
ශ්රී ලංකා නායකයන් සමඟ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නය නිරන්තරයෙන් සාකච්ඡා කර ඇති බවත් දෙමළ ජනතාවට සමානාත්මතාව, යුක්තිය, සාධාරණත්වය, සාමය සහ අභිමානය ඇතිව ජීවත්වීමට ඇති අයිතිය සුරක්ෂිත කිරීමට පියවර ගන්නා බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි චෙන්නායි නුවර දී අද (14) ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාවේ සිටින දෙමළ සහෝදර සහෝදරියන්ගේ සුබසාධනය සහ බලාපොරොත්තු ඉටු කිරීමට සිය ආණ්ඩුව සෑම විටම පියවර ගෙන ඇතැයි ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි මෙසේ සඳහන් වෙයි.
‘‘යාපනයේ සංචාරය කළ එකම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වීමට ලැබීම භාග්‍යයක්. සංවර්ධනය තුළින් අපි ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාවගේ අභිලාෂ ඉටු කරනවා. දෙමළ ජනතාවට අතීතයට වඩා වැඩි වශයෙන් අපි සම්පත් ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාතේ අවතැන් දෙමළ ජනතාවට නිවාස 50,000 ක ව්‍යාපෘතිය, නොමිලේ ලබාදෙන ගිලන් රථ සේවය, වතුකරයේ නිවාස 4,000 ක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය, දික්ඔය රෝහල, යාපනය සහ මන්නාරම අතර නැවත ඉදි කෙරෙන දුම්රිය මාර්ගය, චෙන්නායි සිට යාපනයට ගුවන් ගමන් ආරම්භ කිරීම යනාදිය සිය රජය යටතේ ආරම්භ කළ ව්‍යාපෘති බව සඳහන් කරන්න අවශ්‍යයි.“
“යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය ඉක්මනින් ම විවෘත කරනවා.“
“අපේ ධීවරයන් මුහුණ දෙන ප්‍රශ්නය දීර්ඝකාලීන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයේ ඉතිහාසය මතක් කරන්න මා සූදානම් නැහැ. අපේ ආණ්ඩුවේ අපේ නෛතික අභිලාෂ ආරක්ෂා කරන බවට මා සහතිකයක් දෙනවා“
“ශ්‍රී ලංකාවේ දී අපේ ධීවරයන් අත්අඩංගුවට ගත් විගස ඔවුන් නිදහස් කරගැනීමට අපි පියවර ගන්නවා. මගේ කාලය තුළදී ඉන්දීය ධීවරයන් 1,600 ක් පමණ නිදහස් කරගෙන තිබෙනවා. මේ වෙද්දි කිසිදු ඉන්දීය ධීවරයකු ශ්‍රී ලංකා අත්අඩංගුවේ නැහැ. ඒ වගේම බෝට්ටු 313ක් නිදහස් කරගැනීමට ද අපි සමත් වී සිටිනවා. ඉතිරි බෝට්ටු ටික ද අපි නිදහස් කරගන්නවා.“ යයිද එම නිවේදනයේ සඳහන් වේ.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ගේ රටවලට අත පොවන්න කලින් තමුන්ගේ රටේ අයට වැසිකිලි ටිකක් හදලා දුන්නොත් නරකද?
ජැටිය දෙන්නේ නෑ.. කිව්වම එයාටත් දෙමළ ජනතාව මතක් වෙලා තියෙනවා. ලංකාවේ දෙමළ මිනිස්සු ගැන කථා කරන්න ඉන්දියාව ඉන්නවා. ඩයස්පෝරා සල්ලිවලට කැනඩාව, එංගලන්තය, ස්විස් බලලුන්ට ඥාව් කියවෙනවා. මුස්ලිම් අයට රටවල් 57ක් සපොර්ට්. කතෝලික, ක්‍රිස්තියානි අයට රටවල් 120ක් සපෝර්ට්. සිංහල මෝඩයින් සහජීවනේ කියකියා තමන්ගේ අයිතිවාසිකම් ටිකටත් වැඩේ දෙනකම් දේශපාලකයන්ට කඩේයමින් උඩ බලන් ඉන්නවා.
ලොක්කා ඔය බයිලා ගහන්නේ නිවටයින් නිසානේ. අපේ සර් රට බාරගත්තාම බලන්නකෝ..
අම්මේ ඇති යාන්තම්.. දැන් ඉතින් ඔක්කොම තමිල්නාඩුවට ගෙන්න ගන්න.
ඊට කලින් තමුන්ගේ රටේ මිනිස්සුන්ගේ සනීපාරක්ෂාව සුරක්ෂිත කළොත් නරකද?
නරකද මුලින්ම ඉන්දියන් ජාතිකයන්ගේ ප්‍රශ්න විසඳලා හිටියා නම්...? ලක්ෂ ගාණක් සෙනඟ මාසයක් තිස්සේ උද්ඝෝෂණය කරනවා. දැන් අපේ රටේ ප්‍රශ්න ගැන කතා කරනවා.
අනේ මෝදී අයියේ අනුන්ගේ අයිතිවාසිකම් ගැන උම්බෑ ගානවට වඩා තමන්ගේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ගැන කෑමොර දෙනවා නම් හොඳයි නේද? විශේෂයෙන් කාශ්මීර් මිනිස්සුන්ගේ, මාවෝ වාදීන්ගේ අයිතිවාසිකම් ගැන කතාකරලා අනුන්ගේ රෙදි හෝදන්න අාවොත් හොඳයි..
සියලු ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී රටවල දේශපාලකයන්ගේ පැවැත්ම සඳහා සුළුතරය දිනා ගැනීමට කරන දේශපාලන සූදුව. කෙසේවෙතත් සිංහලයිනි, ජාතියක් ලෙස නුඹලා තනියම, එකිනෙකා සමඟ කුලල් කාගන්නේ නැතිව එකතු වෙයල්ලා...
මුලින් ජැටිය දෙනවා කියා පසුව නොදී ඉන්දියාව තරහ කරගත්තා. චීනාට ආවඩනවා. හොඳ මිතුරෙකු වූ ජපානයද අමනාප වුණා. ව්‍යාපාර දැනුම නොමැති උද්ඝෝෂකයින්ගේ හා උපවාසකරුවන් කිසිදා වරායේ තිබෙන හොර වැඩ ගැන කිසිවක් කියන්නේ හෝ නැත. කෙසේවෙතත්, මෝදිට තමිල්නාඩුව අවනත කරගැනීමට හා ජැටිය නොලැබීම ගැන ඇති අමනාපය මෙහිදී ප්‍රදර්ශනය වේ. චීනය අපට ලංවිම නොරුස්සන මෝදිලා තමිල්නාඩුවේ සහය ඇතිව ලංකාවේ ද්‍රවිඩ අන්තවාදී දේශපාලකයන්ගේද උදව් ඇතිව ඉන්දියාවට අවශ්‍ය ද්‍රවිඩ බලයක් අප රටට විරුද්ධව ඉදිරි අනාගතයේදී ක්‍රියාත්මක කිරීමක් ගැන පෙරනිමිත්තක් ඇතිවී ඇත. මෘතශරීර මත එල්ලී දඟලන අන්තවාදී මුස්ලිම් දේශපාලකයන්ද, මෙයට මුක්කුව ගැසුවහොත්, ප්‍රශ්නය ලෙහෙසි නොවනු ඇත. දේශපාලකයිනි, දැන් හෝ කල්පනාවෙන් කටයුතු කළයුතු කාලය එළඹ ඇති බව නුඹලා දත යුතුයි. පාට, පක්ෂ ගැන පමණක් නොසිතා පටු ආකල්ප ඉවතදා රට ගැන සිතීමට කාලය පැමිණ ඇතිබව දන්වනු කැමැත්තෙමු...
ඉන්දියාවෙන් දෙන ඕනෑම කුණුගොඩක් හිස් මුදුනින් පිළිගන්න නායකයින් ඉන්නකන් මේවගේ අයට ඕනෑම කතාවක් කියන්න පුළුවන්. ඉන්දියාවේ වැසිකිලි නැතිව පාරේ ජරා කරන මිනිස්සු ඉන්න රටක ලංකාවේ ගෙවල් සාදා දීම විහිළුවක් නේද කියලා මෙයාගෙන් අහන්න කෙනෙක් නැති එක අපේ අවාසනාව... දැන් වතු දෙමලුත් කියන්නේ අපි උඩරට දෙමල්ලු කියලා...
මේ ගොල්ලෝ ඔක්කොම ජාතිය අල්ලගෙන දේශපාලනය කරනවා. මුලින්ම හොඳ නැද්ද තමන්ගේ රටේ කොටසක් වන කාශ්මීර වැසියන්ට නිදහස ලබා දුන්නා නම්...? ලෝකෙට පරකාසේ... ගෙදරට මරගාතේ...
කෝ මේ දේශප්‍රේමියෝ...?
අපේ රටේ දෙමළ ජනතාව ගැන අපි බලාගන්නම්. මෝදිට මොකටද ඒ ගැන.. බලන්නේ?
ඔච්චර ආදරේ නම් කට්ටියම ඉන්දියාවට අරන් යන්නකෝ...!!!
සුරකින්න තරම් අයිතිවාසිකම් ඔවුන්ට තිබෙනවද?