IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ශ්‍රී ලාංකිකයන්ට කටාර් රාජ්‍යයෙන් තාවකාලික තහනමක්

(තිළිණි ද සිල්වා)

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 14 කින් පැමිණෙන පුද්ගලයන්ට අද ( 09) සිට තම රටට ඇතුළුවීම තාවකාලිකව තහනම් කරන බව කටාර් රාජ්‍යය ප්‍රකාශයට පත් කර ඇතැයි කටාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.

කොරෝනා වයිරසය ව්‍යාප්තිය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි   කටාර් රාජ්‍යයේ සන්නිවේදන කාර්යාලය ඊයේ (08) නිවේදනය කළේය.

ලංකාවට අමතරව බංග්ලාදේශය, චීනය, ඊජිප්තුව , ඉන්දියාව , ඉරානය , ඉරාකය, ලෙබනන්, නේපාලය , පාකිස්ථානය, පිලිපීනය, දකුණු කොරියාව , සිරියාව සහ තායිලන්තය යන රටවල පුද්ගලයින්ට ද අදාළ තහනම පනවා තිබේ.

වයිරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ පියවරක් ලෙස කටාර් රාජ්‍ය මෙම පියවර ගෙන ඇති අතර  අත්‍යවශ්‍ය ගමනක් හැර සියලු ගමන් බිමන් වලින් වළකින ලෙස ද කටාර් රාජ්‍ය එරට ජනතාවට දැනුම් දී ඇතැයි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග කියා සිටී.

මේ අතර කොරෝනා වයිරසය පැතිර යාමේ අවදානමක් පවතින බවට සෞදි බලධාරින් කළ දැනුම් දීම්වලට අනුව රියාද් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේ පිහිටි සංස්කෘතික ශාලාව අද (10) සිට නැවත දැනුම් දෙන තුරු සියලු කටයුතු සඳහා වසා දැමූ බව එම තානාපති කාර්යාලය කියා සිටී.

සෞදි අරාබිය එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ ඊජිප්තුව ඇතුළු රටවල් නවයකට සංචාරය කිරීම සිය පුරවැසියන්ට තහනම් කරනු ලැබ ඇති එම රටවලට ගුවන් සහ නාවික ගමන්වාර ද මේ වන විට නවතා දමා ඇතැයි ද වෛරසය පැතිරයාම හේතුවෙන් සෞදි අරාබියේ සියලු පාසල් සහ විශ්වවිද්‍යාල යළි දැනුම් දෙනතුරු වසා දමා තිබෙන බවද රියාද් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසීය.

සෞදි අරාබියේ කොරෝනා ආසාදිතයන් 11 දෙනෙකු වාර්තා වන අතර බොරතෙල් නිෂ්පාදනය කෙරෙන කටීෆ් පළාත ද තාවකාලිකව වසා දමා ඇති බවද විදෙස් මාධ්‍ය කියා සිටී.

කටීෆ් පළාතේ සියලුම පොදු සහ පෞද්ගලික ආයතන ද වසාදමා ඇති බව පැවසේ.



අදහස් (6)

ශ්‍රී ලාංකිකයන්ට කටාර් රාජ්‍යයෙන් තාවකාලික තහනමක්

susantha Monday, 09 March 2020 09:49 AM

මේ අයට මොලේ නැහැ කියන්නේ නිකන්ද? ලංකාව අහවල් එකටද තහනම් කරේ? දැනට කොරෝනා වසංගතය දරුණුවට පැතිරෙන රටවල් වලින් චීනය ඉරානය විතරයි නම් කරලා තියෙන්නේ... ඉතාලිය බ්‍රිතාන්‍ය අසල්වැසි එමීර් රජය සෞදිය නම්කරලා නැහැ. අපේ රටෙන් වාර්තා වුනේ එක රෝගියයි. ඇයත් සුවකරලා චීනයටම යැව්වා.

:       3       169

SLMonday, 09 March 2020 10:52 AM

අපේ ජනාධිපතිතුමා අපිට විශ්වාසයි. තෙල්මිල පොඩිගාණකින් අඩු කරන්නේ නැහැ. අඩුතරමින් Rs 20ක් වත් අඩුකරනවා අපිට ශුවර්, මොකද ජනාධිපතිතුමා ජනතාවගේ දුක දන්නවා.

:       159       191

Aris Monday, 09 March 2020 09:55 AM

ලංකාවේ කොරෝනා නැත්නම් ඇයි මේ තහනමක් දාලා තියෙන්නේ? කොරෝනා තියන යුරෝප් රටවල් වලට නම් තහනම් දාලා නැහැ...

:       21       172

Samantha Monday, 09 March 2020 10:10 AM

තවම එක රෝගියෙක්වත් නැති ලංකාවේ පුරවැසියන්ට කටාර්වලට ඇතුල්වීම තහනම්... නමුත් රෝගීන් දහස් ගණනක් ඉන්න ඉතාලි වැසියන්ට ඇතුල්වීමට කිසිම බාධාවක් නැහැ. මොවුන්ගේ ධීනභාවය ඉතා පැහැදිලිය..

:       43       224

ranasinghe Monday, 09 March 2020 11:28 AM

අධික ජනගහනයක් මේ රටවලින් දිනකට පැමිණෙනවා මේ නිසා නිරෝධයන කටයුතු අපහසු වෙනවා. නැතිව තරහට නොවේ නේපාලයේත් රෝගීන් නැහැ.

:       209       309

ලියන්නා Monday, 09 March 2020 02:41 PM

රටේ කොරෝනා රෝගීන් නැති තත්ත්වයක් තුළ මෙලෙස තහනම් කිරීමට හේතුව කුමක්ද? සෞඛ්‍ය අංශ වහාම මේ ගැන ප්‍රකාශයක් නිකුත් කළ යුතුයි. දොස්තර සංගමය තව දුරටත් සැඟව සිටියි.

:       32       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 197 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 376 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 384 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site