(තිළිණි ද සිල්වා)
පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් ශ්‍රි ලංකාව ඇතුළු ආසියා රටවල් 6ක සිට පැමිණෙන ගුවන් මගීන්ට හෝටල් නිරෝධායනය අනිවාර්ය කරමින් කටාර් රාජ්‍යය සිය සංචාරක උපදේශනය යාවත් කාලීන කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව , පකිස්ථානය , බංග්ලාදේශය ,නේපාලය සහ පිලීපීනයේ සිට පැමිණෙන ගුවන් මගීන් ට හෝටල් නිරෝධායනය අනිවාර්ය කරමින් ඊයේ (02)) සිට බලපැවැත්වෙන පරිදි එම සංචාරක උපදේශනය නිකුත් කරනු ලැබ ඇතැයි කටාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග සිටී.
COMMENTS