IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


ශ්‍රී ලංකන් ගුවන් නියමුවන්ගේ සංසදයේ විධායක කමිටුව වෘත්තීය ක්‍රියාමාර්ගයක

( තිළිණි ද සිල්වා)

ශ්‍රී ලංකන් ගුවන් නියමුවන්ගේ සංසදයේ විධායක කමිටුවේ සාමාජිකයින් අකුරට වැඩ කිරීමට ගෙන ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් එම ගුවන් සමාගමේ මෙහෙයුම්වලට දැඩි බාධා එල්ල වී ඇතැයි එම සමාගම් ආරංචි මාර්ග සදහන් කර සිටී.

රාජකාරියේ යෙදී සිටියදී කොවිඩ් ආසාදනය වන ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා විශේෂිත ප්‍රතිකාර පහසුකම් සහිත ස්ථානයක් ගුවන් සමාගම විසින් ලබා නොදීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ශ්‍රී ලංකන් ගුවන් නියමුවන්ගේ සංසදයේ සාමාජික ගුවන් නියමුවන් මෙලෙස අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ග ගෙන ඇතැයි එම ආරංචි මාර්ගවලින් පැවසේ.

ඒ අනුව මේවන විට ශ්‍රී ලංකන් ගුවන් නියමුවන්ගේ සංසදයේ සාමාජිකයින් ගුවන් සමාගමෙන් ලැබෙන ඇමතුම්වලට ප්‍රතිචාර නොදක්වා සිටීම, හදිසි අවස්ථාවක් සඳහා රාජකාරියට වාර්තා නොකිරීම, නිවාඩු දින වල වැඩ කිරීමෙන් වැළකී සිටින බවද එම ගුවන් සමාගම ආරංචි මාර්ග වලින් පැවසේ.

ශ්‍රී ලංකන් ගුවන් නියමුවන්ගේ සංසදය ඉකුත් 04 වැනිදා පැවති රැස්වීමේ මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමර්ගය දී ගනු ලැබු තීරණ සම්බන්ධයෙන් එම සංසදයේ ලේකම් රෙහාන් ගුණරත්න මහතා  සාමාජික ගුවන් නියමුවන්ට නිල වශයෙන් දැනුම් දීමෙන් අනතුරුව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන සිටිති.

ලබන 21 වැනිදා කටුනායක හා මත්තල ගුවන්තොටුපොළවල් විදෙස් සංචාරකයින් සදහා විවෘත වන අවස්ථාවක මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීම ගුවන් නියමුවන්ගේ හිගයකට හේතු විය හැකි යැයි එම සමාගම් ආංරචි මාර්ග වලින් වැඩිදුරටත් පැවසේ.


මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ  ශ්‍රීලංකන් ගුවන් නියමුවන්ගේ සංසදයේ විධායක කමිටුවේ සාමාජිකයින් අකුරට වැඩ කිරීමට ගෙන ඇති තීරණයෙන් ගුවන් සමාගමේ මෙහෙයුම් වලට දැඩි බාධා ඇති වී ඇති බවය.ගුවන් නියමුවන් ඉල්ලා සිටින පහසුකම් ගුවන් සමාගමේ සාමාජිකයන්ට ලබා දීම සඳහා  අදාළ බලධාරීන්ගෙන් දැනටමත් ඉල්ලීම් කළ බවත් ,  ඉක්මනින් එම පහසුකම ලබා දෙනු ඇතැයිද ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම සිය නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටී.

මාර්තු මාසයේ දී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වසා දැමූ අවස්ථාවේ සිට මේ දක්වාම විදෙස් රටවල අතරමං වූ ශ්‍රී ලාංකිකයින් දිවයිනට රැගෙන ඒමේ මානුෂීය ක්‍රියාන්විතයට ද සහයෝගය ලබාදෙමින් සිටින බවද එම ගුවන් සමාගම පෙන්වා දේ.

මාස නවයක කාලය තුළ ගුවන් තොටුපළවල් වසා දැමීම සහ විවිධ රටවල් සංචාරක සීමා කිරීම් හේතුවෙන් ගුවන් සමාගමේ සමස්ත ගුවන් යානා ඇණියම බොහෝවිට ගොඩබස්සවා තැබීමට සිදුව ඇති බවත් , ඒ අනුව දිනකට සිදු කෙරෙන ගුවන් ගමන් වාර ගණන 10 ක් දක්වා අඩු වී තිබෙන එම සමාගම කියා සිටී.

පෙර නොවූ විරූ ආදායම් අහිමිවෙමින් තිබියදී ,මෙම තත්ත්වය මත ගුවන් සේවයට තාවකාලික ගුවන් ගමන් කාලසටහනක් අනුගමනය කිරීමට සිදුවූ අතර, ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් රටේ අවශ්‍යතාවන්ට කඩිනමින් ක්‍රියාකිරීමට සිදුවන බවද ශ්‍රී ලංකන් ගුවන් සේවය කියා සිටී.

ඒ අනුව කොවිඩ් -19 වැළැක්වීම සඳහා බලධාරීන් විසින් නියම කර ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලව කෙටි දැනුම්දීමකින් රාජකාරියට වාර්තා කිරීමට ගුවන් සමාගමේ සියලුම සේවකයින්ට සිදුවන බවත්, එහිදී ගුවන් සේවය ගනු ලබන පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග සහ ගුවන් සමාගම විසින් සෑම විටම සපයනු බවද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

මෙම වසංගතය ආරම්භයේ සිටම ශ්‍රීලංකන් ගුවන් සේවයේ සේවකයින් දැඩි හා අනපේක්ෂිත සේවා පරිසරයක වැඩ කිරීමට සිදුවීම නිසා බොහෝ දුෂ්කරතා විඳදරාගෙන ඇති අතර වැටුප් කප්පාදු හේතුවෙන් ඔවුන්ගේ ආදායමෙන් යම් ප්‍රතිශතයක් ද අඩු වුවද , මූල්‍යමය අභියෝග හමුවේ රජය විසින් ගුවන් සේවය වෙනුවෙන් අයවැයෙන් අවශ්‍ය මුදල් නොවරදවාම ලබා දීම නිසා රට නැවත ගොඩනැඟීම සඳහා රජය ගන්නා උත්සාහයට සහාය වීම සේවකයින්ගේ යුතුකමක් බවද එම සමාගම කියා සිටී.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සේවකයින්ගෙන් එක් කොටසක් හිතාමතාම සමාගමේ සෙසු කැපවී වැඩ කරන වටිනා සේවකයින්ගේ උත්සාහයන් සහ ශ්‍රී ලංකා රජයේ අධිෂ්ඨානය අඩපණ කිරීම පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය සහ ගුවන් සේවය දැඩි ලෙස කලකිරීමට පත්ව සිටින බවද ශ්‍රී ලංකන් ගුවන් සේවය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ

මේවන විට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නියමුවන් තිදෙනෙකුට කෝවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති අතර ඔවුන් තිදෙනා මේ වනවිට ඉරණවිල පිහිටි රජයේ නිරෝධනය මධ්‍යස්ථානයේ රැදී සිටිමින් ප්‍රතිකාර ලබමින් සිටිති.



අදහස් (2)

ශ්‍රී ලංකන් ගුවන් නියමුවන්ගේ සංසදයේ විධායක කමිටුව වෘත්තීය ක්‍රියාමාර්ගයක

Amara Friday, 08 January 2021 09:19 AM

ගුවන් නියමුවන්ට අමුතු කෝවිඩ් හැදිලද වෙනම බේත් කරන්න? ධනපල් පැණිය දෙන්න එහෙනම්...

:       1       3

Prabha Friday, 08 January 2021 09:27 AM

පඩිය ඉතින් භාණ්ඩාගාරයෙන් හරි ලැබෙනවනේ...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1143 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1150 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site