ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (4 වැනිදා) පැවැත්වෙන විස්සයි-20 තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේදී කඩුලු 4 ක් දැවී ලකුණු 196 ක් ලබාගත්තේය.

සියලුම ආකාරයේ විස්සයි-20 තරග සැලකීමේදී අද සිය 500 වැනි විස්සයි-20 තරගයට ක්‍රීඩා කොදෙව් නායක කිරන් පොලාර්ඞ් විස්සයි-20 තරග වලදී සිය 10,000 වැනි ලකුණ ලබාගත්තේ දැවැන්ත හයේ පහරකිනි.

 

ඡායාරූප - චතුර එස්. කොඩිකාර