වාස කරනවා දක්ෂයන්ට ඉදිරියට ඒමට හොඳ අවස්ථාවක් උදා වේය යන්න. එමෙන්ම කොතරම් දක්ෂයෙක් වුවත් තුන්ලෝකෙටම දක්ෂයෙක් වුවත් "විනයක්, හික්මීම සහ ඉහළ මට්ටමක ශරීර යෝග්‍යතාවය නොමැති නම් අපගේ දුප්පත් මුදල් තව තවත් නැතිනාස්ති නොකර එවැන්නන් "පන්නා" දැමිය යුතුමයි. එලෙසම ක්‍රීඩකයින්ගේ ගෙදර උන්දැලාට නොහොත් හාමිනේලාට, නොහොත් භාර්යාවන්ට ඒ ඒ අයගේ "හොට" දැමීම සහමුලින්ම නතර කළ යුතු බව. මෙම අදහස් නාමල් උන්දෑටත් කියවීමට හැකි වේවා...!!!
අර්ජුන රණතුංග මහතාටත් මොකක්හරි වගකීමක් දුන්නොත් හොඳයි.. බුකී මුදලාලි ඇතුළු ක්‍රීඩා සංගම් ටික ඔක්කොම අයින් කරලා ක්‍රිකට් ගහපු, පරිපාලනය දාන්න මිනිස්සු විතරක් මේකට ගන්න සිස්ටම් එකක් හදපු දාට විතරයි මේකට හරි යන්නේ... අද ඉන්දියාව බලන්න. ඇතුලේ ඉන්නේ රවි ශාස්ත්‍රි, ගංගුලි... වගේ සෙට් එකක්..
ශ්‍රී ලංකා ක්‍රිකට අගාධයට ඇද දැමීමේ මූලිකම ආරම්භයට වගකිවයුතු කකුළු මස් මුදලාලි කෙනෙකුගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ලබා ගත හැකි යහපත් දෙය කුමක්දැයි අප බලා සිටිමු.. දේශපාළුවන් රට විකුණනවා සේ පිට රටකට ශ්‍රී ලංකා ක්‍රිකට් විකුණා දැමීම වැනි ක්‍රියාවක් සිදු වුණොත් ඒ ගැනත් අපි පුදුම නොවෙමු. තමන්ගේ පදයට නටන අය හැර සැබෑවටම ක්‍රිකට් වෙනුවෙන් කැපවෙන අය ඇමතිතුමාලාට කොහොමත් පෙනෙන්නේ නැති බවද අපි දනිමු.
හොඳ වැඩක්... ලංකාවේ ක්‍රිකට්වලට සුබ අනාගතයක් වේවායි පතමි.
දැන් කමිටු කීයක් දැම්මද? එ්ත් රටේ ක්‍රිකට්වල වෙනසක් සිදුවුණාද? අද අවශ්‍ය කමිටු නෙවෙයි, ස්ථාවරව එක දිගට ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයන්. පෙනෙන විදියට එවැනි ක්‍රීඩකයින් අද රටේ නැහැ. එබැවින් කළ යුත්තේ, තව දුරටත් මහජන මුදල් මෙවැනි නිෂ්ඵල දේට වියදම කිරීම නැවැත්වීමයි...
මේ හතර දෙනාගේත් කොළේ ඉරාගන්න වැඩක්...