IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාවට නවසීලන්ත මහ කොමසාරිස්වරයෙක්

(තිළිණි ද සිල්වා)

පළමු වරට  ශ්‍රී  ලංකාව සඳහා  නවසීලන්ත මහ කොමසාරිස්වරයෙකු  පත් කිරීමට එරට රජය පියවර ගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා 1955 දී ආරම්භ කළද මෙතෙක් මෙරටට නවසීලන්ත මහකොමසාරිස්වරයෙකු පත් කර නොතිබුණි

ඒ අනුව ශ්‍රී ලංකා රජය සමඟ එකඟතාවයෙන් යුතුව නවසීලන්ත රජය විසින් මයිකල් එඩ්වඩ් ඇපල්ටන් මහතා මෙරට පළමු නවසීලන්ත මහ කොමසාරිස්වරයා ලෙස පත් කරනු ලැබූ බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් ලෙස පත්වීම ලැබූ එඩ්වඩ් ඇපල්ටන් මහතා ඊයේ(22) ජනාධිපති මන්දිරයේ දී ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූ බවද විදේශ අමාත්‍යාංශ පවසයි.මෙම අවස්ථාවට විදේශ අමාත්‍ය දිනේෂ ගුණවර්ධන මහතාද එක්විණි.

තවද මේ  වසර අග භාගයේ දී කොළඹ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය විවෘත කිරීමට නියමිතව ඇත.

මෙරටට නවසීලන්ත මහකොමසාරිස්වරයකු පත් කිරීම දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳ වැදගත් සන්ධිස්ථානයක් වන බවත් එමඟින් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අන්තර්ක්‍රියා සැලකිය යුතු  අන්දමින් පුළුල් කෙරෙනු ඇතැයි විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.



අදහස් (1)

ශ්‍රී ලංකාවට නවසීලන්ත මහ කොමසාරිස්වරයෙක්

karu Friday, 23 July 2021 11:31 PM

ඔය ඉන්නේ දෙන්නා දෙපැත්තේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site