(අංජුල මහික වීරරත්න)
කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව රාජපක්ෂ රජයේ දරුණු පරාජයක් පෙන්නුම් කරතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දුන් තීන්දුව හරහා අධිකරණය බලය බේරා ගැනීමට සහ මැති ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් ප්‍රමුඛ ව්‍යවස්ථාදායකය ආරක්ෂා කර දීමට පියවර ගෙන ඇතැයි ද රනිල් වික්‍රමසිංහ මහතා කියයි.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ කරුණු සඳහන් කළේ සූම් තාක්ෂණය ඔස්සේ කොළඹ සිට එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමඟ පැවැති සාකච්ඡාවේදීය.
එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ගත යුතු පියවර දැනුම් දීමට සාකච්ඡාව සංවිධාන කර තිබිණි.
ශ්‍රී ලංකාව මුල් කරගනිමින් කලාපයේ මූල්‍ය මධ්‍යස්ථානය ඇති වනවාට කැමැති වුවද රාජපක්ෂ පාලනය යටතේ ඉන්දියානු ව්‍යාපාරිකයන් වරාය නගරයට නොඑන හෙයින් ශ්‍රී ලංකාවේ පොට් සිටිය චීනයට විශාල පාඩුවක් වනු ඇතැයිද‘‘ රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිසා පැය විසිහතරෙන් හෝ සුමාන දෙකෙන් හෝ කිසිදු අයෙකුට වරාය නගරයේ ආයෝජන කටයුතු සඳහා අනුමැතිය නොලැබෙනු ඇතැයි‘‘ ද රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.
වරාය නගරයේ සියලු බලතල එකවර ගැනීමට දැරූ අත්දැකීමෙන්, පළපුරුද්දෙන් තොර වෑයම නිසා රජය මේ දරුණු පරාජයට මුහුණ දුන්නැයි ද, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවැසීය.
COMMENTS
ඊට කලින් තමුන්ගේ පක්ෂයෙන් පත්වූ එකම මන්ත්‍රී ධුරයට පාර්ලිමේන්තු යන එකෙක් යැව්වා නම් නේද හොඳ...?
ඔයාගේ කාලේ හදපු පනතම නේද මේ?
"රාජපක්ෂලාගේ ආණ්ඩුවට දරුණු පරාජයක්" කියමින් "රනිල්ගේ" පක්ෂය අති විශිෂ්ඨ ජයක් ලැබුවා ලෙස පෙන්වාදීමට සුත්තර පුංචා උපරිම උත්සාහයක් ගෙන ඇතිබවක් නම් හොඳින්ම පැහැදිලියි..
ඔන්න ඕවාට තමයි අර කියමනක් තියෙන්නේ අනුන්ගේ ඇහේ පොල් කෙන්ද පේනවා කියලා. තමන්ගේ ඇහේ තියෙන පරාලේ දකින්නේ නැතිව. ඉස්සරවෙලා බලන්නකෝ තමනට වෙච්චි දේ ගැන...!!!
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිසා පැය විසිහතරෙන් හෝ සුමාන දෙකෙන් හෝ කිසිඳු අයෙකුට වරාය නගරයේ ආයෝජන කටයුතු සඳහා අනුමැතිය නොලැබෙනු ඇත.
එහෙනම් ආයෙත් ඔලුව දාගන්න පුළූවන් වෙයි නේද? අනේ ඇම්ඩෝ දැන්වත් දේපළ දන්දීලා තපසට ගියා නම් නේද හොඳ?
තමුන්ගේ කාලේ නම් ඔක්කොම අනිවාර්ය විශ්‍රාම යන්න තිබ්බා. මතකයි කරපු වින්නැහියවල් රටටම.. ඒකනේ ඇප නැතිවම ගෙදර යැව්වේ. විලි ලැජ්ජයි...
හීනෙන් දොඩවනවද කොහෙද? දොයි දොයි, දොයිය බබෝ... හම්බන්තොට වික්කා බබෝ... වෙන මොකවත් නෑනේ බබෝ... ජෙප්පොත් දැන් අඬයි බබෝ...!!!
ඔහෙලා හම්බන්තොට විකුණලා චෙක් එක අරන් සෙල්ෆි ගහනකොට නම් අධිකරණ තීන්දු අාවේ නෑ.. අධිකරණෙන් ඇහුවෙත් නෑ... ඒ නිසා තමා දරුණු පරාජයක් ඔහෙට ලැබුණේ... මේ මනුස්සයා හොඳ දැනුමක් තියෙන මනුස්සයෙක් වුණාට මොනවද කරන්නේ කියන්නේ කියලා දන්නේ නෑ...
බැංකු හොරා කරෙන් සහ මූණෙන් පෙනේ. මහ බැංකුව හොරාකාලා යාලුවට රට පැනලා යන්න උදව් කරපු අය යන්න.
මෙයා හිටියනං කරන්නේ මුළු පෝර්ට් සිටියම අවුරුදු 199ට දීලා ලොකු ගාණක චෙක් එකක් ගන්න එක...
අධිකරණ තීන්දුව යෝජක පාර්ශ්වයේ පරාජයක් බව ඇත්ත... අනේ ඉතින් දැන්වත් තමුන්ට හිමිවුණු එකම ජනවරම පිළිගෙන පාර්ලිමේන්තුවට යන්නකෝ... අන්න එතැනදි තමයි පවතින ආණ්ඩුව පරාජය කළ යුත්තේ... බොරුවට එළියේ කෑ ගහගහ ඉන්නේ නැතුව...
පැරදුණු නුඹලාටත් මාධ්‍යයෙන් අවස්ථාව දෙනවා කියන්නේ තනිකරම මුදලට කඩේ යාමක්... අන්තිම දවස් ටිකේ... පල්ලිවලට වෙලා ඉන්නේ නැතිව...
මොහු තවම සිතා සිටින්නේ තමන්ගේ පක්ෂයේ මන්ත්‍රී ගණන එකට බස්සවා ගැනීම මහා ජයග්‍රහණයක් කියායි.
රාජපක්ෂලාගේ බලාපොරොත්තු වලපල්ලට යන හැඩයි.
අනේ ඉතින් ඔහෙත් අර අට පාස් විපක්ශ නායකයාගේ ගානටම වැටෙන්න හදනවනේ ගොන් කතා කියලා...