IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන ඉන්දියාවත් විමසිල්ලෙන්

හර්ෂණ තුෂාර සිල්වා
 
 
ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙසත් සමීප අසල්වැසියකු ලෙසත් ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වලට සහ ව්‍යවස්ථා ක්‍රමවේදයට ගෞරව කරනු ඇතැයි ඉන්දියාව බලාපොරොත්තු වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක රවීෂ් කුමාර් මහතා අද (28) ප්‍රකාශ කර ඇත. 
 
ශ්‍රී ලංකාවේ සිදු වෙමින් තිබෙන දේශපාලන තත්ත්වය පිළිබඳ ඉන්දීය මාධ්‍යවේදීන් කරන ලද විමසීමකට පිළිතුරු දෙමින් රවීෂ් කුමාර් මහතා ඒ බව සඳහන් කර තිබේ. 
 
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමෙන් පසුව ඉන්දියාව ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පළමු අවස්ථාව මෙය විය.
 
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක රවීෂ් කුමාර් මහතා එහිදි මෙසේ ද පවසා ඇත. 
 
“ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දියාව විමසිල්ලෙන් සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙසත් සමීප අසල්වැසි හා මිත්‍ර රටක් ලෙසත් ශ්‍රී ලංකාව  ප්‍රජාතන්ත්‍රවාදී අගනාකම්වලට සහ ව්‍යවස්ථා ක්‍රමවේදයට ගරු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ මිත්‍ර ජනතාවට අපි අඛණ්ඩව අපේ සංවර්ධන සහාය දෙනවා”. 



අදහස් (0)

ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන ඉන්දියාවත් විමසිල්ලෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site