( තිළිණි ද සිල්වා)

ශ්‍රී ලාංකිකයින් සඳහා කටාර් රාජ්‍යයේ වැඩි රැකියා අවස්ථා ලබා දීමට එරට රජය අපේක්ෂාවෙන් පසුවන බව ශ්‍රී ලංකාවේ කටාර් තානාපති ජසින් බින් ජාබීර් ජසීම් අල් සොරූර් මහතා පැවසීය.

කටාර් තානාපති විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමුවී පැවති සාකච්ඡාවකදී මේ බව දැනුම් දී තිබේ.

කටාර් රාජ්‍යයේ ආර්ථික හා සමාජයීය සංවර්ධනය සඳහා ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවක ප්‍රජාව ලබා දුන් වටිනා දායකත්වය පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් කළ කටාර් තානාපතිවරයා , ශ්‍රී ලාංකිකයින් සඳහා වැඩි රැකියා අවස්ථා ලබා දීමට ඔවුන් අපේක්ෂාවෙන් පසුවන බව ප්‍රකාශ කළේය.

ඒසේම දෙරට අතර ව්‍යාපාරික නියෝජිතයින්ගේ නිතිපතා හුවමාරු කරගැනීමෙන් වෙළෙඳ හා ආයෝඡන යන අංශ දෙකෙහිම අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක හවුල්කාරිත්වය තවදුරටත් ව්‍යාප්ත කිරීමට පහසුකම් සැලසෙන බව අමාත්‍යවරයා සහ කටාර් තානාපතිවරයා මෙහිදී කරුණු සාකච්ඡා කළහ.