IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ශ්‍රී ලංකාවට අවේනික -දුර්ලභ නෙළු ශාක විශේෂයක් වසර 50කට පසු හමුවෙයි

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකාවට අවේනික සහ දුර්ලභ නෙළු ශාක විශේෂයක් බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයෙහි වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නාවලකන්ද වනාන්තර පද්ධතියට යාබද වූ ගුලවිට උතුර ග්‍රාමසේවා වසමෙන් හමු වී ඇත.

Strobilanthes rhytisperma යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම නෙළු ශාක විශේෂය 1867 වසරේ දී මධ්‍යම පළාතෙන් සහ 1971 වසරේ දී කළුතර දිස්ත්‍රික්කයේ රන්වල කැලේ රක්ෂිතය තුලින් හමු වී ඇති බව පර්යේෂණ සටහන් තුල සඳහන් වී ඇතත් මේ වන විට එම ශාකය සජීවීව පවතින ස්ථානයක් සොයා ගත නොහැකි බව වාර්තා වේ.

පරිසර ගවේශකයෙකු වන පේශල පසන් කරුණාරත්න මහතා විසින් මෙම ශාකය වලල්ලාවිට  ප්‍රදේශයේදී සොයාගෙන ඇති අතර ඉන්පසු ශාක විශේෂ පිළිබඳ විශේෂඥයකු වන හිමේෂ් දිල්රුවන් ජයසිංහ, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ශාක විශේෂ පිළිබඳ පර්යේෂණ කරන රේණුකා නිලන්ති රාජපක්ෂ සහ නුවන් චතුරංග ජයවර්ධන යන මහත්ම මහත්මීන් විසින් කළ නිරීක්ෂණ මගින් මෙය නෙළු ශාක විශේෂය බවට තහවුරු කර ඇත.

ඒ අනුව මෙම ශාක විශේෂය වාර්තා වී ඇත්තේ වසර 50කට පමණ පසු වන අතර, 2020 රතු දත්ත ලේඛනයට අනුව දැඩි ලෙස තර්ජනයට ලක් වූ ශාකයක් ලෙස මෙම ශාක විශේෂය නම් කර ඇතැයි පේෂල පසන් කරුණාරත්න මහතා පැවසීය.

නෙළු යන නාමයෙන් පොදුවේ හඳුන්වන Strobilanthes ගණයට අයත් ශාක විශේෂ 450ක් ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික සහ ඕස්ටේ්‍රලියානු  කලාපවලින් වාර්තා වී ඇති අතර ඉන් විශේෂ වාර්තා වන අතර ඉන් විශේෂ 27ක් මෙරටට ආවේනික විශේෂයන් බවත් ඔහු සඳහන් කළේය.



අදහස් (0)

ශ්‍රී ලංකාවට අවේනික -දුර්ලභ නෙළු ශාක විශේෂයක් වසර 50කට පසු හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1044 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site