(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා ශාසන ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ යන මහා නිකායන් එක්කරන ‘ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග්රී මහා සංඝ සභාව’ සඳහා වන සම්මුතියට අත්සන් තැබීම කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතන ශ‍්‍රවණාගාරයේදී අද (16) පස්වරුවේ සිදුකෙරිණි.
ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග්රී මහා සංඝ සභාවේ සම සභාපතිවරුන් වන අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නා හිමියෝ සහ අග්ගමහා පණ්ඩිත නාපාන පෙමසිරි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නා හිමියෝ එහිදී මේ සඳහා වන සාමග‍්‍රී සම්මුති පත‍්‍රයට අත්සන් තැබූහ.
බුරුම දේශයෙන් උපසම්පදාව රැගෙන විත් මෙරට ස්ථාපිත කෙරුණු ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය සහ රාමඤ්ඤ මහා නිකාය ඒකරාශී විය යුතු බවට වසර ගණනාවක් තිස්සේ කරන ලද සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් වශයෙන් මෙම සමඟි සම්මුතියට එළඹීමට සිදුකෙරිණි.
ඒ අනුව ඉදිරි රටේ ජාතික, ආගමික හා ශාසනික කටයුතුවලදී යේදී මෙම නිකායන් දෙක එක්ව ක‍්‍රියා කිරීමට නියමිතය.
එම නිකායන් නියෝජනය කරන අනු නා හිමිවරුන්, මහා සංඝරත්නය, කතානායක කරු ජයසූරිය, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන, ලසන්ත අලගියවන්න යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)







COMMENTS
සාධු සාධු සාධු! අනෙක් නිකායනුත් මෙසේ එක්වේවා! එක් වී ශාසනය බොහෝ්‍කල් පවත්වත්වා..!
අන්තර් ජාලයේ මේවගේ ප්‍රශ්නයක් විමසා තියෙනවා මම දුටුවා. "බලපිටිය ගමේ උපතලද අඹගහ පිටියේ ඥාණවිමල හිමියන් 1077 දී සාමණේර පිරිසක් සමඟ බුරුමයට ගොස් ගෙනා අමරපුර නිකාය උඩරට, පහත රට, ඌව, වැළිකිඳ, සබරගමුව, ශ්‍රී ලංකා ස්වේජීන් ආදී වශයෙන් කෑලි විස්සකට කැඩීගොස් ඇත. තව කොපමණ කැඩේදැයි සිතාගැනීම අපහසුයි. වර්ෂ 1863 ජුනි මස 13 වැනිදා රාමඤ්ඥ නිකාය ආරම්භ වූයේ අඹගහවත්තේ සරණංකර නම් සාමණේර හිමිනමක් බුරුමයේ රාමඤ්ඥ දේශයෙන් උපසම්පදාව රැගෙන ආ නිකායයි. තවමත් කෑලි කැඩී නැති එකම නිකායද මෙය පමණි. වත්මන් සඟ පරපුර පැවත එන්නේ පස්වග මහණුන්ගෙන් සැරියුත්, මුගලන් දෑගසව්වන් වහන්‌සේලාගෙන් හෝ අනුබුදු මිහිඳු මහ රහතුන්ගෙන් නොව ඡබ්බග්ගිය, බහුභණ්ඩික වැනි ඕලාරික ග්‍රාම්‍ය අයගෙන් බවයි පෙනෙන්නේ. නිකායවල් පිහිටුවා ගැනීමෙන් සිදුකරගෙන ඇත්තේ ඒ චර්යා රටා තවදුරටත් යාවත්කාලීන කරගැනීමකි." දැන් එතකොට අලුතෙන් පිහිටුවා ගන්නා ලද "ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග්රී මහා සංඝ සභාව "අමරපුර නිකායේ අනෙකුත් කොටස් ඒ අන්දමින්ම පිළිගන්නවාද? නැත්නම් ඒවා අහෝසි කර රාමඤ්ඥ නිකායේ පිළිවෙත අනුගමනය කරමින් නොකැඩී පවත්වාගෙන යනවාද?
ඉතාම සතුටුදායක පුවතක්. එකම ශාසනයේ බෙදීම් තිබෙන්නට බැහැ. එකම සඝ පරපුරක් පෙලගැස්සවීමට බුදුදහමට විරුද්ධ කුලමානය මත සිටින අනෙක් නිකායත් එකතු වේවා..!!!
සාදු.. සාදු.. ඒත් මේකට ආරක්ෂාව දෙන එක ගැන නම් කියන්න අමාරුයි..
ගොඩාක් හොඳයි..
නිකාය බද්ධ වුනාම සිවුරු පාටත් වෙනස් වෙනවාද?
මේ නිකාය දෙකම බිහිවුනේ අඩු කුලයේ අයට මහණ වෙලා උපසම්පදාව ලබා ගන්න අවශ්‍ය වූ නිසා...
බුදුපියාණන්ගේ ශාසනයේ තිබෙන්නේ තිබිය යුත්තේ එකම නිකායයි ඒ බුද්ධ නිකායයි. මේ එක එක නිකායවල් හැදීමට කුලමල ප්‍රශ්න හිමිවරුන්ගේ මත ගැටුම් හේතුවක් වී ඇති බව ඉතිහාසය කියාදෙනවා. වයිවර්ණ නිකායවල් හැදීම මම නම් දකින්නේ භික්ෂු විනය පිටකයට එරෙහිව යෑමක් ලෙසයි.
ඉතාම සතුටුදායක පුවතක්...
ඔයා මොනවා කළත් වැඩක් නැහැ. හාමුදුරුවරු එකඑක දේශපාලකයාට කඩේ යන එක නැවැත්විය යුතුයි. ශාසනික සේවය පමණක් කළ යුතුයි. එ්කයි අපේ ඉල්ලීම..
මම බුදුදහමට ගෞරව කරන්නේ තමාව කෑලිවලට කපා දිවි අහිමි කරන මොහෙතේදීත් එය සිදුකරන පුද්ගලයා ගැන අබමල් රේණුවකවත් වෛරයක් හිතේ ඇති නොකරන්න කියා දේශනා කර ඇති නිසාය. එ්ත් සමහර භික්ෂුන් පවා තමාගේ ආරක්ෂාවට ඕනෑම දෙයක් කිරීමට බුදුදහම අනුදැන වදාරා ඇත කියා බේගල් කියනවා.
හාමුදුරුවරුනේ මෙතනට කරු ජයසූරිය, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක වැන්නවුන්ගෙන් වන අභිප්‍රාය කුමක්ද කියා පැහැදිලිය. හම්බයින්ට ඇමතිකම් ගන්න කියා ආවැඩූයේ ඔහෙලාය. මේ හදන්නේ හම්බයින්ට තවතවත් ඇමතිකම් දෙන්නටද? ඔය කෙරුවාවෙන් අපිට පන්සල් ඒමත් නවත් වන්න සිදුවෙනවා.
සියම් නිකාය ඕවට අහුවෙන්නේ නැහැ..
"උපාසකම්මා ඉපදුණා හීන කුලේ - මහණ කරන්නයි යන්නේ ඇගේ කොලුවට නිකායක් වෙන්කර තබා තිබේ.. - අප බුදුබණේ ඒකද හාමුදුරුවනේ? මේකේ ඉතිරි ටික මම ලියන්නේ නැහැ. නමුත් ඒ ටිකත් 100%ක් වලංගුයි..!
කුලභේදය මුළු මහත් ලාංකික සමාජයේම ඇති තුච්ඡ පැතිකඩක්. සංඝ සමාජය සමස්ත සමාජයේම කුලකයක් බැවින්, කුල භේද මත නිකාය ඇතිවීම පිළිබඳව මුළු මහත් සංඝ සමාජයටම දොස් පැවරීම වැරදියි. මා සිතන්නේ කුල භේදය අතීතයේදී ඉන්දියානු සමාජයේ අභාෂයෙන් අපට ලැබුණු දෙයක් යයි කියායි. කෙසේවෙතත් අද සංඝ නිකාය අතර සමගිය ඇතිවීම යහපත් දෙයක් යයි සිතමි. දැන් අනිකුත් ගිහියන් කළ යුත්තේ සංඝ සමාජය විවේචනය කිරීම නොව, සංඝ සමාජයේ ඇතිවූ මේ එකතුව උදාහරණයට ගෙන, තමන් තුල තිබෙන කුල භේද නැති කර ගැනීමයි.
සාදු, සාදු, සාදු ... මෙම අත්සන් තැබූ සම්මුතිය, MS සහ RW අතර ඇතිවු 2015වේ සම්මුතිය වගේ නොවේවා.. තවද MS සහ MR අතර ඇතිවු 2018 සම්මුතිය වගේ නොවේවා..!!!
සමහරු තට්ටය ගා සිවුරු පොරවාගෙන තමන්ගේ උපසම්පදා පිංකමට කියලා ආධාර වශයෙන් සල්ලි එකතු කරගෙන ඇවිත් සිවුරු ගලෝලා එයාලගේ වැඩ කරගන යනවා. මුස්ලිම් හා වෙනත් අගමිකයෝත් තට්ටේ ගලා සිවුරු ඇඳගෙන නොහොඹිනා වැඩකරන බව බහුතරය දන්නා කරුණක්... අද කාලේ මෙහෙව් අයට චීවරධාරින් කියනවා මිසක් බෞද්ධ භික්ෂූන් කියන්නේ නැහැ. සමහරු නම් නිසි විදියටම යම් නිකායක මහණවෙලත් චීවරධාරීන් කරන වැඩම කරනවා. අද නියම බෞද්ධ භික්ෂූන්ටත් මොවුන් නිසා අපහාස උපහාස කරනවා. මෑතක් වනතුරුම කුලභේදය තදින්ම පැවතුණා. තාමත් වයස අවුරුදු 55 පැනපු හැමෝම රටේ තිබුණු කුලභේදය කොහොමද කියලා දන්නවා. කුලභේදය නිසා අඩුකුලවල ගෙවල්වල මරණ ගෙවල්, දානගෙවල් ආදියට වඩින හාමුදුරුවරු කුලවතුන්ගේ ගෙවල්වල වඩිනවට බලවතුන් තදින් විරුද්ධ වී බෞද්ධ භික්ෂූන්ට බලපෑම් කරත්දී ඒ ඒ කුලවලට අනුව නිකාය භේදය අත්වුණා කියලා අදත් ඒකම නොකර අද කාලේ හැටියට බුද්ධිමත්ව ක්‍රියා කළයුතු අතර ගරු ගාම්භීර අහංකාරකම් වලින් තොර ත්‍රිපිටකයේ එන අව්‍යාකෘත පට්ච්ච සමුප්පාදය වැනි ධර්ම දන්නා ගිහි සංඝයාත් ඉන්න බව දැනගෙන ක්‍රියා කළහැකි භික්ෂු සංඝයා නොවුණොත් චීවරධාරීන් ලෙස හඳුන්වා, කරන අපහාස, උපහාස වැළැක්විය නොහැක...
ප්‍රාතිමෝක්ෂ ශීලය නිසිලෙස රකින පැවිද්දාට රටේ හෝ තමාගේ හෝ ශාසනයේ හෝ මොනයම් වෙන ප්‍රශ්නයක් පැන නැගුණත් එය අනිත්‍ය වශයෙන් ගෙන සංසාර දුකෙන් එතෙරවීමට විමුක්තිය උදෙසා පමණක් කමටහන් වැඩීමට දක්ෂවෙනවා මිස ප්‍රශ්න වෙනුවෙන් ඇලීමකට, ගැටීමකට සිත සකස් වෙන්න විදියක් නොමැත්තේය.