IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකාවේ ඉඩම් මැනීම කොරියානු සමාගමකට දෙන්න යයි

(කාංචන කුමාර ආරියදාස)

පසුගිය රජය විසින් මෙරට ඉඩම් ඇමරිකානු සමාගමක් සම්බන්ධ කොට මැනුම් ගත කිරීමට සහ සිතියම් ගත කිරීමට ගිය බවත්, එය නවතා මෙම රජය කොරියානු සමාගමක් සමඟ එම ක්‍රියාවලියම සිදුකිරීම සඳහා අවශ්‍ය පිඹුරුපත් සකසමින් සිටින බවත් රජයේ මිනින්දෝරු  සංගමය අද (09) ‍දඹුල්ලේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හෙළිදරව් කළේය.

රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමින්ද බණ්ඩාර උඩුගොඩ මහතා කියා සිටියේ මෙම තීරණය ඇතුළු යෝජනා තිස් දෙකක් මේ වන විට රජයට සහ ඉඩම් අමාත්‍යවරයාට ලබාදී ඇතත් කිසිදු ප්‍රතිචාරයක් නොමැති බවය. මිනින්දෝරු සංගමය අද සහ හෙට (10) නිවාඩු දමා වෘතීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කොට තිබෙන බවත්, මේ සම්බන්ධයෙන් බලධාරීන් අවධානය යොමු නොකරන්නේ නම් ඉදිරියේදී රටේම මිනින්දෝරු සංගමය දැඩි ක්‍රියා මාර්ගයකට එළඹෙන බවත් ය.

දේශීය මිනින්දෝරුවරුන්ට කිසිදු යටිතල පහසුකම් ලබා නොදී උපරිම සේවාවක් ලබා ගැනීම සදහා උත්සාහ කරන බවත් එසේ උත්සාහ කළද සේවා තෘප්තිමත්ව සිදුකිරීම සඳහා අවශ්‍ය පරිසරයක් නොමැතිව ඉතා සූක්ෂම ලෙස මෙරට මැනුම් කටයුතු කොරියානු සමාගමකට පැවරීමට උත්සාහ කරන බවද නිලධාරීහු චෝදනා කරති.

පසුගිය රජය ඇමරිකාව එක්ව මෙරට ඉඩම් මැනුම් ගත කිරීමේ ක්රියාවලිය සහිත ලේඛණයේ මුල් පිටුව හා රට පමණක් වෙනස් කොට එම කාර්යම සිදු කරන්නට යන බවත්, සිදු කරන්නට යන ක්‍රියාවලිය පිළිබධව මැනුම්පතිනිය වහා රටට හෙළි කළ යුතු බවත් අවධාරණය කළේය.

මේ අවස්ථාවේදී මාධ්‍යවේදියෙකු විෂයභාර අමාත්‍ය එස්.එම්. චද්‍රසේන මහතාට දුරකතන ඇමතුමක් ලබාගෙන මිනින්දෝරු සංගමය නගන චෝදනාව පිළිබඳව විමසීමේ දී කියා සිටියේ එවැනි දෙයක් තමා නොදන්නා බවය.

පසුව මාධ්‍ය හමුවේ වාඩිවී සිටි සභාපතිවරයාට දුරකථන ඇමතුම සම්බන්ධ කරදුන් අතර  දෙදෙනා අතර සාකච්ඡා වූයේ ඇමතිවරයා මේ බව නොදන්නා බවය. රටේ ඇති තත්වය සලකා බලා වැඩ කරන්නැයි අමාත්‍යවරයා මිනින්දෝරු සංගමයට අවවාද කරද්දි දිගින් දිගටම මිනින්දෝරු සංගමය කියා සිටියේ කාලයක් තිස්සේ සාකච්ඡාවක් ඉල්ලුවද එය නොලැබුණු බවය.

චන්ද්‍රසේන අමාත්‍යවරයා කියා සිටියේ තමන් ගෙන් එවැනි ඉල්ලීමක් සිදුකර නැති බවය. ඒ අනුව හෙට දින 11.00 ට සාකච්ඡාවට පැමිණෙන්නැයි අමාත්‍යවරයා එම සංගමයට මාධ්‍ය හමුවේදීම දැනුම් දුන්නේය.



අදහස් (2)

ශ්‍රී ලංකාවේ ඉඩම් මැනීම කොරියානු සමාගමකට දෙන්න යයි

Demuni Uduwara Tuesday, 09 March 2021 06:25 PM

අපේ රට ද චීනය විසින් පවරා ගනු ඇත. මෙම අනුපාතයට අනුව එය ආසන්නයි.

:       0       1

Paala Tuesday, 09 March 2021 11:44 PM

ඔයාලා හොරා කකා අයිස් ගහ ගහ ඉන්නේ නැතිව හරියට වැඩ කරනවා නම් ඔහොම වෙන අයට දෙන්න වෙන්නේ නෑනේ...

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 536 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 483 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site