(විනීතා එම් ගමගේ)
කුරුන්දිමලේ පුරාවිද්‍යා ස්මාරක සොයාකරන කැණීම් සඳහා යුනෙස්කෝවේ හෝ වෙනත් ජාත්‍යන්තර ආයතනයක අවසර අවශ්‍ය නොවන බවත් ස්වාධීන රටක් වන ශ්‍රී ලංකාවට ඒ සඳහා ස්වාධීනව තින්දු තීරණ ගත හැකි බවත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පැවැසීය.
එම කැණීම් කටයුතුවලදී යම් යම් අභියෝග පැමිණ ඇතැයි ද ඒවා අනවශ්‍ය අභියෝග ලෙස හැඳින්විය හැකි යැයි ද ඔහු කියා සිටියේය.
මහාචාර්ය මනතුංග මේ අදහස් පළ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (05) පැවැති මාධ්‍ය හමුවක දීය. උතුරේ සමහර දේශපාලඥයන් විසින් කුරින්දිමලේ කැණීම්වලට එරෙහිව කරන ප්‍රකාශ පිළිබඳව අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව කියා සිටියේය.
ස්වාධීන රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවට රටේ අභ්‍යන්තර කටයුතු සඳහා ජාත්‍යන්තර අවසර ගත යුතු නොවන බව අවධාරණය කළ ඔහු කැණීම් කරන්නේ කොතැනද සංරක්ෂණය කරන්නේ කොතැන ද යන්න ගැන තීරණ ගන්නේ ශ්‍රී ලංකාව විසින් වන අතර ඒ සඳහා යුනෙස්කෝවෙන් හෝ වෙනත් තැනකින් අවසර අවශ්‍ය නොවන බව ද පැවැසීය. ඉකුත් ජනවාරි 18 දා එහි ඇරඹුණු කැණීම්වල දී මේ වනවිට පබ්බත වර්ගයේ විශාල ස්ථූපයක කොටස්, විශේෂයෙන් එම ස්ථූපයේ යූපස්ථම්භය හමුවූ බව ද හෙතෙම සඳහන් කළේය.
ඉපැරණි ස්ථූපයන්හි කොත් කැරුල්ලක් නොවූ අතර ඒවායේ පැවැතියේ අටපට්ටම් හැඩැති කුළුණක් බවත් එය යූපස්තම්භය යනුවෙන් හඳුන්වන අතර ස්ථූපයේ පූජනීයම කොටස වන්නේ එය බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිලි කළේය. ඒ පුරා විද්‍යාඥයන් වන තමන් කුරින්දිමලේ දෙස බලන්නේ මුන්නේෂ්වරම, නල්ලූර් කෝවිල හෝ අනෙක් ආගම්වල පුරා විද්‍යාස්ථාන දෙස බලන අන්දමින්ම බවත් එහි දී විද්‍යාත්මක අන්දමින් පුරා විද්‍යා ස්ථාන දෙස බලා තීරණයක් දීම තම වගකීම වන බවත් මනතුංග මහතා කීය.
පැහැදිලිව පෙනෙන කරුණ වන්නේ ඉංග්‍රීසි නිලධාරින් පවා එය බෞද්ධ විහාරස්ථානයක් ලෙස හඳුන්වා තිබීම යැයි කී ඔහු එච්. සී. පී. බෙල් මහතා යටතේ කටයුතු කළ නිලධාරියෙකු වන ජෝන් ස්ටිල් මහතා පැහැදිලිව එය සඳහන් කර ඇතැයි ද කීය. ඔහු විසින් මුලතිව්හි ඇති විශාලතම බෞද්ධ විහාරස්ථානය ලෙසින් හඳුන්වා දී ඇති මෙම විහාරස්ථානයේ පර්යේෂණ කටයුතු ආරම්භ කිරීමට නොහැකි වීම බරපතලම ප්‍රශ්නයක්ව ඇතැයි ද කවුරු කැමති වුවත් අකමැතිවුවත් පිලිගත යුතු සත්‍යය වන්නේ උතුරු නැගෙනහිර ඇති පුරාවිද්‍යා ස්ථානවලින් අතිබහුතරය බෞද්ධ සිද්ධස්ථාන වීම බව ද පැවැසීය. උතුරු නැගෙනහිර ඇති පුරා විද්‍යාත්මක ස්මාරකවලින් වැඩි ප්‍රමාණයකට හානි සිදුව ඇතැයි පෙන්වා දුන් මනතුංග මහතා ඒ යුද සමයේ ද නැද්ද යන්න ද සොයා බැලිය යුතු යැයි ද මේ විනාශවී යන්නේ අපේ උරුමය පිළිබඳ සාක්ෂි යැයි ද කීය.
පුරා විද්‍යාත්මක ස්ථාන ඒ අන්දමින්ම තබා ගැනීමෙන් ඒවා තවදුරටත් විනාශ වී යයි ද නැද්ද යන්න ගැන සොයා බලා යම් යම් පියවර ගන්නා බවත් කුරුන්ඳිමලේ නටබුන් වල කැණිම් කර එහි ස්මාරක මතුකර ගතහොත් එහි වාසිය යන්නේ එම ප්‍රදේශයේ ජනතාවට බව ඔවුන් දන්නේ යැයි ද මහාචාර්ය මනතුංග කියා සිටියේය. සුළු පිරිසකගේ පෙළඹවීමෙන් මිස මහජනතාව කිසිසේත්ම මේවාට විරුද්ධ නොවන්නේ යැයි ද ඔහු කියාසිටියේය. කෙසේ වෙතත් තවදුරටත් කැණීම් පුළුල් කරන බවත් ඒ සඳහා විවිධ මට්ටම්වල විද්වතුන් මෙන්ම ජනතාව සහය කර ගන්නා බව ද යුද හමුදාවේ ශ්‍රමදායකත්වය ලබා දෙන බවත් මනතුංග මහතා පැවැසුවේය. යුනෙස්කෝවෙහි උපකාර අවශ්‍ය වන්නේ මෙම ජාතික උරුමයන් මතුකරගෙන එය ලෝක උරුමයක් සේ ප්‍රකාශයට පත් කරන අවස්ථාවක යැයි ද කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ හරි. අපි ස්වාධීන රටක්. අපේ නායකයන්ගේ කොන්ද පණ නැතිකම නිසා හැමෝම අපේ රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගහනවා. බය නැතුව හරි දෙය කරන්න...
බලපෑම් එන්නේ ජාත්‍යන්තරයෙන් නෙමෙයි මේ රට ඇතුලේම ඉන්න රාජකීය බක පණ්ඩිතයින්ගෙන්...
ඉතාමත්ම නිවැරදි අදහස් ගොන්නක්. අප රටේ කිනම් හෝ කැණීම් කිරීමට "කාගෙන්වත්" අවසර ගත යුතු නැති බව කුඩා දරුවෙකුට වුවද තේරෙන සත්‍යයකි. ඇත්තෙන්ම මේ ගැන කතාකිරීමත් නිෂ්ඵල වෑයමකි. කතාව කොහෙත්ම අවශ්‍ය නැත.
බණකතා කරනවද? මෙච්චර කාලයක් නිධන් හාරන්න යුනෙස්කෝ එකේ අවසර ගත්තේ නැහැනේ...!!!
මෙන්න මේ ස්ථාවරය තමයි රජයක් සතුව තියෙන්න ඕනේ... නිවැරැදි දේ සෘජුව ගන්නවා නම් ඒකට කාගෙවත් අවසර ගන්න ඕනේ නෑ. මේක කාගෙවත් මානව හිමිකමක් උල්ලංඝනය කිරීමක් නෙමේ. මේ යටගියාව පිළිබඳ සත්‍ය තත්වය සොයා බැලීමක් විතරයි.
ඒකනේ කුරුණෑගල නගරයේ බුවනෙක රාජසභා මණ්ඩපය විනාශ කළේ...
ලංකාවේ ද්‍රවිඩ ජනතාව ද්‍රවිඩ වන අතර මුස්ලිම් ජනතාව සැමදා මුස්ලිම් වෙනවා. නමුත් සිංහල ජනතාව එහෙම නැහැ... පැවැත්ම තම දේශපාලන විශ්වාසය මත පමණි. 80% වුණ ජනතාව 60% කටත් අඩුවුණේ මෙම න්‍යාය නිසාය..
සත්‍ය වශයෙන්ම අපේ රටේ කැණීම් කරන්න... ඉතිහාසය ගැන තොරතුරු සොයන්න විදෙස් අනුමැතිය ඕනෑ නැහැ. මේ රටේ සුළු ජාතීන්ගේ කුතුහලය අවුස්සා ඔවුන්ගේ ඡන්ද ටික ලබාගන්න නොයෙකුත් උප්පරවැට්ටි යොදන ඇතැම් අන්තවාදී දේශපාලකයින්ගේ වැඩ තමයි මේ පුරාවිද්‍යා කැණීම් වලට බාධාවී තිබෙන්නේ. රටක රජයක්, පොදු නීතියක් කියා දේවල් තියෙනවා. ඒ රජයන් ඇතුලේ සිටින සැබෑ තතු නොදන්නා ඇතැම් අනුවණ කොටස් මේ අන්තවාදී දේශපාලන ගැත්තන් හුරතල් කරනු පෙනේ. රටේ විපක්ෂයද බොරදියේ මාළු බාන්නට මෙවන් අවස්ථා එනතෙක් බලාසිටිනා බව කිවමනාය. රටක එඩිතර සැබෑ නායකයෙකු තම වැඩදායී රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවිය යුත්තේය. ඔහු මඩේ සිටවූ ඉන්නක් මෙන් ඒ මේ අතට නොවැනී නිසි නිවැරදි තීන්දු තීරණ කලට වෙලාවට ගැනීම කළයුතුය. රටකට නායකයෙකු අවශ්‍ය වන්නේ එහෙයිනි. මේ සියලු අන්තවාදීන් රටේ,ජනතාවගේ නිදහසට බාධා දෙමින් ඩෙඟා නටන්නේ නායකයා කලට වේලාවට නිසි තීන්දු තීරණ නොගන්නා නිසාවෙනි. මේ නිසා මේ ප්‍රශ්නයේදී පුරාවිද්‍යා අංශද මේ අන්තවාදීන්ගේ තර්ජන හමුවේ අසරණව ඇතිබවක් පෙනේ. රටේ නායකයා තම වගකීම ඉටුකොට ඔවුන්හට ශක්තිය දීම මේ අවස්ථාවේ සිදුකළ යුතුය. අප හට අවැසි වන්නේ එවන් නායකයෙකි.
බුවනෙක කියන්නේ හෝටලේ අයිතිකාරයගේ පුතාගේ නම.. ඔය ගොල්ලො වැඩක් බලාගෙන පාඩුවේ ඉන්න. අපි හෑරිල්ල ගැන බලාගන්නම්..
ඔබතුමාගේ අදහසට එකඟයි. නමුත් මේ කුණු දේශපාලකයෝ ඔබතුමාට කොතරම් කල් ඔය රාජකාරිය කරන්න දෙයිද දන්නේ නැහැ.
කෞතුකාගාරයේ දැඩි ආරක්ෂා මධ්‍යයේ තිබුණු රාජසිංහ රජතුමාගේ කඩුවත් හොරකම් කළා. තක්කඩි ඉන්න රටේ සීගිරි කන්ද, රුවන්වැලි මහා සෑය, පමණක් නොවේ.. දළදා මාලිගාවත් ඔවුන්ට හිතුණොත් ඩෝසර් කරලා දාන්න. ආයේ සුද්දන්ගෙන් මොන අවසරයක්ද? අනික ඉතින් දඹුලු විහාරය වුණත්, දඹුල්ල වෙළඳ මධ්‍යස්ථානයකට අයිති තැනක් කියලා නාලිකාවකින් කිව්ව ගමන් විශ්වාස කරයි අපේ රටේ අම්බරුවන් රැල? හා, නැද්ද, "බුවනෙක පුතේ"?
ජාත්‍යන්තරයෙන් අපිට පිනට සල්ලි ටිකක් දුන්නාම හොඳටම ඇති. අපි අපේ කැණීම් කරගන්නම්...
නැහැ වැරදීමකින් ජාත්‍යන්තරයට හිතෙන්න ඇති අපි එම්සීසී අත්සන් කළා කියලා. නොකළ බව මතක් වුණා නම් බලපෑම් එන එකක් නැහැ.