IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකන් ලොක්කෝ කෝප් කමිටුව හමුවට

( +++ සුජිත් හේවාජුලිගේ)

ආන්දෝලනාත්මක එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකන් සමාගමේ ප්‍රධානින් ලබන 19 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවා ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගනුදෙනු සම්බන්ධයෙන් නැවත විමර්ශනයක් පැවැත්වීමට අදහස් කර ඇති හෙයින් එහි මූලික පියවර ලෙස එහි ප්‍රධානීන් කැඳවා ඒ ගැන විමසීමට තීරණය කළ බව කෝප් කමිටුවේ සභාපති ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ලංකාදීපයට ඊයේ පැවැසීය.

මේ සාකච්ඡාවේදී ගුවන් සමාගමේ තවත් ගනුදෙනු කිහිපයක් ගැනද කරුණු සාකච්ඡා කිරීමට නියමිතය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගනුදෙනු පිළිබඳව කෝප් කමිටුව මීට පෙරද විමර්ශනයක් පැවැත්වීය. එයාර් බස් ගනුදෙනුවක් ගැන රටේ ප්‍රබල ආන්දෝලනයක් ඇතිවී තිබෙන හෙයින් ඒ පිළිබඳව කරුණු සොයා බැලීම වැදගත් බවද හඳුන්නෙත්ති මහතා කීවේය.

මේ අතර මෙම ආන්දෝලනාත්මක එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් දිනක විවාදයක් මැතිසබයේදී ලබන 20 වැනිදා පැවැත්වීමට නියමිතය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද ලබන 18 වැනිදා කෝප් කමිටුව හමුවට නැවතත් කැඳවා ඇත.

මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ වෝහාරික විගණන වාර්තාව (Forensic Audit Report) සම්බන්ධයෙන්ද කරුණු සලකා බැලීමට කෝප් කමිටුව තීරණය කර ඇතත් රජයේ මුදල් කාරක සභාව ඒ කාරණය ලබන 18 වැනිදා සලකා බලන හෙයින් ඒ කටයුතු පසුවට කල් දැමූ බව සුනිල් හඳුන්නෙත්ති මහතා කීය.

වෝහාරික විගණන වාර්තාව පිළිබඳවද දෙදිනක විවාදයක් මැතිසබයේදී ලබන 18 හා 19 දිනවලදී පැවැත්වීමට නියමිතය.



අදහස් (0)

ශ්‍රී ලංකන් ලොක්කෝ කෝප් කමිටුව හමුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 919 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site