IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවලට සරිලන පරිදි ජපානය සහායදෙනවා’

‘කොවිඩ්-19’ වයිරස වසංගතය මධ්‍යයේ මහ මැතිවරණය පැවැත්වීමෙන් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් බව පෙනී යන්නේ යැයි ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා කොළඹදී පැවැසීය.

අරලිය ගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවෙමින් ජපාන තානාපතිවරයා ඒ බව කීවේය.

ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවලට සරිලන පරිදි සහාය සැලසීමට හැකි බව ජපාන තානාපතිවරයා මෙහිදි සහතික විය.   

ශ්‍රී ලංකාව සහ ජපානය අතර දීර්ඝකාලීන ද්විපාර්ශවීය සබඳතා තවදුරටත් ඉහළට ඔසවා තැබීමට පියවර ගන්නා බව ද හෙතෙම මෙහිදි කීය.

මහ මැතිවරණයෙන් ලැබූ ජයග්‍රහණයට සහ නැවත වරක් අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම සම්බන්ධයෙන් සුබපැතුම් එක් කරන බවත් කොළඹ ජපාන තානාපතිවරයා කීවේය. ජපාන තානාපතිවරයා මෙහිදි ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ සහ ශ්‍රී ලංකාවේ සාමය ගොඩනැගීම, පුනරුත්ථාපනය සහ නැවත ගොඩනැගීම පිළිබඳ ජපාන රජයේ නියෝජිත යසුෂි අකාෂි යන දෙපළගේ සුබපැතුම් සහිත ලිපි දෙකක් ද අග්‍රාමාත්‍යවරයාට පිරිනැමීය.

ජපාන තානාපතිවරයා, නව ආණ්ඩුවේ ප්‍රමුඛතා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා පැවැත්වූ අතර ශ්‍රී ලංකාවේ සියලු දෙනාට පිරිසුදු පානීය ජලය ලබාදීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරයා මෙහිදි පෙන්වාදුන්නේ ය.

යටිතල පහසුකම්, ජලය, අප ජලය කළමනාකරණය, කෘෂිකර්මය, මානව සම්පත් සංවර්ධන සහ ත්‍රස්තවාදය පිටුදැකීම යන අංශවලින් ද ජපානය, ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කරන බව ජපාන තානාපතිවරයා, අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළේය.

‘කොවිඩ්-19’ වයිරස වසංගතයෙන් පසු කාලය සැලකිල්ලට ගැනීමේදී ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නඟා සිටුවීමටත් ශ්‍රී ලංකාවට ජපාන ආයෝජකයන් ආකර්ෂණය කරගැනීමටත් සහාය දීමට ජපානය සූදානම් බව ද තානාපතිවරයා, අග්‍රාමාත්‍යවරයාට දැනුම් දුන්නේ ය.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර දීර්ඝකාලයක් මුළුල්ලේ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නව ආණ්ඩුව සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට ජපානය ඇප කැපවී සිටින බවත් තානාපතිවරයා තවදුරටත් කීය.

055  



අදහස් (0)

‘ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවලට සරිලන පරිදි ජපානය සහායදෙනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 85 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site