(අජන්ත කුමාර අගලකඩ)
පුරප්පාඩු වී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ධූරය සඳහා අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මියගේ නමද අභියාචනාධිකරණ විනිශ්චයකාර ධූරය සඳහා මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මියගේ නමද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත නිර්දේශ කර යවනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එම නම් අනුමත කර ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට (25) රැස්වීමට නියමිතය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර නලීන් පෙරේරා මහතා අග්‍රවිනිශ්චයකාර ධූරයට පත්වීම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ධූරයක් පුරප්පාඩු විය.
එම පුරප්පාඩුවක් සඳහා අභියාචනාධිකරණ විනිශ්චයකාර දීපාලි විජේසුන්දර මහත්මියගේ නම ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලැබ ඇත.
දීපාලි විජේසුන්දර මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කර යැවීමෙන් පුරප්පාඩු වන අභියාචනාධිකරණ විනිශ්චයකාර ධූරය සඳහා මහාධිකරණ විනිශ්චයකාර සරෝජනී කුසලා වීරවර්ධන මහත්මියගේ නම ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර යවනු ලැබ ඇතැයි දැනගන්නට තිබේ.
COMMENTS
අන්න හරි. පිටින් හරි නීතිපති දෙපාර්තමේන්තුවෙන් හරි ගේන්නෙ නැතුව පහළ අධිකරණවල ජ්‍යෙෂ්ඨ විනිසුවන්ගෙන් පුරප්පාඩු පිරවීම ඉතාම අගෙයි.
දෙදෙනාම අධිකරණයේ ගෞරවය කෙලෙසූ විනිසුරන්. ජනාධිපතිගෙන් මීට වඩා යමක් බලාපොරොත්තු විය නොහැකිය
අධිකරණයත් කාල රටත් කනවා.
දීපාලි විජේසුන්දර මහාධිකරණ විනිසුරුවරියකව සිටියදී ඇයගේ දියණියගේ විවාහ මංගල උත්සවයට අත්සන් තැබීමට ආරාධනා කරන ලද්දේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂට ය. (එය විනිසුරු සදාචාරය උල්ලංඝනය කරන්නකි) විවාහයට අත්සන් කිරීමෙන් පසු මහින්ද මහතා රුපියල් දස ලක්ෂයක කෑෂ් චෙක් පතක් මනාලිය අත තැබුවේ ය. විවාහය නිමා වීමෙන් පසු අලුත්ම අලුත් ලියාපදිංචි නොකළ බෙන්ස් රථයක් ත්‍යාගයක් ලෙස දීපාලිගේ නිවසට යැව්වේ ය.මේවා අල්ලස් ගැනීම් මිස අනෙකක් නොවේ. මේ අල්ලස් ගැනීම් සිදුවූයේ ඇය සරත් ෆොන්සේකාගේ සුදු කොඩි නඩුව විමසන අතරවාරයේ දී වීම තවත් බරපතල ය.ඇයට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් සහ සුදුසුකම් වලින් පිරි විනිසුරුවරුන් 7 දෙනෙකු සිටියදී මහින්ද රාජපක්ෂ ඇයව අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස පත් කළේය